Guys i pad ios version eka 9 වගේ තියන එකක් icloud lock එක bypass කරන්න method එකක් තියනවද. මේක 2012 ipad mini එකක්. මේ මගුලෙ තිබුන icloud එක මතක නෑ මට. Youtube එකෙන් methods තිබුන ඒව try කලා එකක්වත් හරිගියෙ නෑ. Pay කරල හරි මේක ගොඩදාගන්න විදියක් තියනවද? ගෙදරට එනව කාලෙකට පාරක් අසරන උන අම්ම කෙනෙක් එයාට ලමයි තුනක් ඉන්නව. මේ මනුස්සය ගම වටෙන්ම එක එක දේවල් එකතු කරන් යනව අපිත් ඉතිං හාල් පොල් එහෙම හුගක් වෙලාවට දෙනව. ඒ ලමයින්ගෙ තාත්ත මේ ගෑනුකෙනාව අතඇරල දාල ගිහින්. ඉතිං මෙයා හිගාකන්නෙ නැතුව මිනිස්සුන්ට හදුන්කූරු විකුනනව. ඒ ආව ගමනක අපේ ඉඩමෙ අය එක්ක කතාකරල තමයි මෙයාගෙ විස්තර දැනගෙන මෙයාලට උදව් කරන්නෙ. ඒ ලමයින්ට zoom යන්න phone මොනවත් නෑ. මම බැලුවෙ මේ අයින් කරල තිබුන එක හදල එයාලට දෙන්න කියල. මොකද මේ වෙලාවෙ මට එයාලට phone එකක් අරන් දෙන්න තරන් අතේ ලොකු ගානක් නෑ. ඒ නිසා පොඩ්ඩක් මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න මෙතඩ් එකක්. ලොකු පිනක්.