malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ටොන්‍යා හාර්ඩින් ඈමරිකානු ඉතිහාසයේ බිහිවුනු දක්ෂතම හිම ක්‍රීඩිකාවක්. ඈය හා සමග තරග වෑදුන තවත් ඈමරිකානූ ක්‍රීඩිකාවකට පහරදීම නිසා ඈතිවූ සිද්ධිය වටා තමා මේ චිත්‍රපටය ගොඩ නෑගෙන්නේ. මේ සිද්ධිය ගෑන වාර්තා වෑඩසටහන් රෑසක් නිෂ්පාදනය වෙලා තියෙනවා.ඒ කාලයේ මාධය මගින් කලු චරිතයක් බවට ඈයව පත් කලා. මේ චිත්‍රපටය ඈගේ කතාවයි







    පහල තියෙන්නේ මේ සිද්ධිය පිලිබදව සහන් කසීරගේ බ්ලොග් එකෙන් කොපි කරපු විස්තරේ. සිද්ධිය ඈති වුනේ ජනවාරි 7 දිනයකයි



    https://sahankaseera.blogspot.com/2018/01/07.html


    වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය. ඒ සඳහා පුහුණු වෙමින් සිටි නැන්සි ගේ දණහිසට එල්ල වූ පොලු පහරත් සමග 1992 වසරේ ප්‍රංශ ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම් ලාභිනිය වූ ඇයගේ ඔලිම්පික් අපේක්ෂාව බිඳ වැටිණ. " මට ඇයි ? " ප්‍රහාරයෙන් පාදය බිඳුණු නැන්සි එතැන බිම වැටී වේදනාවෙන් විලාප දුන්නාය. ඇයගේ සහභාගීත්වයෙන් තොරව පැවති ජාතික සූරතාවලිය ටොන්‍යා හාර්ඩින් (Tonya Harding) විසින් ජයග්‍රහණය කර ඔලිම්පික් වරම් ලැබුවාය.


    දින පහකට පසුව එනම් ජනවාරි 11 වැනිදා අත් අඩංගුවට ගැණුනු සැකකරු පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ ජෙෆ් ග'ලූලි (Jeff Gillooly) බවය. ජෙෆ් යනු එවර ඇමරිකානු සූරතාවලිය ජය ලැබූ ටොන්‍යා හාර්ඩින් ගේ සැමියා වන නුමුදු ඔවුන් නීතියෙන් වෙන්ව සිටියහ. ජනවාරි 18 වැනිදා ප්‍රශ්න කිරීමට ලක්වන ටොන්‍යා පවසන්නේ තමා මේ ප්‍රහාරය සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි. එමෙන්ම තම පෙර සැමියා මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි සනාථ වුවද තමා එම සිදුවීමට අදාල නොවන බව ටොන්‍යා තරයේ ප්‍රකාශ කළාය. මේ අනුව ක්‍රියාත්මක වන පොලිසිය ජෙෆ් ගලූලි ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට යාමේදී ජෙෆ් විසින් පාපොච්චාරණයක යෙදේ. ඒ අනුව මෙය ටොන්‍යා හාර්ඩින් ගේ උවමනාව මත සිදු වූ පහරදීමකි. වහා ඉදිරියට පැමිණෙන ටොන්‍යා තමාට මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව කලින් ආර්ංචි වූ නුමුදු , එය බලධාරීන්ට දැනුම් නොදුන් බවත් ප්‍රකාශ කරන්නීය. මෙහෙයුමේ වටිනාකම ඩොලර් ලක්ෂයකි. අරමුණ වන්නේ නැන්සි කෙරීගන්ගේ දකුණු කකුල බිඳ දමා ටොන්‍යා ඇමරිකාව වෙනුවෙන් 1994 නෝර්වේ ශීත සෘතු ඔලිම්පික් තරග කිරීමට සැලස්වීමය.


    නමුත් ඒ වන විටත් ඇමරිකානු ක්‍රීඩා බලධාරීන් ඔවුනට හිමිවන කෝටාව මත ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩිකාවන් දෙදෙනාම නම් කර යවා තිබිණ. ඇමරිකානු ඔලිම්පික් කමිටුව ටොන්‍යා හාර්ඩින් කණ්ඩායමෙන් නෙරපීමට උත්සාහ ගත්තද ටොන්‍යා එම තීරණයට එරෙහිව අධිකරණ නියෝගයක් ගෙන 1994 පෙබරවාරියේ පැවතෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලට වරම් ලබන්නීය.
    ඔලිම්පික් උළෙල නිමවන්නේ ඉතිහාසයට පාඩමක් සපයමිනි.ටොන්‍යා හාර්ඩින් ආරම්භයේදීම අසාර්ථක වූ අතර තරගය මැදදී හඬාවැටෙන ඇය සිය සපත්තුවේ ලේස් බැඳීමේ දෝෂයක් ඇතැයි විනිසුරුවරුන්ට පෙන්වා නැවත වරක් තරග වැදීමට අවස්ථාව හිමි කර ගන්නීය. නමුත් දුර්වල ලෙස තරග වැදුණු ඇයට හිමි වූයේ අට වැනි ස්ථානය ය. ඒ අතර සාර්ථකව තරග වැදුණු නැන්සි කෙරීගන් රිදී පදක්කම ඇමරිකාව වෙත ගෙන යන්නීය. එම වසරේම ජූනි මාසය වන විට ටොන්‍යා හාර්ඩින්ගේ ඉරණම ඇය පසුපස හඹ එන්නට විය. පළමුව ඇය ලද ඇමරිකානු සූරතාවය අහිමි කරන බලධාරීන් සදාකාලිකවම ඇමරිකාව වෙනුවෙන් ඔලිම්පික් තරග වැදීම වලක්වාලමින් වාරණ නියෝගයක් පැනවීය.



    උපන් රටේ අනෙක් ක්‍රීඩිකාවගේ පාදය බිඳ දමා ඇයගේ තැන ගන්නට උත්සාහ කරන ඇමරිකානුවන් දෙස අවඥාවෙන් බලන අපට හමුවන්නේ ඊට නොදෙවෙනි දූපතකි. ඇමරිකාවේ අධ්‍යාපනය ලබන ඇන්ඩෘ අබේසිංහ තම මව් රටට පැමිණ 2006 සාග් තරගයේ පිහිනද්දී "කමෝන් ඇමරිකා " යනුවෙන් අවඥාවෙන් කෑ ගසන්නේ තේරීම් තරග වලින් ඉවත් කෙරුණු ලංකාවේ දරුවන්ගේ දෙමාපියන් ය. ජාත්‍යන්තර පිහිණුම් නිර්ණායකයන් ට අනුව 2008 ඔලිම්පික් වයිල්ඩ් කාර්ඩ් සහනය හිමිවන ක්‍රීඩිකාව ලෙස මයුමි රහීම් බව නම් කර තිබියදීත් මිනිරුවනි සමරකෝන් සමග තේරීම් තරගයක් පවත්වන්නට අවශ්‍යයැයි අණ කරන ක්‍රීඩා ඇමති සිටින්නේ ශ්‍රී ලංකාවේය. සාග් තේරීම් තරග වලට ඇමරිකාවේ සිට පැමිණි ඇන්ඩෲ ට කළ පරිද්දෙන්ම එම වලංගුභාවයකින් තොර තේරීම් තරගයට සිංගප්පූරුවේ සිට පැමිණි මයුමි රහීම්ස්ව කිහිප වරක් රස්තියාදු කරවන්නේ ද ශ්‍රී ලංකාවම ය. සුගතදාස තටාකයේ ජලය අපවිත්‍ර බව පවසා තේරීම් තරගය කල් දමා සිංගප්පූරුවේ සිට ගෙන්වූ පාසැල් ක්‍රීඩිකාව පීඩාවට පත් කරන්නේ ද ලංකාවම ය. 2000 වසරේ ඔලිම්පික් පිහිණුම් වයිල්ඩ් කාර්ඩ් අවස්ථාව වෙනුවෙන් තේරීම් තරග ජයගත් තීක්ෂණා රත්නසේකරට තරග වැදීම තහනම් කරන්නට යැයි අධිකරණ නියෝගයක් ඉල්ලු රදීෂා දළුවත්ත සිටින්නේ ද ශ්‍රී ලංකාවේය. 2010 සාග් උළෙලේ ටයිකොන්ඩෝ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ කේෂියා සුහේල් හට තරග වදින්නට නොදෙන ලෙස ලිඛිත පැමිණිල්ලක් කරමින් සාග් ඉතිහාසයේ මුල්වරට තම රටේම ක්‍රීඩකයෙක්ට විරෝධතාවක් ගොනුකළ කණ්ඩායම් කළමණාකරු ලෙස ඉතිහාසගත වූ සුජීව ප්‍රනාන්දු සිටින්නේද ශ්‍රී ලංකාවේම ය. මීටර 800 කාන්තා ඉසව්වේ වසර 24 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව නිමාලි සූරියාරච්චි විසින් යාපනයේ දී බිඳ හෙළන විට ජාත්‍යන්තර සම්මතයන්ට පවා එරෙහි වෙමින් එම වාර්තාව පිළිගත නොහැකියැයි අදහස් දක්වන පැරණි වාර්තා ලාභිනිය ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහ සිටින්නේ ද ශ්‍රී ලංකාවේ ය.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේ චිත්‍රපටයේ සදහන් වෙන එක දෙයක් තමා Triple Axel Jump. එය මෙම ක්‍රිඩා ඉසව්වේ කල නොහෑකි දෙයක් ලෙස තමා හෑදින් වෙන්නේ. මේ දක්වා කාන්තාවන් 6 දෙනක් පමණක් එය කර ඈති බවයි සදහන් වෙන්නේ ටෝන්යා ඉන් එක් අයෙක්. ඈය ඒතරම් දක්ෂයි


    මේ තියෙන්නේ







    ඈයි ඒක ඒ තරම් අමාරු

     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oka hati bn ape rate thawa ekek anith ekata hariyanwata kemathi neh mata unath sport waladi mehema una

    sir ge putha kapuna man sellam karana hoda nisa sir paliya gatta magen ape gedarata boru kiyala wade lesi