FCID

Junior member
  • Sep 11, 2016
    50
    26
    18
    ICBT උපාධිය ප්‍රමිතියෙන් තොරයි.


    බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ICBT කැම්පස් ආයතනය ( International College of Business and Technology ) නිකුත් කරනු ලබන උපාධි ප්‍රමිතියෙන් තොර බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    කොළඔ, නුගේගොඩ, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, යාපනය, මඩකලපුව යන නගරවල මෙහි ශාඛා ඇති අතර මෙම ආයතනයේ හිමිකරුවන් වන්නේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බවත්, සෙලින්කෝ ඡාලයේම මුදල් මෙහි ඇතැයි ද එහි දැක්වේ.

    අදාළ සමාගමේ මූලස්ථානය පිහිටි බම්බලපිටියේ දේශන පවත්වන ස්ථානයේ ගොඩනැගිල්ල සදහා කොළඔ නගරසභාවෙන් අනුකූලතා සහතිකය ද ලබා ගෙන නැතිබවට චෝදනාවක් එල්ල කර ඇති අතර ඒ අනුව එහි දේශන පැවැත්විය නොහැකි බවද කියවේ.

    ශ්‍රී ලංකාවේ වලංගු නීතියට අනුව උසස් ජාතික පාඨමාලාවන් (HND) පවත්වා සහතිකපත් නිකුත් කළ හැක්කේ රජයේ අධ්‍යාපන ආයතනවලට පමණක් බවත්, දේශීය පෞද්ගලික ආයතනවලට උසස් ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා ගෙන යාම සහ සහතිකපත් නිකුත් කිරීම නීති විරෝධී බවද එම නිවේදනයෙන් වැඩි දුරටත් දක්වා ඇත.

    එහෙත් ICBT කැම්පස් ආයතනය සිසුන් හා දෙමාපියන් මුලා කරමින් උසස් ජාතික පාඨමාලා පවත්වාගෙන යන බවත්, ICBT කැම්පස් යන ආයතනය විසින් කරගෙන යනු ලබන මෙම නීතිවිරෝධී ක්‍රියා නවතා දමන ලෙස තෘතීයික අධ්‍යාපන කොමිසම (TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION) ICBT කැම්පස් ආයතනයට කිහිපවරක් දැනුම් දුන්නද මෙම ආයතනය තවම ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා සහතිකපත් නිකුත් කරන බවද පැවසේ.

    විදේශයක උසස් අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා මෙරටින් පිටව යන සිසුන් ICBT කැම්පස් ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත් තෘතියික අධ්‍යාපන කොමිසමෙන් සහතික කිරීම සදහා ඉදිරිපත් කල විට ICBT කැම්පස් ආයතනයට ජාතික පාඨමාලාවන් පැවැත්වීම සදහා බලයක් නොමැති බැවින් එසේ සහතිකපත් සහතික කිරීම ප්‍රතික්ෂේඵ කර ඇති බවත්, ඒ පිළිබදව සිසුන් විසින් බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලිකර ඇති බවත් පැවසේ.

    ICBT කැම්පස් ආයතනය පිළිබදව ඇති තවත් චෝදනාවක් වන්නේ ඉහළ කළමනාකාරිත්වත්වය ඇතුලු බොහෝ දේශකයන්ට නියමිත සුදුසුකම් නොමැති බවයි.


    source : lankagossipking.com
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    HND වලට ඉස්සර දුන්නේ edexcel දැන් දෙන්නේ cardiff . උසස් අධ්‍යාපනය සඳහා මෙහෙන් යනවා නං මෙහෙ HND කරපු උන්ට යන රටේ Cardiff දෙන ඩිග්රි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. උන් ඒකත් කරලා දෙනවා. එහෙම ගිය උනුත් ඉන්නවා.






    මේක මන් නොදන්නා නිසා අහන්නේ මොකටද ප්‍රයිවට් කැම්පස් එකක HND එකක් රට යද්දී TVC එකෙන් approve කරගන්න ඕන වෙන්නේ ? NVQ කියන්නේ වෙනම stream එකක් නේ .
     

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    HND වලට ඉස්සර දුන්නේ edexcel දැන් දෙන්නේ cardiff . උසස් අධ්‍යාපනය සඳහා මෙහෙන් යනවා නං මෙහෙ HND කරපු උන්ට යන රටේ Cardiff දෙන ඩිග්රි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. උන් ඒකත් කරලා දෙනවා. එහෙම ගිය උනුත් ඉන්නවා.






    මේක මන් නොදන්නා නිසා අහන්නේ මොකටද ප්‍රයිවට් කැම්පස් එකක HND එකක් රට යද්දී TVC එකෙන් approve කරගන්න ඕන වෙන්නේ ? NVQ කියන්නේ වෙනම stream එකක් නේ .


    අනේද කියන්නේ බන්....ඕක UK වල Valid ලංකාවේ TVC එකේ seen එක ගැනනම් දැන් නෑ...ඔය fake news එක sure එකටම අන්තරේ උන්ගේ වැඩක් :lol::lol::lol: උන් ගියපාර SLIIT එකටත් ඔය වගේම කෙලින්න ගියා...අන්තිමට වැඩ වැරදුනා :lol: රජයේ කුහකයන්ගේ ඔය Advanced diploma එකට වඩා නම් මේක 1000% Internationally Valid.
     

    Similar threads