Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    හරි IELTS exam එක ගැන මම දන්න දේවල් ටික කියන්න තමා මේ thread එක දැම්මේ..




    මුලින්ම බලමු මොකද්ද IELTS කියන්නෙ කියලා..
    International English Language Testing System



    මූලික වශයෙන් මේකෙ Module දෙකක් තියනවා

    1. Academic
    2.General


    Academic

    සරලවම කීවොත් ඉගනගන්න යනවන්ම් මෙ module එක තමා කරන්න ඔනෙ..

    General

    PR ගන්න හරි Job එක්කට හරි යනවන්ම් module මෙ එක කරන්න ඕනෙ

    Academic General කියලා එන ප්‍රශ්න වල ලොකු වෙනසක් නෑ but Academic එක General එකට වඩා අමාරුයි.. examiners ල Academic කරන අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා General අයට වඩා

    දැන් බලමු exam එක කොහොමද තියෙන්නෙ කියලා

    මූලිකවම IETS exam එකේ overview එක

    Writing
    Speaking
    Reading
    Listening



    dNHYR50.jpg

    Total time : 2h 45min​


    දැන් බලමු IELTS preparation courses ගැන

    දැනට ලංකාවෙ ගොඩක්ම ප්‍රසිද්ධ

    British Council
    ACTBT
    IDP එකයි.


    ඊට අමතරව තව ගොඩක් තැන් තියනවා ඒ වගේම ගොඩක් experiences තියන lecturers ලත් වෙනම පංති කරනවා ගොඩක් තැන්වල..


    මගෙ අත් දැකීම ගැන කියනවනම්, මං ගියේ British Council ලගෙ preparation course එකට. Course එක ගැන කියනවනම්,

    Course fee : Rs. 29000 (Dec.2018)
    Duration : 25 h (5 weeks)


    මෙහෙමයි මෙයාලා මුලින් කියන්නෙ course එකේදි personal feedback එකක් දෙනවා ඒ වගේම library එකට free access දෙනවා ඔනෙම දෙයක් අහන්න පුලුවන් කියලා but එ කියන තරම් ඒ දේවල් practical නෑ.. මං දෙතුන් සැරයක් ගෙදරදි practice කරල essay/letters ගිහින් දුන්නා අපිට හිටපු lecturer ට එක එක සැරයක් දුන්නම කීව දැන් ටිකක් හදිස්සි next week බලන්නම් කියල , තවත් පාරක් මං essay එකක් ගිහින් දුන්නම උඩින් පල්ලෙන් බලලා බයිලා ගැහුවා පොඩිම පොඩි grammar mistake එකක් ගැන..

    ඉතින් කියන්න තියෙන්නෙ මෙයාලා කියනවා වගේ personal feedback දෙන්නෙ නැ බට් මෙ preparation course එකේදි එයාල IELTS exam එක ගැන වටින වගේම ගොඩක් වැදගත් කරුණු එක්ක exam එකේ ප්‍රශ්න එන්නෙ මෙහෙමයි මෙ එක එක ප්‍රශ්නෙට උත්ත් කරන්නෙ මෙහෙමයි කියල කියල දෙනවා, basically කීවොත් මෙයාල මෙතන guide lines දීල IELTS exam එකෙ use කරන්නන ඔනෙම technique ටික කියල දෙන එක විතරයි.. Grammar/Spoken ඉගැන්වීමක් කරන්නෙ නැ කොහෙත්ම.. but course එකේදි speaking,listening,reading and writing ඔක්කම practice කරනවා groups දාලා. (ආ.. අමතක උනා මෙයාලා Cambridge IELTS 9 Student's Book එක ගන්න කියනවා.. මෙයාල නම් විකුනන්නෙ Rs.1800 ට but අපිට එ book එකෙන් එක essay එක්කුයි එක letter එක්කුයි විතරයි කරේ)


    මෙ හැමදෙම ගැන බලලා මගෙ අදහස කෙටියෙන්ම කීවොත්, British Council එක IELTS preparation course කරන එක තෙරුමක් නෑ, ඒ ගෙවන ගානට පට්ටම පාඩුයි!


    ඔයාල සාමන්‍යයෙන් 6. වගෙ band score එකක් බලාපොරොත්තු වෙනවන්ම් net එකේ ඔනෙතරම් resources තියනවා, ඒවගෙන් match ගහන්න පුලුවන් ලොවෙත් but ඔයාගෙ දැන් තියන English knowledge එක බලපානවා !

    ගොඩක්ම අය අඩුවෙන්ම score කරන්නෙ writing task 2 කෙන්.. 6.5 වලට උඩින් වගේ score එකක් ගන්නනම් හොඳ lecturer කෙනෙක් හොයාගන්න එක හොඳයි self-study වලට වඩා මොකද එතකොට දෙතුන් පාර වියදම් කරලා exam කරන්න ඔනෙ වෙන්නෙ නෑ එක සැරෙන් ගොඩ දාගන්න පුලුවන්​

    ඉතින් British council ගැන කියනවනම් ඔය විස්තරේ තමයි කියන්න තියෙන්නෙ.. තව ගොඩක් අය කියනවා ACBT එකේ IELTS preparation course එක හොඳයි කියලා. දන්න කෙනෙක් ගෙන් අහලා ඒ ගැනත් විස්තර ටිකක් මේ කෙ කොටාගෙන යන්න හම්බුනොත්

    කියන්න බැරිඋනා IELTS exam එකේ ගාන Rs.24100.

    තව දෙයක් දැන් Computer Delivered IELTS කියලා එක්කුත් තියනවා එකෙදි වෙන්නෙwriting task 2ක අපිට Computer එකෙන් type කරලා exam එක කරන්න දෙන එක. Typing පුලුවන් නම් මේ ක්‍රමය ගොඩක් වටිනවා, මොකද? ගොඩක් වෙලාවට අපිට අතින් ලියද්දි ප්‍රශ්නයක් වෙන්නෙ time එක, typing පුලුවන් කෙනෙක්ට ලොකුවටම time එක ඉතුරුකරගන්න පුලුවන්.අනික handwriting එහෙම අව්ල් නම් එකටත් මේක හොඳ විසඳුමක්.

    :yes:Self-study කරන අයට මං පාතින් දාන websites/resources ගොඩක් වටී කියලා හිතෙනවා :yes:
    මං නම් මෙවගෙන් ලොකු දෙයක් කරගත්තා course එක follow කරාට වඩා.


    http://ieltsliz.com/
    IELTS Liz මෙයාගේ Advanced IELTS videos ටිකක් තියනවා පුලුවන්ම් කරන්න ගොඩක්
    වටිනවා


    https://ielts-simon.com/
    IELTS Simon

    https://drive.google.com/file/d/1Xrn1i0T2FAr6nBUQxmGMaQiwqMUw_U1A/view
    Cambridge IELTS Books 1-13


    https://drive.google.com/drive/folders/0ByZRCRByKPyXWlBXT0FNR3V0bUU?usp=sharing

    https://drive.google.com/drive/folders/1ETJV7S0ZIkbCDEPyrqUjleksvrSMXDmx?usp=sharing
    Other resources (G drive)


    මෙ විස්තර ගොඩක් අය දැනටමත් දන්නවා but දන්නැති කෙනෙක්ට සරලවම idea එකක් ගන්න පුලුවන් වේයි IELTS exam එක ගැන.

    :lol::lol::lol:

    :D ආ.. කියන්න අමතක උනානෙ.. රෙප් බාරගනු ලැබේ :D



    එහෙනම් ඉතින් කිරියෙ IELTS කරන්න ඉන්න හැම කුකුලෙක්ටම ජය පතනවා
    ජය වේවා!
    6i2z.gif
     
    Last edited:

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Thanks machan

    :D:D:D:D:D

    Thanks for sharing machan... math poddak me gana hoyala balanna ona :) +++

    Me thiyana dewalata amathara dyk set unoth aniwa dahan :)





    Thanks :)

    ලබනමාසේ 14 කරන්න හිතාගෙන ඉන්නේ

    එල මචන් බෙස්ට් ඔෆ් ලක් ඇ :D කොම්පුයුටර් බේස් ද කරන්නෙ මචන්?

    හ්ම්ම්


    Thanks :)