මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි.
IELTS වල score කරන්න ඔයාට english knowledge එක තිබ්බට මදි. Time management skill එක හොඳටම තියෙන්න ඕනේ. IELTS paper එකේ ගොඩක් උත්තර තියෙන්නේ ප්රශ්නේ ඇතුලේමයි. ඒක නිසා keywords highlight කරගන්න පුරුදු වෙන්න වෙලා නොයවා. Years, Locations, Names. ඔය වගේ දේවල් පටස් ගාල underline කරගත්තම ඔයාගේ මොලේ පුරුදු වෙනවා paper එකේ focus කරන්න ඕනේ මොනාටද කියලා. නැත්තම් ඔයාට මුළු paragraph ඔක්කොම කියවන්න වෙනවා කාලේ නාස්ති කරගෙන.
Camebridge practice papers tika සල්ලි දීල අරගෙන ලඟින් timer එකක් තියාගෙන තමන්ට අවංක වෙලා time එකට against papers ඔක්කොම කරන්න. කලින් papaer එක කලාට වඩා එක මිනිත්තුවක් හරි අඩුවෙන්, එක ලකුණක් හරි වැඩියෙන් score කරන්න, තමන්ගේ progress එක record කරගන්න.
Youtube tutorials බලන්න speaking session eka කොහොමද improve කරගන්නේ කියලා.
කෙටියෙන්ම කියනවා නම් තමන්ට අවංක වෙලා මහන්සි වෙන්න ඔයාට easy හොඳ score එකක් ගන්න පුළුවන්.
Hard work beats the talent when the talent doesn't work hard!