එක එක සයිට් වල image requirements වෙනස්
https://support.submit.shutterstock...hnical-requirements-for-images?language=en_US
https://www.dreamstime.com/faq13-do-my-images-have-to-meet-certain-size-or-format-requirements
https://www.alamy.com/contributor/how-to-sell-images/guidelines-for-submitting-images/
මම ෆොටෝ ගැන නම් වැඩිපුර දන්නේ නැ. මම කරේ vector. ඔය සයිට් වලින් හොඳ ගානක් හොයන්න පුළුවන් හරියට කරනවානම්. specially shutterstock , adobe.
එත් දැන් ගොඩක් තරඟය වැඩි. ගොඩක් මහන්සි වෙන්න ඕන තැනකට එන්න. 2012 වගේ කාලේ නම් මම vector වලින් design 3000 කින් වගේ $2000+ මාසෙට හෙව්වා shutterstock වල විතරක් . එත් දැන් $200+ යන්නේ කලාතුරකින්. හැබැයි මම අවුරුදු 5 කින් වත් අලුත් design දාල නෑ. active වැඩ කරන් යන කෙනෙකුට නම් ගානක් හොයාගන්න පුළුවන්.
හැබැයි මුලදී එක පාරටම income බලාපොරොත්තු වෙන්න නම් එපා. ඒ සයිට් වල ෆොටෝ විකුනන්න හිතනවානම් ගොඩක් business related images ගැන හිතන්න. ඒවා තමා හොඳටම විකිනෙන කැටගරීස්. මලුයි, සත්තුයි, රටේ තියෙන එක එක තැන් වල ෆොටෝයි ගහල විකුණලා නම් ගේමක් ගහන්න බෑ.
vector පැත්තෙන් නම් තාමත් ලොකු අවස්ථාවක් තියෙනවා. business කැටගරි වලට අමතරව seamless pattern (fabric pattern) , kids learning materials (like worksheets) තමා ඔය සයිට් වල උඩින්ම විකිනෙන්නේ.
ඔය ගැන ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් මෙතනින්.
https://www.microstockgroup.com/