මේ වෙනකොට IMF එකේ නියෝජිතයෝ කීපවතාවක් ලංකාවට ආවා, කොන්දේසි / නියමයන් / උපදෙස් දුන්නා. ණය වාරික දෙකකුත් දුන්න.
විමසිල්ලෙන් බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි IMF කියන දේවල් ලංකාවේ ආණ්ඩුව කරන්නෙ තමන්ට ඕන විදිහට. ඊට පස්සෙ IMF එක නොමග යවනවා.
මේ තියෙන්නෙ එහෙම කරපු දෙයක් නිසා ජනතාවට ලැබුන එක විපාකයක්.
විමසිල්ලෙන් බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි IMF කියන දේවල් ලංකාවේ ආණ්ඩුව කරන්නෙ තමන්ට ඕන විදිහට. ඊට පස්සෙ IMF එක නොමග යවනවා.
මේ තියෙන්නෙ එහෙම කරපු දෙයක් නිසා ජනතාවට ලැබුන එක විපාකයක්.
https://www.lankadeepa.lk/latest_news/මහ-බකව-තමට-බද-ගනම-වරදය/1-648093මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නීතිය මඳකට පැත්තකින් තබා සදාචාරාත්මක පැත්තෙන් සිතුවත් රට අමාරු තැනක තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනෙකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක් ලැබෙද්දී මේ අය බෙදා ගැනීමේ සදාචාරය කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කී අමාත්‍යවරයා එය ව්‍යවස්ථාවෙන් ද සහතික කර තිබෙන්නේ යැයිද ආයතනයක් ස්වාධීනයි කියා රට උපයන මුදල් ඒ ආයතනයට හිමි වන්නේ නැතැයි ද සඳහන් කළේය.