IMF කොන්දේසි අනුව අයවැය හදන්න කියයි… එතෙක් මීළග ණය වාරිකය නෑ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවයෙන් ලැබුණත් එහි සිව්වන ණය වාරිකය ලැබීම 2025 වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පසු දක්වා කල් යනු ඇති බව වාර්තා වෙයි.​

    එය අනුව මීළඟ ණය වාරිකය ලැබීම ලබන වසරේ මාර්තු මස තෙක් තවත් මාස කිහිපයකින් කල් යාමට නියමිතය.​

    මීට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාරත්ව මණ්ඩලය හා විධායක මණ්ඩලය අනුමැතිය ලබාදීම සිදුවන්නේ ලබන වසර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව වීමයි.​

    එමෙන්ම එම අයවැය සඳහා හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ව කොන්දේසි ඉටු කිරීමටද කටයුතු කළ යුතුව ඇති අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුළුවට අනුකූල වන පරිදි ඉදිරි අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම කළ යුතුව තිබේ.​

    12,299 views​

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,482
    113
    ලබන අප්‍රේල් වල මුළු ලංකාවටම සිංහල අවුරුදු බෝනස්



    ලැබීමට නියමිතයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    IMF එකෙන් එහෙම කොහේවත් කියලා නැහැ. මේක ආන්ඩුවේ බොරුවක්🤮🤮

    ඡන්ද පොරොන්දු දෙන්න වෙයි කියලා මිනිස්සු ගොනාට අන්දන්න හදන්නේ
     
    • Like
    Reactions: hirashgeff