COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය පිළිබද මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමිනි.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග විධිමත්ව කටයුතු ආරම්භ කිරිමට පෙර ණය මෙහෙයුම සඳහා වූ විශ්ලේෂණාත්මක රාමුව සමග ණය උපදේශකයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.
සියලු පාර්ශවකරුවන් වෙත සාධාරණ හා තිරසාර ප්‍රතිඵල ළඟාකරගත හැකි පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇති කරගැනීමට රජය සිය ණයහිමියන් සමග සද්භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවද මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර චීනය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෙකු බැවින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා සාර්ථක වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව චීන තානාපති හී සෙන් හොං මහතා පවසයි.
චීන තානාපතිවරයා සහතික වූයේ IMF අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති හී සෙන් හොං මහතා අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවේදී මෙම අදහස් පළ විය.
නැවත වරක් ශ්‍රී ලංකාවට චීන සංචාරක ව්‍යාපාරය වැඩි කිරීමේ වැදගත්කම ද හී සෙන් හොං මහතා එම හමුවේදී අවධාරණය කර යොමුකර තිබේ.
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් හම්බන්තොට ආර්ථික කලාපයේ කර්මාන්ත සහ කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ චීන ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.
පවතින ආර්ථික අර්බුදය හමුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය වී ඇති තවත් කරුණකි.