aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    යකෝ ඔය ඉන්න සුද්දෝ ඔය රටට අවුරුදු දෙතුන්සීයකට ඉස්සෙල්ලා ආපු පරම්පරාවල එවුන් නේ.උන් කොහොමද අනික් එවුන්ට යන්න කියන්නේ ?
     
    • Like
    Reactions: indika_sam

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,373
    6,035
    113
    යකෝ ඔය ඉන්න සුද්දෝ ඔය රටට අවුරුදු දෙතුන්සීයකට ඉස්සෙල්ලා ආපු පරම්පරාවල එවුන් නේ.උන් කොහොමද අනික් එවුන්ට යන්න කියන්නේ ?
    Exactly(y)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්න ඔකේ අනිත් පැත්ත

    co62gBO.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    යකෝ ඔය ඉන්න සුද්දෝ ඔය රටට අවුරුදු දෙතුන්සීයකට ඉස්සෙල්ලා ආපු පරම්පරාවල එවුන් නේ.උන් කොහොමද අනික් එවුන්ට යන්න කියන්නේ ?
    උන් නෙ සිස්ටම් එක හැදුවෙ ? ඒ නිසානෙ අපිත් ඒ රටවල් වලට බොට්ටුවෙන් හරි යන්න හදන්නෙ ?
    නැතුව රෙඩ් ඉන්ඩියන්ලා ඇබොරජින්ස් ලා හිටියානම් අපි එව්වායෙ යන්න හීන මවන්නෙ නැහැ නෙ ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala

    america ඇයි බෝට්ටුවෙන් යන්න හදන්නේ ? වාර්ෂිකව තියෙන DV program එකට apply කරන්න. green card එකත් එක්කම යන්න පුළුවන්. corona නිසා මැරුණ අඩුව පුරවන්න quota එක මේ අවුරුද්දේ වැඩි කරාවි
     
    • Haha
    Reactions: Piyathissa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    america ඇයි බෝට්ටුවෙන් යන්න හදන්නේ ? වාර්ෂිකව තියෙන DV program එකට apply කරන්න. green card එකත් එක්කම යන්න පුළුවන්. corona නිසා මැරුණ අඩුව පුරවන්න quota එක මේ අවුරුද්දේ වැඩි කරාවි
    ඇමරිකාවට බොට්ටු යන්නෙ නැත. එහෙත් අපිට එවන් රටකට පැනගැනිමට හිතෙ ඇති කැමැත්ත කොතරම්ද කියන්න දුන් එක් උපහැරනයක් පමණි .
     
    • Like
    Reactions: Master malli

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඇමරිකාවට බොට්ටු යන්නෙ නැත. එහෙත් අපිට එවන් රටකට පැනගැනිමට හිතෙ ඇති කැමැත්ත කොතරම්ද කියන්න දුන් එක් උපහැරනයක් පමණි .
    වැරදිලාවත් යන්න ලැබුනොත් ඔය අදහස් වෙනස් වේවි. ඒ අතින් මේ රට කෙතරම් නිදහස්ද ? සුන්දරද ? තේරුම් නොගැනීම හිතට කනගාටුවක්.
     
    • Like
    Reactions: Lahiru120

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    උන් නෙ සිස්ටම් එක හැදුවෙ ? ඒ නිසානෙ අපිත් ඒ රටවල් වලට බොට්ටුවෙන් හරි යන්න හදන්නෙ ?
    නැතුව රෙඩ් ඉන්ඩියන්ලා ඇබොරජින්ස් ලා හිටියානම් අපි එව්වායෙ යන්න හීන මවන්නෙ නැහැ නෙ ?
    උන් ඒ රටවල් දියුණු කරපු පලියට අනික් මිනිස්සුන්ට යන්න කියන්න බෑනේ.ඒ වගේම රටවල් වල තිබ්බ සම්පත් කොල්ල කාලා,ඉන්න මිනිස්සු අමු අමුවේ මැරුවා. ඇමරිකාවේ ඔස්ට්‍රේලියාවේ තිබ්බ රත්තරන් ඔක්කොම පර සුද්දෝ ගත්තා.රතු ඉන්දියන් ,ඇබෝවරු අහිංසක මිනිස්සු.ඇබෝවරුන්ගේ ළමයින් පරම්පරාවක්ම හොරකම් කරා.
    ඒවා ඒ තත්වෙට දියුණු වෙලා නැත්තම් ලංකාවේ එවුන් කුඹුරක් හරි කොටාගෙන ඉඳියි.එහෙම උනානම් අඩුම ගානේ රට ගොඩක් දුරට ස්වයන්පෝෂිතයි ඉන්දියාව වගේ. ලංකාවේ හරක් ටිකකුත් ඉන්නවා සුද්ද හිටියනම් හොඳයි කියලා මැරෙන්න හදන.උන්ට කියන්න තියෙන්නේ නම් සුද්ද හිටියනම් අපි හැම එකෙක්ම වහල්ලු ගානයි.
    සුද්දෝ යටත් කරගත්ත ආදිවාසීන් ඉන්න හැම රටකම උපක්‍රමශීලිව ඒ මිනිස්සුන්ගේ පරම්පරා නැති කරනවා.උන්ට කුඩු ,මද්‍යසාර පුරුදු කරලා තියෙන්නේ.ඒවා ගන්න නිකන් සල්ලිත් ආණ්ඩුවලින්ම දෙනවා.බලපන් කියවලා.
     
    මා දෙයියා

    සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ.
    ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි.
    කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය.
    යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .

    සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ?
    දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය.
    එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය.
    එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)

    සුද්දා සුදු නැත.
    යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය.
    ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය.
    රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ.

    ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත .
    ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි.

    ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි
    යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට.
    ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය
    එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත.
    එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    හොඳ ශිෂ්ඨාචාරයක් හදාගන්න බැරි වුන අපි වගේ එවුන් ඉන්න forum එකක කාලේ කන්නේ ඇයි බන්.
     
    • Haha
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    හොඳ ශිෂ්ඨාචාරයක් හදාගන්න බැරි වුන අපි වගේ එවුන් ඉන්න forum එකක කාලේ කන්නේ ඇයි බන්.
    කාලය කන්නෙ නැත කාලය ගත වනවා පමණි .
    බටහිර ශිෂ්ඨාචාරයෙ තාක්ෂණික දියුණුව නිසා තැනු අන්තර්ජාලයත් ,කොම්පියුටරයත් ,වෙබ් බ්‍රවුසරයක් බවිතාකොට එම දෙවල් අපෙ කමක් දුන් ෆොරම් එකක දැනුම බෙදා ගැනිමට ආතල් ගැනිමට යමක් කියාදීමට සහ දැනගනිමට ආවෙමි .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මා දෙයියා

    සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ.
    ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි.
    කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය.
    යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .

    සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ?
    දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය.
    එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය.
    එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)

    සුද්දා සුදු නැත.
    යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය.
    ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය.
    රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ.

    ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත .
    ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි.

    ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි
    යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට.
    ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය
    එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත.
    එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත
    .
    සුද්දන්ට සාපේක්ෂව අනික් එවුන් අහිංසකයි මොකද උන් එංගලන්තේ ආක්‍රමණය කරන්න ගියේ නෑනේ.ඒකේ අනික් පැත්තනේ උනේ.

    සුද්දා දැන් තියෙන තාක්ෂණ යුගයට දායක වෙලා තියෙනවා තමයි.ඒක නිසා තමයි මේ කිරියේ ඉන්න බහුතරයක් රස්සා කරන්නෙත්.හැබැයි පුතෝ ඔය එකක්වත් අපිට ආදරේට හදපු ඒවා නෙමෙයි.ඕවා ගොඩක්ම උන්ගේ වාසියට යුධ උපක්‍රම විදියට හදපු ඒවගේ විකසන.

    ඒ ඒ කාලවල්වල හැටියට ඉතාමත් දියුණු ශිෂ්ටාචාර තිබ්බ බව අමතක කරන්න එපා.ඒ කාලේ දැනටත් වඩා හොඳට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා තියෙනවා.

    එළාර දුටුගැමුණු යුද්දය මෙතනට ගාව ගන්න බෑ මොකද ඒකේ උනේ ඉරාක ඇමරිකන් යුද්දයේ අනික් පැත්තනේ. ගොඩක් දුරට ආක්‍රමණිකයා වැරදි කාරයා විදියටනේ දාන්නේ. මෙතන උනේ එළාර කියන ද්‍රවිඩ රජා ලංකාව ආක්‍රමණය කරපු එකනේ. එතකොට දුටුගැමුණු රජු එළාරව පැරද්දුව.යුද්දය නිසා සිදුවුණු මිනිස් සංහාරය දැකලා කම්පා වෙලා වෙහෙර විහාර විශාල වශයෙන් හැදුව.
    ඇමරිකන් කාරයෝ කරේ තනිකර ගේමක් ගැහුව එක සදාම් හුසේන් ගාව ජීව විද්‍යාත්මක අවි තියෙනවා කියලා.ගඩාෆිගේ සිද්දියත් ගේමක්.
    ඔබ කිව්ව විදියට මේ යුද්ද දෙකේම යුධ අපරාධ වෙන්න ඇති.හැබැයි සම්පුර්ණ වෙනස් අරමුණු දෙකක් තියෙන යුද්ද දෙකක්.