INCA - ඉන්කා ශිෂ්ටාචාරය
වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Inca_civilization ./. http://en.wikipedia.org/wiki/Inca_Empire
ඉන්කා ශිෂ්ටාචාරය
ඉන්කාවරු දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවැටිය ආශි‍්‍රතව ජීවත් වූ ගෝති‍්‍රකයන් පිරිසකි. ඔවුන් කුසු තැනිතලාවේ පදිංචි වූ ඇමරිකන් ඉන්දියානුවෝය. ඔවුන්ගේ රාජ්‍යය ඉතා ක්‍රමානුකූලව සැකසුණු එකකි. එහි ජනතාව 50,00,000 (පනස් ලක්ෂයක්) කට වඩා ජීවත් වී ඇත. 14 වැනි හා 15 වැනි සියවස්වල දී ඉතා ඈතට විහිදී තිබූ ඔවුන්ගේ රාජ්‍යයට දැනට බොලිවියාව, පේරු, ඉක්වදෝරය හා ආර්ජන්ටිනාවේ සමහර ප්‍රදේශ හා චිලි වැනි කොටස් අයත් විය.
ඉන්කාවරුන් දකුණු ඇමරිකාවට පැමිණෙන්නටත් පෙර සිට එහි ඉපැරණි ශිෂ්ටාචාරයන් පැවති බව කියැවේ. බොලෝවියාවේ ‘ටිටිකාකා. විල අසල පිහිටි ටිනාහුකාකෝ ප්‍රදේශය උතුරු පේරු හි වෙරළබඩ තීරයේ වූ නස්කා හා උතුරු වෙරළබඩ තීරයේ ඇති චිමු මෙම රාජ්‍යයන් ය. කි‍්‍ර. පූ. වර්ෂ 200 ටත් පෙර මෙම රාජ්‍යය පැවති බව කියති. ඔවුන් කොහේ සිට මෙහි ආවාදැයි සඳහනක් නැතත් ඔවුන් අති දක්ෂ ගොඩනැගිලි ශිල්පීහු වූහ. ඔවුන් අති විශාල ගල් හැඩකාර ලෙස සකස් කර එකිනෙක අතර තබා ඇති ආකාරයෙන් ඔවුන්ගේ ශිෂ්ටාචාරය මැනවින් කියා පායි. ටිහානුකාකෝ වල ඇති අති විශාල ගල් හාරා ඒවාට ඔබ්බවා තිබූ අනෙකුත් ගල් වලින් ඔවුන්ගේ දස්කම් විස්කම් මැනවින් ඔප්පු කරයි. චීමු හා කස්කා වල ඇත්තේ එතරම් විශාල ගල් නොවේ. ඒවායේ ඇත්තේ මැටියෙන් සකස් කළ ගොඩනැගිලිය. මේ කාලයේදීම රෝමන් අධිරාජ්‍යයේ පරිහානිය ද සමඟ ඉන්කාවරුන් ඊට වර්ෂ තුනකට පමණ පසු ඔවුන්ගේ මුල් බිම් වලින් පහත පිහිටි මධ්‍යම පේරු හි කුස්කෝ සානුවට සංක්‍රමණය කළ බව කියති. එහි එවකට වාසය කළේ මහලු ජනතාවයි. ඉන්කාවරු කඳුකර පෙදෙස්වල සිට මුහුදු බඩ ප්‍රදේශ වලට ගමන් කරන අතර පිහිටි ගම්මාන ආක්‍රමණය කරන්නට ඇතැයි සිතිය හැක. ඉන්කා අධිරාජ්‍යයේ අගනගරය පිහිටියේ කුස්කෝ වල ය. කුස්කෝ නගරය හිරුගේ පූජනීය නගරය ලෙස හැඳින්විණි. ඉන්කා වැසියන් තම පාලකයා සලකනු ලැබුවේ ඔවුන්ගේ දෙවියන් ලෙසයි. ඔහු හිරුගෙන් පෘථිවියට පැමිණි පුද්ගලයකු ලෙසත් ඔහුගේ නම ‘ඉන්කා’ ලෙසත් ඔහුගේ ජීවන ශක්තිය හා මරණය පරම න්‍යාය ලෙස සලකන ලදී.
අති විශාල ගල් හැඩකාර ලෙස සකස් කර ඇති ආකාරය
ඉන්කා අධිරාජ්‍යයේ සිටි සෑම පවුලකටම දෙවි දෙනෙකු සිටි බවත් ඔවුන් පාලනය කළේ එම දෙවියන් බවත් ඔවුහු විශ්වාස කළහ. පවුල් සමූහයකට එක් ලීඩර්වරයකු සිටි බවත් ඔහු ‘කැප්ටන්’ නමින් හඳුන්වනු ලැබූ අතර ඔහු යටතේ ලීඩර්වරු පස්දෙනෙකු සිටි බවත් මේ සැමගේ ප්‍රධානියා ඉන්කා බවත් ඔවුහු පිළිගත්හ.මෙහි ජීවත් වූ සැමගේ ජීවන රටාවේ යම්කිසි ක්‍රමයක් තිබූ බවත් රටේ තිබූ සෑම දෙයක්ම එහි රාජ්‍යයට අයිති බවත්, කුඩා දරුවන් හා මහල්ලන් හැරෙන්නට අනෙක් සියලු දෙනාම වැඩ කළ යුතු බවත් නීතිය විය. කම්මැලි හා වංක පුද්ගලයන්ට තදබල දඬුවම් පමුණුවන ලදී. එහි සාමාන්‍ය වැසියන් දුප්පත් නොවූ නමුත්, ඔවුන්ට අයිති කිසිම දෙයක් තිබුණේ නැත. නිදහස ද සීමා විය. ඔවුන්ගේ නිෂ්පාදනවලින් කොටසක් අනිවාර්යෙන්ම ඔවුන්ගේ පාලකයා වූ ඉන්කා පෝෂණය කිරීමටත් පූජකයන්ටත් යැවිය යුතුවේ.
ඉන්කාවරු තම ගොඩනැගිලි හා පූජනීය ස්ථාන ගල්වලින් ගොඩනැගූ අතර වහළවල් ලීයෙන් තනා රත්තරං වලින් සරසා තිබීම පුරුද්දක් විය. ස්පාඤ්ඤවරු කුස්කෝ නගරය ඉරු දෙවියන්ගේ පන්සල ආක්‍රමණය කළ අවස්ථාවේදී ඔවුන් ඉන්කාවරුන්ගේ රත්ත්රං සහ වටිනා මැණික්ගල් වර්ග කොල්ලකෑ බවත් විශේෂයෙන් ඉරු දෙවියන් සඳහා සාදා තිබූ රත්තරං තලියක් සොරකම් කළ බවත් කියැවේ. ඉන්කාවරුන් ඔවුන්ගේ සෑම වැදගත් ගොඩනැගිල්ලකටම රත්තරං තහඩු වලින් ආවරණය කර තිබූ බව කියැවේ. ඒ වාගේම සඳ දෙවියන් සඳහා ඉදිකර තිබූ පන්සල තනා තිබුණේ රිදියෙනි.රටට වැස්ස ලබාගැනීම සඳහා ඔවුන් විසින් පවත්වනු ලැබූ පුද පූජාවලට මිනිසුන් බිලි පූජා ලෙස ගත් බව කියැවේ.ඉන්කාවරු හොඳ රෙදි වියන්නො ද වූහ. ඔවුහු ලාමා (lalama) වූල්වලින් අනගි රෙදි වියූහ. 1525 දී ඉන්කා රාජ්‍ය බිඳ වැටිණි. ස්පාඤ්ඤ ජාතිකයන් ඉන්කාවරුන්ගේ රත්තරං හා වටිනා වස්තු සියල්ල කොල්ලකෑමෙන් පසු එම රට අල්ලා ගැනීමෙන් අනතුරුව ඉන්කා අධිරාජ්‍යය කඩා වැටුණු බව සඳහන් වේ. කෙසේ වෙතත් අද තවමත් ඉන්කාවරුන්ගෙන් පැවතගෙන එන්නන් ඇන්ඩීස් කඳුවැටියේ තැන්තැන්වල ජීවත්වන බව කියති.
ඉන්කාවරු හොඳ රෙදි වියන්නො ද වූහ