Independence Day: Resurgence

Independence Day: Resurgence - In Theaters June 24, 2016

මෙන්න එනකම් බලාගෙන හිටපු තවත් චිත්‍ර‍පටයක්. විල් ස්මිත් රගපෑ 1996 දී තිරගත වූ, විශිෂ්ඨ නිර්මාණකරුවෙකු වූ Roland Emmerich නිර්මාණය කල Independence Day චිත්‍ර‍පටයේ දෙවන චිත්‍ර‍පටය එන වසරේ ජුනි 24 වැනිදා තිරගත වීමට නියමිතයි.

මෙවරත් අධ්‍යක්ෂණයෙන් Roland Emmerich දායක වී ඇති අතර, Liam Hemsworth සහ Joey King ප්‍ර‍ධාන චරිත ලෙස එක්වී ඇත. මෙවර Will Smith නොමැති අතර චිත්‍ර‍පටයේ කථාව පළමු චිත්‍ර‍පටයේ කථාව සමග සම්බන්ධයක් නොමැති බව දැනගන්නට ඇත.

එහෙනම් දැන් ඔබට අද දින 20th Century Fox චිත්‍ර‍පට නිශ්පාදන සමාගම විසින් එළිදැක්වූ Independence Day: Resurgence චිත්‍ර‍පටයේ පූර්ව ප්‍ර‍චාරක වීඩියෝව ඔබට නැරඹිය හැක.