feeling insecurity තමයි හේතුව. උන්ට තමන්ගේ රටේ තත්වය ගැන අනාරක්ෂිත, ස්ථාවර නැති බවක් දැනෙනවා. එතකොට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ ස්ට්‍රෙස් එක පිටකරගන්නේ තව එකෙක් හෙලා දැකල. තමාට වඩා හොඳ ජීවිතයක් ගතකරන එවුන්ට අපහාස කරලා, එහෙමත් නැත්නම් තව එකෙක් බුලි කරලා. එහෙමත් නැත්නම් ප්‍රශ්ණ වලට හේතුව මුන් කියල කවුරුහරි ජාතියක්, ආගමක්,දේශපාලනය ඇදගෙන පහර ගැසීම. හිට්ලර් ඉන්න කාලේ උන්ගේ රට පළමු ලෝක යුද්ධයේ වන්දි ගෙවීම් නිසා බංකොලොත් වෙන තරමට වැටුන, උන් ඒ ස්ට්‍රෙස් එක යැව්වේ යුදෙව්වෝ තමා ඒ ආර්ථික පරිහානියට හේතුව කියල. අපේ රටෙත් ගෘහස්ත ප්රචණ්ඩ ක්‍රියා, මිනීමැරුම් වැඩි වෙලා තියෙන්නෙත් අනාරක්ෂිත බවක් දැනෙන නිසා තමයි. මිනිස්සු හරි ඉක්මනට ට්‍රිගර් වෙනවා. ලොකු බලාපොරොත්තු තියාගෙන ආණ්ඩුවක් ගෙනත් හිටියාටත් වඩා නරක තත්වයකට වැටිලා. වැඩි දෙනා රටින් පිටවෙන්න කල්පනා කරන්නේ ඔය අනාරක්ෂිත බව නිසා තමයි. ඉන්දියන් වුනත් ලංකාවේ මිනිස්සු වගේම තමයි. අපිත් අපේ ප්‍රශ්ණ වලට හේතුව තව කවුරුහරි කියල පහර ගහනවා, හෙලා දකිනවා, පොඩි අඩුපාඩුවක් වුනත් ලොකුවට පෙන්වනවා. මාත් ඔය වගේ හැසිරිලා තියනවා.
හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක. මේවට උත්තර දෙන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ. ගණන් ගන්න එපා.
හොඳම දේ ගණන් නොගෙන ඉන්න එක. මේවට උත්තර දෙන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ. ගණන් ගන්න එපා.

