අඟහරු හෙවත් රතු ග‍්‍රහයා ගවේෂණය සඳහා ඉන්දියාව යැවූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය සැප්තැම්බර් 24 වන දා අඟහරු වෙත ළඟාවීමට නියමිතයි. ඉන්දීය යානය පසුගිය වසරේ නොවැම්බර් 5 වන දා උඩු ගුවන බලා නික්මූ අතර පසුගිය නොවැම්බර් 18 වන දා ඇමරිකානු නාසා ආයතනය යැවූ අඟහරු ගවේෂණ යානයක් ද දැන් ඊට සමීප වෙමින් පවතිනවා. මෙම ගවේෂණ යානා දෙකම ඉදිරි පැය 48 තුළ අඟහරුගේ කක්ෂයට ඇතුළුවනු ඇති. ඉන්දියාව පවසන්නේ තමන් මෙමගින් අඟහරු ජය ගත් ප‍්‍රථම ආසියාතික රට ලෙස විරුදාවලි ලබන බවයි. අඟහරු වෙත චීනය යැවූ ගවේෂණ යානය එය වෙත ළඟාවීමට සමත් වූයේ නැහැ. 1998 වසරේදී ජපානය අඟහරු වෙත යැවූ යානයක් ඉන්ධන අවසන්වීම හේතුවෙන් මඟදී විනාශ වුණා. ආසියාකරයේ අභ්‍යාවකාශ තරඟය පවතින්නේ ඉන්දියාව, චීනය සහ ජපානය අතරයි.
I heard your Chinese friend also send rocket with Sri Lankan flag .. i heard only launched news and waiting for reached news
I heard your Chinese friend also send rocket with Sri Lankan flag .. i heard only launched news and waiting for reached news
