[INFO] Drone තහනම ගැන LK

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    dji-phantom-banned.jpg


    ගොඩක් අය මේ වෙනකොට දන්නවා ඇති මෑතකදී සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය නිසා ලංකාවේ Drone යැවීම තහනම් කරලා තියෙන එක.ලගක් වෙනකන් ලංකාවේ Drone විකුණන එකත් නවත්තල තිබුනේ.ගොඩක් ලංකාවට Drone ගෙන්නන ප්‍රදාන ආයතන - cameraLK වගේ ඒවත් සම්පුර්ණයෙන් Drone විකිණීම නවත්තල තිබුණා රටේ තත්වය මත.එත් දැන් නැවත Drone ලංකාවේ විකිනීමට ප්‍රශ්නයක් නෑ . එත් ලංකාව ඇතුලේ Drone යැවීම තහනම් කර තියෙනවා.එකට හේතුව අංක 2123/10 2019.05.13 දරන ගැසට්‌ පත්‍රය තාම වලංගු වීමයි.

    ගැසට්‌ පත්‍රය කියවන්න මෙතනින්


    එම හේතුව මත ශ්‍රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා Drone මෙහෙයවීම අත්හිටුවන ලෙසට.
    වලංගු අවසරයකින් තොරව Drone යානා ඇතුළු කවර හෝ නියමුවන් රහිත යානාවක් මෙහෙයවන ඕනෑම පුද්ගලයෙක් සිවිල් සේවා පනතෙහි 107 වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව පොලිස් බාරයට ගත හැක. 2010 අංක 14 දරන පනතේ 103 වගන්තිය යටතේ එවැනි තැනැත්තෙක් අදිකරණය ඉදිරියේ වරදකරු වූ විට එස්.ඩි.ආර් 25000/= (අසන්න වශයෙන් රු. 6,300,000) හෝ වසර 2කට නොවැඩි සිරදඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැක


    ශ්‍රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම්දීම කියවන්න මෙතනින්

    එතකොට Drone එකක් යවන්න බැරිද?

    පුළුවන්.


    එකට ඉස්සෙල්ලම MOD - Ministry of Defence ( ආරක්‍ෂක අමාත්‍යංශය) එකෙන් අවසර ගන්න අවශ්‍ය වෙනවා.
    MOD දු.ක. - 2430860/69

    ඉන්පසු Drone එක register කරන්න ඕනේ ශ්‍රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය යටතේ.රටේ තිබුන ව්‍යාකුල තත්වය මත Online Registration Platform එක දැනට තාවකාලිකව නවත්වල තියෙනව.
    දැනට CAA (ශ්‍රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය) විසින් දිස්ත්‍රික් පදනමක් යටතේ Drone register කිරීමක් සිදු කරමින් යනවා.
    එම නිසා ඔබත් drone හිමිකරුවෙක් නම් පහත ආකෘති පත්‍රය පුරවා CAA වෙත
    Fax :: +94 11 2257154 හෝ
    email :: [email protected], [email protected] යොදාගනිමින් යවන්න.
    ගාස්තුව රු.3500/=ක්.

    ආකෘති පත්‍රය




    Drone පිලිබද තොරතුරු දැනගැනීමට https://dronelanka.com/blog/ වෙත පිවිසෙන්න.
    Drones /Drone Spare Parts/ Action Cameras /Stabilizers මිලදී ගැනීමට https://dronelanka.com/ වෙත පිවිසෙන්න.


    Drone Lanka©2019