Internet තුළින් හුවමාරු වන Data වලට නව බද්දක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Internet තුළින් හුවමාරු වන Data වලට නව බද්දක්

Source http://samudura.colombocitylife.com/2014/11/wkacd-noaog-ufrdaoh-md-oi-oyia-kkla.html

අන්තර්ජාලය තුළින් හුවමාරු වන දත්ත වලට නව බද්දක් අය කිරිමට හංගේරියානු රජය විසින් ගත් තීරණයට විරෝධය දක්වමින් දස දහස් ගණනක් ජනතාව වීදි බැස ඇතැයි වාර්තා වේ.

මෙම ජනතාව හංගේරියානු ආර්ථ්ක අමාත්‍යාංශය වටලා ඇති අතර නව බදු පණත ඉවත් කරගන්නා ලෙස ඔවුන් විසින් ඉල්ලා තිබේ.

හංගේරියානු අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගෙන් එක් ගිගාබයිටයකට ෆ්ලොරින්ට් 150ක මුදලක් බදු ලෙස අය කිරීමටද නව පණත් කෙටුම්පතකින් යෝජනා කර ඇතැයි පැවසේ.

මේ සමග ආදායම් බදු සහන ලබාගැනීමේ හැකියාවද අන්තර්ජාල සමාගම් වෙත ලබාදී ඇතිමුත් නව බද්ද විසින් ගෙන එන බර පාරිභෝගිකයන් වෙත පැටවෙනු ඇති බව විරෝධතාකරුවන්ගේ අදහසයි.

අන්තර්ජාල බද්දට එරෙහි ලක්‍ෂයක් නම් ෆේස්බුක් කණ්ඩායමක් විසින් මෙම විරෝධය කැඳවා තිබූ අතර එම කණ්ඩායමේ ෆේස්බුක්හි අනුගාමිකයින් ගණන 210000ක් වේ.

ඔවුන් පවසා ඇත්තේ හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගයන් විසින් හංගේරියාව තවතවත් යුරෝපයෙන් ඈතට ගෙනයමින් ඇති බවයි.

රැස්ව සිටි ජනතාව සිය ස්මාට්ෆෝන් වලින් රාත‍්‍රිය ආලෝකමත් කර ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් ඓතිහාසික වීරයන්ගේ චතුරස‍්‍රය දක්වා පාගමනින් ගිය බවද වාර්තා වේ.

මෙම බද්ද විසින් රටේ සිටින අඩු ආදායම් ලබන පිරිසට තවත් පීඩනයක් එල්ල වන බව පවසා ඇති සංවිධායකයින් අවධාරණය කර ඇත්තේ පැය 48කින් මෙය ඉවත් කරනොගතහොත් තවත් රැළියක් පවත්වන බවයි.
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලෑස්තිවෙලා ඉඳපල්ල.. ඡන්දෙ ඉවර වුන ගමං සුපිරි බද්ධක් ගහන්නෙ නෙට් වලට.. ලඞ්කාවෙ නෙට් පාවිච්චි කරන උන් බහුතරය පර්සියට විරුද්ධයි.. ඒ හින්ද රිදෙන්නම බද්ද ගහනව.
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ලෑස්තිවෙලා ඉඳපල්ල.. ඡන්දෙ ඉවර වුන ගමං සුපිරි බද්ධක් ගහන්නෙ නෙට් වලට.. ලඞ්කාවෙ නෙට් පාවිච්චි කරන උන් බහුතරය පර්සියට විරුද්ධයි.. ඒ හින්ද රිදෙන්නම බද්ද ගහනව.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: markhaloce

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ලෑස්තිවෙලා ඉඳපල්ල.. ඡන්දෙ ඉවර වුන ගමං සුපිරි බද්ධක් ගහන්නෙ නෙට් වලට.. ලඞ්කාවෙ නෙට් පාවිච්චි කරන උන් බහුතරය පර්සියට විරුද්ධයි.. ඒ හින්ද රිදෙන්නම බද්ද ගහනව.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: markhaloce