Internet sex

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌


    sex-time-450.jpg





    ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා.
    සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර ද යන්නත් ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි රෝග කවරේද යන්න පිළිබඳවත් ඊට ප්‍රතිකාර කුමක්ද යන්නත් සාකච්ඡා කිරීමට අප හා එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

    ශිෂ්ට සම්පන්න සමාජය පිළිගත් ලිංගිකත්වය යනු ස්වභාවික ලිංගික ක්‍රියාවලියයි. ලිංගික ක්‍රියාවලියේදී දෙදෙනාටම සතුටුවිය හැකි දෙදෙනාගේම කැමැත්ත ඇති ලිංගික එක්වීම මගින් උපරිම සතුටක් ලබාගත හැකි විය යුතුයි.

    නමුත් අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකදී මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ නැහැ.

    බොහෝ දෙනෙක් ලිංගික එක්වීමේදී කාලය පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනී යනවා. මේ නිසා මානසික පීඩාවන්ට පත්වූවන්ද දක්නට ලැබෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව ලිංගික ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ලෙස දක්වන්නේ උපරිම විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.



    SexyCouple-425.jpg



    එහෙත් දෙදෙනාගේ රුචි අරුචිකම් මත සාර්ථක ලිංගික ක්‍රියාවලියකට ප්‍රථම සිදුවිය යුතු කරුණු කාරණා රැසක් සෞඛ්‍ය විද්‍යාත්මකව දැක්විය හැකියි.

    මේ ක්‍රියාවලියේදී පෙර සූදානම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී එකිනෙකාට දක්වන ආදරය, සෙනෙහස, හැඟීම් ප්‍රකාශ කිරීම, මානසික සබඳතාව, සිප ගැනීම්, කතාබහ සඳහා වැඩි කාලයක් ගත හැකි වෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව උපරිම සතුට ලබාගැනීම සඳහා සෘජු ලිංගික කාලය වෙන්කෙරෙන්නේ විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.

    කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ සෘජු ලිංගික ක්‍රියාවලියට මීට වඩා වැඩි කාලයක් ගතවන බවයි. එහි කිසිදු සත්‍යයක් නැහැ. මේ නිසා ලිංගික බෙලහීනතාවය යැයි වැරදි වැටහීම නිසා ප්‍රතිකාර ගන්නට ගොස් රෝගී වූ අය පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.

    ලිංගික ජීවිතයේ පී‍්‍රතිය වැඩිකර ගැනීමට වැඩි කාලයක් ලබා දෙන බව පවසමින් විවිධ දැන්වීම් ප්‍රකාශ වෙනවා. මෙය ඉතාම මිත්‍යාවක්. මේ නිසා බොහෝ දෙනෙක් මානසික ඇදවැටීම්වලට පවා ලක්වෙනවා.

    අන්තර්ජාලය ඔස්සේ අපි දකින ලිංගිකත්වය බොරු මවාපෑමක්. එය ඉතාම අස්වාභාවික මවාපෑම් ලෙස දැක්විය හැකියි. මේවා දකින පිරිස මිත්‍යාවකට හසුවෙනවා. මේවා දකින අය ඒවා අත්විඳින්නට යන්නේ සාමාන්‍ය ලිංගිකත්වය සඳහා මෙතරම් කාලයක් ගතවෙනවා කියා සිතාගෙනයි. බොහෝ විට මේ කාරණා නිසා අඹු සැමි අඩදබර ඇතිවෙන අවස්ථා ද තිබෙනවා. බොහෝ දෙනෙක් වෛද්‍ය උපදේශනය සඳහා යොමුවීමේදී දකින්නට ලැබෙන්නේ මේ මිත්‍යාව නිසා ලිංගිකත්වය පිළිබඳව ඇතිවූ මානසික අසහනකාරී තත්ත්ව වලින් පෙළෙන බවයි.


    porn_site-1.jpg



    ලිංගික උත්තේජක ඖෂධ ඉතාම බරපතල ලෙස අප භාවිතා කරනවා. තමන්ට රෝගී තත්ත්වයක්
    නැතිවත් මේ ඖෂධ භාවිතය ඉතාම හානිදායක වෙනවා. බොහෝ දෙනෙකුට පවතින ලිංගික ගැටලු කායික රෝගී තත්ත්ව නිසා ඇතිවෙන ඒවා නොවෙයි. වැඩි කොටසකට, එදිනෙදා ජීවිතයේ ලිංගික ගැටලු, මානසික සහ පාරිසරික හේතු නිසා ඇතිවෙනවා. මෙරට ජනගහනයෙන් 20% ක ප්‍රතිශතයක් පමණ ලිංගික කැමැත්තෙහි අස්වාභාවික තත්ත්ව සහ ලිංගික ක්‍රියාවලියට කැමැත්ත අඩුවීම වැනි තත්ත්වයන්ගෙන් පෙළෙනවා. මේ අය අතරින් වැඩි පිරිස කාන්තාවන් වීම විශේෂත්වයක්.

    මේ සඳහා ප්‍රධානම හේතුව ලෙස දක්නට ලැබෙන්නේ දෙදෙනා තුළ ඇති නොගැලපීමේ තත්ත්වයයි. විශේෂයෙන්ම ලිංගික ක්‍රියාවලියට හිතේ තිබෙන බිය, දෙදෙනාගේ කැමැත්තෙන් හෝ වැඩිහිටි කැමැත්තෙන් විවාහය සිදුවුවත් පසුකාලීනව නොගැලපීම් ගැන සිතීම, ස්වාමියාට හෝ බිරිඳට වඩා ආකර්ෂණීය අය (සිතට ගැලපෙන) පසුකාලීනව හමුවීම, ස්වාමි භාර්යාවන් අතර නිවැරදි සබඳතා නොමැතිවීම, යටි සිතේ ඇති අකමැත්ත, වැඩිහිටියන්ගේ බලපෑම මත විවාහ වීම, තමන්ට වඩාත් ගැළපෙනම කෙනා සමඟ විවාහ වීමට නොහැකි වීම, ලිංගිකව ලැබූ අමිහිරි අත්දැකීම් නිසාත් ලිංගික එක්වීම් අසාර්ථක වෙනවා. එමෙන්ම ලිංගිකව එක්වීමේදී උවමනාවට වඩා ඒ සඳහා අවධානය යොමුකිරීම නිසාත් ලිංගික සතුට නොලැබී යන අවස්ථා තිබෙනවා.

    එවැනි අවස්ථාවලදීත් කායික බෙලහීනතා ලෙස වරදවා වටහා ගැනීම නිසා ලිංගික උත්තේජක ඖෂධ සොයා යන අවස්ථා දක්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි තත්ත්වවලට පිළිතුරු ලෙස මානසික උපදේශනය ලබාදිය යුතුයි. මෙවැනි තත්ත්වවලට ඖෂධමය ප්‍රතිකාර අඩුයි. ලිංගික ක්‍රියාවලියේදී ඇතිවෙන දුර්වලතාවයන්ට දරුවන් ලැබීමෙන් පසු පවුල්වල ඇතිවෙන තත්ත්වත් බලපානවා. දරුවන් ලැබීමෙන් පසු ලිංගික එක්වීම වැරදි ක්‍රියාවක් ලෙස සමහර අය දකිනවා. වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ලිංගික අප්‍රාණිකත්වයට හේතු වන්නේද ජීවිතයේ මුල් කාලයේ ලිංගික කටයුතු නිවැරදිව සිදු නොවීම බව පෙනී යනවා.

    ජීවිතයේ මුල් කාලයේ වැරදි ලෙස ලිංගික උත්තේජක ලබාගැනීම නිසාත් වයස්ගත වීමේදී ගැටලු ඇතිවෙනවා. විශේෂයෙන් ක්ෂණිකව ලිංගික තෘප්තිය ඇතිවීම (ක්ෂණික මෝචනය) රෝගී තත්ත්වයක් නොවෙයි. එවැනි තත්ත්ව ඇතිවන්නේ ලිංගික ක්‍රියාවලියට උවමනාවට වඩා සිත යොමු කිරීම හේතුවෙනුයි. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්. මේ සඳහා ද උපදේශනය මගින් ප්‍රතිකාර කළ හැකියි. සමහර අය මේ සඳහා විවිධ ඖෂධ භාවිතාවට පෙළඹෙනවා. එය වැරදි ක්‍රියාවක් වෙනවා. ලිංගික ගැටලු සඳහා බලපාන රෝගී තත්ත්ව තිබෙනවා. එහිදී එම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබාගැනීමත්, රෝගී තත්ත්ව පාලනය කර ගැනීමත් මගින් ලිංගික දුබලතා මඟහරවා ගත හැකිවෙනවා.


     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Tip of the day : Just breath slowly and deeply when you going express ;) its works really fine, result will amaze you :yes: yeah your welcome :D
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.
     

    blue_in_rio

    Well-known member
  • ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.

    මොන හු#@ යකෝ මේ ? :frown::frown:

    dude, u r mentally ill :( :(