Interpol Red Notice for Chamikawp : More info Click Here!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඉඳලා හිටලා හරි ප්‍රවෘත්ති බැලුවොත්, ඇහුනොත් අපරාධ ගැන එහේම අහලා දැකලා ඇති.... අපරාධකාරයා විදේශ රටකට පැන ගියොත් අල්ලන්නේ කවුද??

    ජාත්‍යන්තර පොලීසිය


    Chamikawpblogspotcom7_zps7f9e49aa.jpg


    ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ගැනත් ඇහිලා ඇති...

    කවුද මේ මොනවද මේ කොහෝමද එහේම අල්ලන්නේ ??


    මේ දවස්වල ප්‍රවෘත්ති වලට බොහෝවිටම විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ තොරතුරු අතරම රතු නිවේදන ගැනත් ඇහුන හින්දා කාලෙකට පස්සේ ඉසව්ව ලියන “චාමිකයට“ හිතුනා ඒ ගැන තොරතුරු ටිකක් හොයලා බලන්න...

    වෙනසක් නැ වෙනදා වගේම තොරතුරු හා ඡයාරූප සොයා ගත්තේ අන්තර්ජාලයෙන්........
    මෙහි ඇරඹුම 20 වැනි ශතවර්ෂයේදීයී. එවැනි පොලිස් සංවිධාන සෑදීමට උත්සහ කල අතර එහි පළමුවැන්න වුයේ 1914 දී Monte Carlo හි සංවිධානය වු International Criminal Police Congress යන්නයි. එය අසාර්ථක වුයේ ඒ සඳහා නිතී උපදේශකයන් හා දේශපාලන නියෝජිතයන් සම්බන්ධ වී සිටි නිසායි.

    ඉන්පසුව 1922 දී International Police Conference ලෙස ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී රැස්වු අතර නැවතත් රැස්වු අතර එය අසාර්ථක වුයේ ඒ සඳහා ලොව අවධානය නොතිබීමයි.
    නැවතත් නව මුහුණු වරකින් වියානා හි සේවය කළ පොලිස් අධිකාරීවරයකු වු ජොහාන් ස්වොබර් විසින් මෙහෙයවීමෙන් 1923 දී වියානා හි රැස්වු International Criminal Police Congress (ICPC) ලෙස ඇරඹු අතර ඒ සඳහා රුසියාව,ඕස්ට්‍රියාව,ජර්මනිය,බෙල්ජියම,පෝලන්තය,චීනය,ඊජිප්තුව,ප්‍රංශය,ග්‍රීසීය,හංගේරියාව,ඉතාලිය,නෙදර්ලන්තය,රොමෙනියාව,ස්විඩනය,ස්විට්සර්ලන්තය හා යුගෝස්ලෝවැකියාව එකතුවිය. ඇමරිකාව නිල නොවන ලෙස මෙයට එක්වු අතර සමාජිකත්වය ලබා ගත්තේ 1938 දීය.
    එලෙසම එංගලන්තය 1928 දී එකතු විය.


    Chamikawpblogspotcom6_zps5b5b511a.jpg
    1938 දී සංවිධානය නාසීන් අතට පත් වු අතර සංවිධානයේ මුලස්ථානය 1942 දී බර්ලින් නුවර වෙත ගෙන යනු ලැබීය.

    1945 දෙවන ලෝක යුද්ධය අවසානයත් සමඟ එය නැවත International Criminal Police Organization ලෙස වෙනස් කරමින් ප්‍රංශයේ සෙන්ට් ක්ල්වුඩ්ස් හි පිහිටවනු ලැබීය.

    1989 දි එය වර්තමාන ස්ථානය වන ලියෝන් වෙත රැගෙන යන ලදි.


    Chamikawpblogspotcom8_zpsec2e17c6.jpg

    ඊට අමතරව කලාප කාර්යාල 7ක්ද ඇත. ඒ එක්සත් ජාතින් වෙනුවෙන් නිව්යෝර්ක් හි හා යුරෝපීය එකමුතුව වෙනුවෙන් බ්‍රසල් හි පිහිටා ඇත.
    CCC හෙවත් Command and Coordination Center නමින් හදුන්වන ප්‍රධාන කාර්යාලයට අමතරව ආර්ජන්ටිනාවේ ද තවත් ප්‍රධාන කාර්යාලයක් සිංගප්පුරුවේ ආරම්භ කිරීමට ද සැලසුම් කොට ඇත. එය දින 365 ම රාජකාරී කටයුතු සිදුකරන අතර වර්ෂයක අයවැය වියදම පවුම් මිලියන 70 පමණ වේ.

    ඔවුන් තම සමාජික රටවල් හා රහස්‍ය තොරතුරු බෙදා ගනු ලබන්නේ ඔවුන්ටම වෙන්වු දත්ත ගබඩාවකිනි.එය I-24/7 ලෙස හදුන්වයි.
    Chamikawpblogspotcom4_zps26b60526.jpg


    ඔවුන් ඒ සඳහා ඇතුලත් වීමට I-Link නමින් හදුන්වන මෙහෙයුම් පද්ධතිය යොදා ගන්නා අතර එමගින් ඔවුනට ජාත්‍යන්තර අපරාධ තොරතුරු තම සමාජික රටවල් හා බෙදා ගත හැකි වේ.

    විවිධ අංශයන්ට ඇතුලත් තොරතුරු එහි ඇතුලත් කොට අතර IBIN (Interpol Ballistic Information Network ) හැර අනෙක් අංශ වෙත ඇතුලත් වී තොරතුරු සෙවිය හැක.

    එහි තොරතුරු ඇතුලත් කොට ඇති ප්‍රධානම අංශ කිහිපයක්..


    Chamikawpblogspotcom2_zpsb591fd6e.jpg


    Chamikawpblogspotcom3_zps892f8434.jpg
    මේ වන විට රටවල් 190 ක් ජාත්‍යන්තර පොලීසිය හා එක්ව කටයුතු කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව ලොව වැඩිම සමාජික පිරිසක් සිටින සංවිධානය මෙයයි.සෑම රටකම එයට වෙන්වු කාර්යාලයක් පවතින අතර එය National Central Bureau (NCB) ලෙස හදුන්වයි. එය එම රටේ පොලීසිය හා අනෙකුත් ආරක්ෂක අංශ හා සම්බන්ධව පවත්වා ගෙන යයි.

    එම කාර්යාල නිලධාරීන් සිවිල් පුද්ගලයන් හා එම රටේම පොලිස් නිලධාරීන් මිශ්‍ර කොට සාදා ඇත.ඒ වසර කිහිපයක කාලයකටයි. එහිදී ඔවුනට හොද පුහුණුවක් ලබා දෙනු ලබයි. සිවිල් පුද්ගලයන් එහි ආයතන, නීති හා මානව සම්පත් යන අංශ වලින් කටයුතු කරනු ලබයි.2012 වසර තොරතුරු අනුව ප්‍රධාන කාර්යාලයේ රටවල් 98 අයත් පුද්ගලයන් 703 පිරිසක් රාජකාරී කර තිබුනි.
    විවිධ රටවල් වල අපරාධකරුවන් සොයා ගැනීම උදෙසා ඉන්ටර්පෝල් ආයතනය වෙත ඉල්ලීම් කරන අතර එය අනුමත වු පසු තම සියලුම සමාජික රටවලට නිකුත් කරනු ලබන තොරතුරු ඇතුලත් පණිවිඩය “නිවේදනය“ ලෙස හදුන්වයි.

    එය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද ප්‍රසිද්ධ කරනු ලබයි.

    එය වැරදි අනුව විවිධ වර්ග ගනී.
    අප වැඩිපුරම අසා ඇත්තේ රතු නිවේදන ගැන විතරයි නේද?? වෙන වෙන පාට ඒවත් තියෙනවා...
    Chamikawpblogspotcom1_zps6a076318.jpg

    ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලද ලංකාවේ පුද්ගලයන් ගැන තොරතුරු දැනගන්න ආසනම් මෙතන තමයි තැන...

    එක් එක් රූපය උඩ ක්ලික් කල පසු අදාල වැරදි හා සම්පුර්ණ විස්තරය දැනගන්නට පුළුවන්..

    ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වෙන්න ලේසීම ක්‍රමේ මේක තමයි කියලා හිතෙන්නේ නැද්ද???
    ---------------------------

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]

    [/FONT]​
     
    Last edited:
    ඔකේ තියනවා ලලිත් කොතලාවලගේ ගැනිගේ නමත්, සිසිලියා කොතලාවල. ලන්කාවේ ගොඩක් දෙමල උන් තමා ඉන්නේ.. ලිස්ට් එකේ ස්ක්‍රීන්ශොට් එකකුත් දැම්මනම් හොදා..
     
    • Like
    Reactions: llrajitha

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චාමික ලොක්කගේ තවත් පට්ටම වැඩක්........ සුපිරි බං මේ ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ මේක කියවනකන්ම........ රෙප් 14+.......