මගේ යාලුවෙක් මේ Interview එකට ගිහින්, board එකේ ඉඳලා තියෙන්නේ Prof ලෙවල් එකේ තුන් දෙනෙක්, උන් තුන් දෙනා මුගෙන් අහලා මොකක් හිතේ තියන්ද interview එකට ආවේ කියලා VB ,PHP ,Java එහෙම ඉල්ලලා තිබ්බ නිසා මු හිතලා තියෙන්නේ මොකක් හරි development related ජොබ් එකක් වෙන්න ඇති කියලා.මු කියලා ඊටපස්සේ Project assistant vacancy එකට ආවේ , programming knowledge එක ඉල්ලන නිසා development related වෙන්න ඇති කියලා.ඊට පස්සේ අර තුන් දෙනා මුට කියලා එහෙම එකක් නම් නෙමේ අපි ගන්නේ automated clerk කෙනෙක්ව කියලා.මේ notice එකෙත් තියෙනවා ICT degree එකක් තියෙන අයට priority දෙනවා කියලා.හැබැයි බෝඩ් එකේ ඩයල් එකක් කියලා ඔයා අපරාදේ degree එකක් තියන් මේකට apply කරන්නේ කියලා.ඊට පස්සේ කියලා ඔයාව මේකට ගන්න බෑ ඔයාගේ qualifications වැඩි ඒ හින්දා මේ application එකේ උඩින් ලියන්න කියලා "I personally withdraw my application ", ඊට පස්සේ sign එකක් දාන්න කියලා. කොහොමහරි interview එකට 20ක් වගේ ඇවිල්ලා මු විතරයි කොල්ලෙක්ට ඉඳලා තියෙන්නේ.මූ ඊට පස්සේ ඉතින් ඇවිල්ලා. මට තියෙන ප්‍රශ්නේ ඔය කියන විදිහට qualification වැඩි කියලා I personally withdraw my application දාලා candidate ව අයින් කරන්න පුලුවන්ද ?
මුලින් කියලා තියෙන්නේ application එක අරන් යන්න කියලා , ඊට පස්සේ මුට ඇහිලා බෝඩ් එකේ හිටිය ඩයල් එකක් කියනවා Quality Assurance එකෙන් අවුලක් යන්න පුළුවන් ඒ හින්දා අර විදිහට ලියලා sign එකක් දාන්න කියලා