මොන bank එකේද මචං?
සාමන්යෙන් 1st, 2nd, 3rd interview 3 ක් තියෙනවා. සමහර ආයතන මුලින්ම විභාගයක් පවත්වනවා, ඒකෙන් සමත් අය දෙවනුවට interview කරනවා. අන්තිම එක කොහොමත් ටිකක් ලොකු කළමනාකාර ශ්‍රේණියේ ඉන්න නිලධාරීන් එක්කයි තියෙන්නේ. ඔය මං කියපු 1st, 2nd interview order එක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. විභාගයකදී නම් බැංකු ක්ෂේත්‍රයේ ගොඩක් එන්නෙ ගණිතමය සාමාන්‍ය ගැටළු ( වෘත්ත ප්‍රස්තාර, ස්ථම්භ ප්‍රස්තාර) වගේ ඒවයෙන් අහන ප්‍රශ්න, සහ ඉංග්‍රීසි දැනුම පරීක්ෂාවට අදාළ ප්‍රශ්න.
සම්මුඛ පරීක්ෂණයේදී නම් අහන්නෙ,
1. තමන් ගැන විස්තරයක් කරන්න.
2. තව අවුරුදු මෙපමණ ප්‍රමාණයකින් තමන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ කොතනද?
3. ආයතනය ගැන දන්නෙ මොනවද?
4. දක්ෂතා මොනවද? දුර්වලතා මොනවද?
5. කලින් වැඩ කරල තියෙනම් එතන තියෙන අත්දැකීම් මොනවද?
ඔය ප්‍රශ්න ටික තමයි අහන්නෙ