Introducing_"eZ Recharger"_Android_App

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ස්මාර්ට් ෆෝන් එකට ඩේටා සහ Recharge කාඩ් දාන්න ඇප් එකක්.

    දැන් ඔබට අනවශ්‍ය කාලයක් වැය කරමින් රීචාජ් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අප හදුන්වාදෙන මෙම eZ Recharger ඇප් එක මඟින්

    කාඩ් එකේ රහස් අංක මේ ඇප් එකෙන් scan කර ස්වයංක්‍රියවම රීචාජ් කරගන්න පුළුවන්. මෙවැනි ඇප් එකක් අපි කලින් ලිපියකින් ඔබට හදුන්වාදුන්නා ඔබට මතක ඇති. නමුත් මෙම ඇප් එකේසාපේක්ෂව වැඩිකාර්යක්ෂමතාවයක් වගේම තව වැඩ කිහිපයක් කරගන්නත් පුළුවන්. මෙය Android LK විසින් ඉදිරිපත් කරන ඇප් එකකි.

    මේ ඇප් එකෙන් ඔබට ලංකාවේ සන්නිවේදන සේවා සපයන Dialog, Mobitel, Hutch, Airtel, Etisalat ඩේටා සහ Recharge කාඩ් වගේම Dialog ආයතනයේ per-day TV ගිණුමත් පහසුවෙන් රීචාජ් කිරීමට පුළුවන්.

    එසේනම් මෙතනින් පිවිස මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට බාගෙන ඉන්ස්ටෝල් කර open කරගන්න. ඉන්පසු ඔබේ රීචාජ් කාඩ් පත හොඳින් සූරා පහත රූපයේ දැක්වෙන ආකාරයට ස්කෑන් ඒරියා එක වෙත යොමු කරන්න එවිට රීචාජ් කාඩ් පතේ PIN අංකය හා අදාල ජාලය නිවැරදිව හඳුනා ගනු ලබයි. ඔබේ රීචාජ් කාඩ් පතෙහි පින් අංකය සහ අදාල ජාලය නිවැරදිව හඳුනා ගත්තේ නම් රීචාජ් බට්න් එක click කරන්න. එවිට කාඩ් පතෙහි ජාලයට අදාල සිම් පත හඳුනාගනිමින් ස්වයංක්‍රීයවම රීචාජ් වේ.


    attachment.php


    ඔබට පින් අංකය ඔබේ යහළුවෙකු සමඟ පහසුවෙන් හුවමාරු කරගැනීමටද හැක.


    attachment.php


    වේගවත් සහ නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රීචාජ් කාඩ් පතෙහි pin අංකය සියලු අංක පෙනෙන පරිදි හොඳින් සූරා scan area එක වෙත යොමු කරන්න. මේ ආකාරයටම Dialog per day tv ගිණුමද රීචාර්ජ් කරගත හැකි අතර ඒ සඳහා පළමුව ඔබේ Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කළ යුතුය. පළමුව Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කිරීමෙන් පසුව නැවත රීචාජ් කිරීමකදී ගිණුම් අංකය ඇතුලත් කිරීමට අවශ්‍ය වන්නේ නැත
    attachment.php


    ඔබේ පහසුව සඳහා eZ Recharger app එකෙහි shortcut එකක් හඳුන්වා දී ඇත එමගින් ක්ෂණිකවම ස්කෑන් කර රීචාජ් කරගැනීමට හැක. Shortcut එක ලබා ගැනීමට උපදෙස්..


    attachment.php


    ඔබේ දුරකථනයේ android version එක Android 8.0 (oreo) හෝ ඊට වැඩිනම්,

    පළමුව ඇප් එක ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීමේ message එකක් දිස්වනු ඇත. පසුවද ඔබට දුරකතන මෙනුවේ eZ Recharger app එකෙහි අයිකනය මත click කරගෙන සිටීමෙන් ලබාගත හැක එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක.

    ඔබේ දුරකථනයේ android version එක android 7.0 ,7.1 (nougat) නම්,

    ඔබට පළමු ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීම සඳහා message එකක් දිස් නොවනු ඇත. shortcut එක ඔබේ දුරකතන මෙනුවේ eZ Recharger ඇප් icon එක මත ක්ලික් කරගෙන සිටීමෙන් ලබාගත හැකි අතර එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක.

    ඔබේ දුරකථනයෙහි android version එක android 7.0 වලට වඩා අඩුනම්,

    shortcut එක පලමු ඉන්ස්ටෝල් කිරීමේදී ම මෙනුවේ ස්වයංක්‍රීයවම ස්ථාපිත වේ. සිංහල භාෂාවෙන්ද ඔබට භාවිතා කළ හැකිය


    attachment.php


    ඔබගේ ස්මාර්ට්ෆෝන් එකෙන් Google Play වෙත පිවිස "eZ Recharger" ලෙස search කරලා ඉන්ස්ටෝල් කරගන්න.

    Download link

    https://play.google.com/store/apps/details?id=com.androidlk.eZRecharger

    Ref >>>>>>>>>>>>>>>>>>>>www.aluth.com
     

    Attachments

    • 1.jpg
      1.jpg
      21.3 KB · Views: 102
    • 2.jpg
      2.jpg
      14 KB · Views: 99
    • 3.jpg
      3.jpg
      19.7 KB · Views: 98
    • 4.jpg
      4.jpg
      11.9 KB · Views: 97
    • 5.jpg
      5.jpg
      14.3 KB · Views: 96