Introduction- my first thread-ආයුබෝවන්!

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    https://en.wikipedia.org/wiki/Jack_London කියන්නේ ඇමෙරිකානු ලේඛකයෙක්, අපි කවුරුත් පොඩි කාලයේ නරඹල තියෙන වයිට් ෆැන්ග් කාටූන් පාදක වෙලා තියෙන්නේ මේ මහතාගේ පොත් දෙකකින්. කෝල් ඔෆ් වයිල්ඩ් සහ වයිට් ෆැන්ග්. මීට අමතරව දී සී වුල්ෆ් , මාටින් ඊඩ්න්, වැනි ග්‍රන්ථ රචනය කරලා තියෙනවා. ජීවිත කාලය තුල නවකතා විස්සක්, කෙටි කතා දෙසීයක් පමණ රචනය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ලේඛයෙකු ලෙස සැලකෙනවා. ජැක් ලන්ඩන් විශේශිතයෙක් වෙන්නේ ඔහු ඉතා දුගී අවජාතකයෙකුව ඉපැදී විවධ රැකියා රාශියක නියැලෙමින් ලේඛකයෙකු වූ නිසයි. මේ ජීවිත අත්දැකීම් ලබා තියෙන්නේ කම්කරුවෙක්, ගොවියෙක්, නාවිකයෙක්, හිපියෙක් ලෙස ගතකල ජීවිතය නිසයි, ඒ නිසා එම ග්‍රන්ථ ජීවිතයට බොහෝ සමීපයි.

    මගේ ප්‍රියතම ග්‍රන්ථය දී සී වුල්ෆ්. ඒ නිසයි මම එළකිරි වෙත මේ නමින් පැමිණියේත්. මේ සී වුල්ෆ් කතාවේ ඉතා හොඳ සිංහල පරිවර්තනයක් තියෙනවා ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මිය විසින්, එක අරගෙන කියව්වාට පාඩුවක් නැහැ. මම බොහෝ වයසක හාදයෙක්, ජැක ලන්ඩන් මහතා අභාවප්රාප්තවී වසර සියයකට පසුව උපන්නෙක්, එළකිරි බොහෝ සාමාජිකයන් මගේ වයසින් අඩකටත් වඩා අඩුයි. නිරාගමිකයෙක්, ශ්‍රීලාංකික පිරිමියෙක්, රක්ෂාව ගොවියෙක්.

    ඉතින් කොහොමද ජීවිතේ!