තාක්ෂණික දැවැන්තයෙකු වන ඇපල් සමාගම ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදන සාමාගම් අතුරින් තෙවැනි ස්ථානයට පැමිණ ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
නවතම වෙළඳපොල වාර්තාවක් උපුටා ගනිමින් ෆෝබ්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇපල් සමාගම විසින් ZTE හා LG යන සමාගම් අභිබවා යමින් මෙලෙස තෙවැනි ස්ථානයට පැමිණ ඇති බවයි.
ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදන සාමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ නොකියා සමාගම වන අතර, සැම්සුන් දෙවැනි ස්ථානයේ සිටියි.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී iPhone 4Sඑළිදැක්වීමත් සමග ඇපල් සමාගමේ විකුණුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ප්රමුඛයා වී සිටි සැම්සුන් සමාගම අභිබවා යාමටද ඇපල් සමාගම සමත් වී ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
Last edited:
