iPhone-402ක්-අත්අඩංගුවට
iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට
මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.
එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ.
පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
අදාළ නිවසේ තිබී අති නවීන ජංගම දුරකථන 402 ක්, විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.
සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාල ස්ථානයට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Last edited:

me be app review 