iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි!

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි!

    iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

    ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

    2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී.

    ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි.
    - See more at: http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpufiPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

    ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

    2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී.

    ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි.
    - See more at: http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpuf