Apple iCare warranty තිබ්බා කියලා ලංකාව ඇතුළේ වැඩක් නෑ බං මොකද ලංකාවේ Apple Store එකක් නැති නිසා company return කරන්න පිටරට යවන්න ඕන. ඉතින් iCare Warranty එක හිත හැදෙන්න හොඳයි. මෙහෙන් ගන්නවා නම් Abans warranty තියෙන එකක් ගනින්.
කොහොමත් B/N iPhone එකක් activate කරාම iCare warranty එක ඉබේම එනවා ඇත්තටම එවෙලේ activate කරපු ජෙනුයින් එකක් නම්. කලින් activate කරලා ආපහු රීසෙට් කරලා සීල් පැක් කරපු එකක් නම් උබට ඇපල් සයිට් එකෙන් බලාගන්න පුළුවන් activate කරපු දවස apple warranty එක කොච්චර කල් තියද කියලා
පිස්සුද බන්, Apple Care තියනවා නම් ලංකාවෙන් වොරන්ටි ගන්න පුලුවන්. ඇත්තටම ගන්න හොද නැත්තෙ ශොප් වොරන්ටි එක්ක. කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ
ඇපල් කෙයා තියනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි දෙනවා. කොහෙන් ගත්තත් වොරන්ටි දෙනවා
පිට රට යවන්න වෙනවා නම් උන් කරනවා ඒකට අපි සතපහක්වත් ගෙවන්න ඕන නැහැ
Future World and Bt-Options දෙකෙන් දැනට පිටින් ගනිපු ඩිවයිස් බර ගානකට ඇපල් කෙයා ක්ලේම් කරලා තියනවා කිසිම අවුලක් නැතුව
ෆෝන් වලට නම් පොඩි සීන් එකක් තියනවා ලංකාවෙ Apple Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් මේ රීජන් එකට රිලීස් කරපු ෆෝන් වලට විතරයි (Middle east වලින් එහෙම ගේන ඒවට ලංකාවෙන් වොරන්ටි ගන්න බැහැ ඒත් සිංගා වලින් වගේ ගේන ඒවට මෙහෙන් ගන්න පුලුවන්)
අනික Brand new phone එකක් ඇක්ටිවේට් කරපු පලියට ඇපල් කෙයා ස්ටාට් වෙන්නෙ නැහැ ඒක ස්ටාට් වෙන්න ඔරිජිනල් පර්චසින්ඩේට් එක වෙරිෆයි කරන්න ඕන. පිටින් ගත්තොතින් මෙන්න මේ ඩේට් එක වෙරිෆයි කරන්න බැරි උනොත් ඇපල් කෙයා ගන්න විදියක් නැහැ. මොකද පර්චසින් ඩේට් එක වෙන්නෙ Apple Authorized තැනකින් විකුනපු දවස
මොකද ෆෝන් එකක් අරගෙන ඇක්ටිවේට් නොකර තිබ්බා කියලා වොරන්ටි ඉතුරු වෙලා තියෙන්නෙ නැහැ. ඔරිජනල් Apple Store එකකින් හරි Apple authrized තැනකින් හරි ගනිපු දවසෙ ඉදන් වොරන්ටි කැල්කියුලේට් වෙනවා
කලින් ඇක්ටිවේට් කරලා යූස් කරපු ෆෝන් එකක් ඇපල් සයිට් එකේ කලින් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරලා නැත්නම් ඇපල් කෙයා ස්ටේටස් එක බලාගන්න බැහැ. පර්චසින් ඩේට් එක වෙරිෆයි කරනකන් ආපහු ට්‍රයි කරන්න කියලා එන්නෙ
මේක කරලා තියෙන්න ඔය ශොප් වලින් ගෙනත් කාලයක් තියාගෙන විකුනන සීන් එක නිසා
ඇපල් වොච් එක ලංකාවට ඔෆීශියලි රලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන් ලග ඒක නැහැ සහ පිටින් ගෙනාවට උන් කිසිම සපෝට් එකක් දෙන්නෙ නැහැ
ඒ ඇරෙන්න අනෙක් සේරම වගේ ඇපල් ප්‍රොඩක්ට් ඇපල් කෙයා තියනවා නම් ගනිපු තැන අදාල නැහැ මේහේ Authorized එවුන් වොරන්ටි දෙනවා
Last edited:

photos update karannam 
with warranty.