iPhone Storage Full එක ද? මෙන්න විසඳුම

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iPhone Storage Full එක ද? මෙන්න විසඳුම

    සමහර අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි iPhone/iPad එකේ storage එක full වීම
    ඉතින් එතකොට හැමතිස්සෙම icloud එකට හරි computer එකට හරි backup කරගන්න වෙනවා එත් මේක හැමතිස්සෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි
    හිතන්න කොහේ හරි ගිය වෙලාවක storage එක full වුනා කියලා දැන් මොකද කරන්නේ..

    ඒ වෙලාවට පාවිචිචි කරන්න තමයි දැන් iPhone/iPad එකට support කරන
    flash storage ඇවිල්ලා තියෙන්නේ අපි බලමු ඒවා මොනවද කියලා.

    iFlash





    මේක ගැන ඉස්සල්ලම කියන්නේ මේක ඉතා අඩු ගානකට ගන්න පුළුවන් එකක් හින්දා නමුත් මේකේ තත්වය Build quality එක නම් එචර හොඳයි කියන්න බැහැ හදිස්සියකදී වගේ නම් පව්චිචියට හොඳයි කියන්න පුළුවන්.

    මේක පාවිචිචි කරන්න හරිම ලේසි කරන්න තියෙන්නේ මේක ඔයාලගේ lightning port එකට connect කරලා මේකේ එන
    app එක මාර්ගයෙන් iPhone/iPad එකේ data මේකත් එක්ක share කරන්න පුළුවන් මේකේ USB connect කිරීමේ හැකියාව තියන නිසා කෙලින්ම ගිහින් computer
    එකට connect කරහම ඔක්කොම data ටික ලබාගන්නත් අමතර data add කරන්නත් පුළුවන්


    SanDisk iXpand




    මේකත් අර කිව්වා වගේම එකක් තමයි හැබැයි මේකේ ගාන ටිකක් වැඩි එත් මේක තත්වයෙන් ගොඩක් උඩින්
    තියනවා කියන්න පුළුවන් අරකට වඩා මේකත් පාවිචිචි කරන්න තියෙන්නේ අර කිව්වා වගේම
    lightning port එකට connect කරලා මේකේ එන Sandisk app එක මාර්ගයෙන් තමයි.

    SanDisk Connect




    මේක නම් හොඳම gadget එකක් කියන්න පුළුවන් මොකද මේකේ තියනවා කලින් කිව්ව ඒවාට වඩා විශේෂත්වයක් එක තමයි WiFi සමග connect කිරීමේ හැකියාව
    එක නිසා කලින් ඒවා වගේ lightning port එකට connect කරන්න ඕනේ නැ, කරන්න තියෙන්නේ මේක
    on කරලා iPhone/iPad එකේ Sandisk app එක දාලා WiFi on කරන එක විතරයි ඊටපස්සේ මේක සාක්කුවේ දාගෙන
    වුනත් data transfer කරගන්න පුළුවන්,
    මේකේ වැඩ වැඩි නිසා හැබැයි ගානාත් ටිකක් වැඩ්
    හැබැයි මේකෙන් film එකක් උනත් iPhone එකට නොදා බලන්න පුළුවන් එක විශේෂත්වයක්.

    ඉතින් ඕක තමයි දැනට iPhone/iPad එකේ storage එක ගැන වද වෙන අයට දෙන්න පුළුවන්
    හොඳම විසඳුම් වලින් එකක් තව solutions ඉස්සරහට තව ඒවා ගෙන එන්නම්.


    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/iphone-storage-full-soulution-sinhala/
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    7c89f4ea8921a39b73bec27a6c477c9f.png