IPL අත්හිටුවයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    2025_IPL_logo.png


    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

    ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය.

    මේ අතර මේ දිනවල පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතරකර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් උග්‍රවීම හේතුවෙනි.

    පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කරච්චි කිංග්ස් සහ පෙෂාවර් සල්මි කණ්ඩායම් අතර තරගයක් ඊයේ රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

    නමුත් පාකිස්තානයේ විවිධ නගරවලදී ඉන්දීය ඩ්‍රෝන යානා විනාශ කළ බව පැවසීමෙන් පසු එම තරගය හදිසියේ අත්හැරදැමීමට තරග සංවිධායකයන් තීරණය කළේය.