මචන්..
company එකක ලොක්ක කොල්ලෙක් කෙල්ලෙක් කියල නැහැ. උදා . ceylon tobacco එකේ HR director lady කෙනෙක්. ඔතන තියෙන්නේ talent එක සම්බන්ධ දෙයක්. උබ වැඩකරු නම් කොතන උනත් අවුලක් නැ.. HR වල fundamental එකක් තමා not being gender biased .
back to the subject ..
මම CIMA සහ HR දෙකම කරා.CIMA කියන්න අකවුන්ටින්ග් ගොඩක් තියන course එකක් නෙවේ. CIMA කියන්නේ management accounting . (Chartered Institute of Management Accountants) උබට මේ subject එකට ආසනම්, accounting පුලුවන්නම්, ගණන් හදාගන, exam වලට හොදටම dedicate වෙලා discipline එකෙන් කරන්න පුලුවන්නම් කරපන්. exams වලට, course fees , text books , fail unoth repeat exam ෆීස්, annual CIMA subscription ගෙවන්න පුළුවන් වත්කමක් තියනවනං අවුලක් නැහැ. එක මචන් degree එකක් නෙවේ. CIMA හරියට කරන උන් අවුරුදු දෙකෙන් ඉවර කරනවා හැබැයි එ හොදම වැඩකාරයෝ .. එහෙම කරගත්ත උන්ව කෙලින්ම සුපිරි පඩි වලට hire කරන්නේ. එත් මචන් CIMA ලංකාවේ දාස් ගානක් කරනවා එකෙන් බොහොම පොඩ්ඩයි පාස් වෙන්නේ. කරගත්තොත් උබ ගොඩ.
IPM HR ගත්තොත් එක professional qualification එකක්. එක විතරක් කරනවානං උබ certificate stage එකේදිම ජොබක් හොයාගන්න එක නුවනට හුරුයි. මොකද උබ ඊට පස්සේ අවුරුදු දෙකක් යනවා PQHRM stage එක ඉවර කරන්න. උබ Certificate stage එකේදී HR Assistant වගේ පටන් ගත්තොත් aurudu දෙකකින් course එක ඉවර වෙද්දී උබ HR Executive වගේ වෙන්න පුළුවන්. හැබැයි එක විතරක් මදි. උබ අඩු ගානේ PQHRM+ 5 years experience එක්ක MBA එකක් වගේ කරොත් ගොඩ. නැත්තන් degree එකක් කරන ගමන් HR කරන්න. කොහොමත් මම කියන්නේ PQHRM 2nd or 3rd stage වෙනකොට අනිවා job එකක් තියෙන එක ගොඩක් හොදයි. අඩුම ගානේ internship එකක් හරි. HR වල ගොඩක් බලපාන්නේ experience . මම දන්න HR managers ල ඉන්නවා experience එකෙන්ම ආපු. paper qualifications ඕනේ වෙන්නේ promotions ගන්නකොට. උදා : උබ manager කෙනෙක් වෙන්න යනකොට වගේ.
උබ හිතල බලල තීරණයක් ගනින් මචන්. මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න. ජයවේවා!