Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
2 minutes ago
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iranian charged in plot to kill Trump, also tasked with targeting Israelis in Sri Lanka, US
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු

November 9, 2024 04:46 pm

අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය.

ඒ, කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය.

කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නිව් යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ශකේරී වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ.

සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ශකේරී 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඩුවම් කාලයකින් පසුවය.

අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවදානය යොමුකර තිබේ.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය.

හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය.

මේ වනවිට ශකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි.

කෙසේ වුවද ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

- https://sinhala.adaderana.lk/news/203075

[QUOTE="monson, post: 30310590, member: 30005"] [HEADING=2]ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු [/HEADING] November 9, 2024 04:46 pm අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය. ඒ, කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය. කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය. කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය. ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නිව් යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ශකේරී වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ. සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ශකේරී 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඩුවම් කාලයකින් පසුවය. අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවදානය යොමුකර තිබේ. ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය. හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය. මේ වනවිට ශකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි. කෙසේ වුවද ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. - [URL]https://sinhala.adaderana.lk/news/203075[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom