IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම

    IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම

    150726125607_is_gay_killings_512x288_bbc_nocredit.jpg


    IS ඉස්ලාම් සංවිධානය විසින් සම ලිංගික පුද්ගලයන් සොයා ඔවුන්ව උස් ගොඩනැගිලි වලින් පිටතට තල්ලු කොට මරා දමන බව ඉරාකයෙන් පළා ගිය සම ලිංගික තරුණයකු පවසයි.
    තමා සම ලිංගිකයෙකු බව දැන ගත් පසු IS ඉස්ලාම් සංවිධානය තමන්ව අල්ලා ගෙන යාමට උත්සාහ කළ බවත් ඉන් ගැලවී ලෙබනනයට පළා ආ බවත් 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා බීබීසියට කියා සිටියේය.
    ඉරාකයෙන් පළා ගිය තරුණයා(රිස්වාන්) කියා සිටියේ සිය සමාජය තුල සමලිංගික වීමේ ප්‍රතිඵලය මරණය වන බවයි.
    'සමලිංගිකත්වය යනු රෝගයක්'
    ඔහු වැඩි දුරටත් කියා සිටියේ IS සංවිධානයෙන් සම ලිංගිකයන් සොයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිය රටේ වැඩි පිරිසක් සතුටු වන අතර ඔවුන්ගේ මතයට අනුව සමලිංගිකත්වය යනු ව්‍යාධියක් බවයි.
    තමන් සමලිංගික බව වයස අවුරුදු දහ තුනේදී පමණ ඒත්තු ගිය අතර සමලිංගිකත්වය යනු රෝගයක් යන සමාජයේ පොදු මතය හේතුවෙන් තමා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹුණු බවයි ඔහු කියා සිටියේ.

    දිනක් ඔමාර් නම් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු සමග දබරයකට පැටලුණු බවත් ඔමාර් පසුව IS සංවිධානයේ සාමාජිකයෙකු බවට පත් වුනු බවත් කියා සිටි රිස්වාන් පැවසුවේ සිය නරක කාලය එතැන් සිට ඇරඹුණු බවයි.
    තමන් සමලිංගිකයෙකු බව දැන ගත් ඔමාර් තවත් කණ්ඩායමක් සමග එකතු වී තමන්ට පහර දුන් බව පැවසූ රිස්වාන් කියා සිටියේ ප්‍රබල මුස්ලිම් පසුබිමකින් පැවතෙන සිය පවුල සහ පියාණන්ට දක්වන ගරු කිරීමක් ලෙස තමාව ඝාතනය නොකිරීමට තීරණය කළ බව ඔමාර් තමන්ට කියා සිටි බවයි.
    නැවත නැවතත් එම කණ්ඩායමේ දැඩි පහර දීම් වලට ලක් වීමට සිදු වූ අතර එම හේතුව නිසා බොහෝ කාලයක් විශ්ව විද්‍යාලයට යාමට තමන්ට නොහැකි වූ බවයි රිස්වාන් කියා සිටියේ.
    පසුව ඔමාර් IS සංවිධානය වෙනුවෙන් ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට පටන් ගත් අතර වරක් දුරකතනයෙන් තමන් අමතා IS සංවිධානයට සම්බන්ධ වන ලෙස තමන්ට බල කර සිටි බවයි රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ.
    සමලිංගිකයන් සොයමින් IS මෙහෙයුම්
    ඕමාර් විසින් කරන ලද යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය තමන් සමලිංගිකයෙකු බව ඔහු විසින් IS සංවිධානයට දැනුම් දීම වූ බවයි රිස්වාන් පැවසුවේ.
    IS සංවිධානයෙන් තමන්ගේ ගෙදරට පැමිණ පියාගෙන් ප්‍රශ්න කළ අතර පියා තමන් ඒ බව නොදන්නා බැවින් තතු විමසීමට සංවිධානයෙන් කාලය ඉල්ලා සිටි බවත් පසුව තමන් වෙත පැමිණ කියා සිටියේ ‘නුඹ සමලිංගිකයෙකු නම් මම IS සංවිධානයට ඒ බව දැනුම් දී නුඹව අල්ලා දෙනවා’ යනුවෙන් බවයි රිස්වාන් සිය අමිහිරි මතකය අවදි කරමින් කියා සිටියේ.

    මේ සිදුවීමෙන් පසු සිය මව කඩිනමින් තමන්ව නිවසින් පිට කිරීමටත් දෙවනුව ඉරාකයෙන් පිට කිරීමටත් ක්‍රියා කළ බව රිස්වාන් සිහි කළේ සිය පියා තමන් සමලිංගිකයෙකු වීම හේතුවෙන් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කළ බව තවමත් විශ්වාස කළ නොහැකි බව පවසමිනි.
    මහත් දුෂ්කරතා මැද රටවල් කිහිපයක දේශ සීමා පසු කරමින් සිය දිවි බේරා ගෙන ලෙබනනයට තමන් පැමිණි ගමන රිස්වාන් විස්තර කළේ කඳුළු පිරි දෙනෙතිනි.
    තමන් වැනි සමලිංගිකයන් සොයමින් IS ඉස්ලාම් සංවිධානය මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ අවසන් ඉරණම වන්නේ මරණය බවයි රිස්වාන් පවසන්නේ.
    IS ඉස්ලාම් සංවිධානය විසින් අල්ලා ගනු ලබන සම ලිංගිකයන් උස් ගොඩනැගිල්ලකින් තල්ලු කරන බවත් ගොඩනැගිල්ලෙන් වැටීමෙන් මිය නොයන තරුණයන් ගල් ගසා මරා දමන බවත් පවසන රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ මෙම සාහසික ම්ලේච්ඡ ක්‍රියා පටිගත කොට අන්තර්ජාලයේ පළ කිරීමට IS සංවිධානය ක්‍රියා කරන බවයි.
    මෙම ලිපියේ විස්තර කෙරෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් වෙනුවෙන් උපකල්පිත නම් භාවිතා කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.

    BBC
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කුසුමා කියනවා Scurvy කාරයා ඔහොම සීන් එකක් පහල ගෙදර තට්ටයාට දාන්න ගිහින් පොරව මාට්ටු වෙලා උඩ තට්ටුවෙන් පහලට දාලා. වැටිලා තියෙන්නේ තට්ටයාගේ කුණු වලට:lol:

    මෙන්න වීඩියෝ එක(නෑ නෑ එමිල්ගේ නෙමේ isis:lol:)
    18++ graphic content

    Code:
    http://www.liveleak.com/view?i=f6d_1435932798
     
    Last edited:

    Similar threads