කොටස් මිලේ දරුණු කඬා වැටීමක් වෙළඳසල් වල සෙනඟ නෑ
ලෝක ප්‍රකට ඇපල් තාක්ෂණික නිශ්පාදන සමාගමේ කොටස් වල අගය සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ මස මැදදී පැවති වාර්ශික ඇපල් නව තාක්ෂණික නිෂ්පාදන හදුන්වාදීමේ වැඩසටහනට පෙර කොටසක මිල වූයේ ඇමරිකානු ඩොලර් 164 ලෙසය.
නමුත් නව නිෂ්පාදන පෙළ එනම් Apple 8 Apple 10 දුරකථන හදුන්වාදීමත් සමඟ ඇපල් කොටස් මිල ක්‍රමිකව පහත වැටෙමින් තිබේ.
මේ වනවිට කොටසක අගය ඇමරිකානු ඩොලර් 151 කි.
මින් පෙර සෑම වර්ශයකදිම පාහේ නව ඇපල් නිශ්පාදන මිලදී ගැනීමට එහි බලයලත් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි වුවද මෙවර එම අලෙවිසැල් පාලු ස්වභාවයක් ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා.
මෙවර ඇපල් සමාගම සිය ඇපල් 8 දුරකතනය සමඟ ඇපල් 10 දුරකතනයද එළිදැක්වීම නිසා ඇපල් 8 හී අලෙවිය දැඩි ලෙස පහළ යනු ඇති බවට ආයෝජකයින් පුරෝකථනය කර ඇත. එම නිසා මෙලෙස කොටස් මිල පහත යන බවටද විශ්ලේෂකයින් මත පළ කර ඇත.
ලොව හොඳම ජංගම දුරකතන සහ සන්නිවේදන තාක්ෂණ උපකරණ නිශ්පාදන සමාගම ලෙස සැලකෙන ඇපල්, මෙලෙස දරුණු කඬාවැටීමකට ලක්වීම ඇපල් පාරිභෝගිකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.
Good News for Droids..!!
Nokia, Blackberry ගිය පාරේ 
