mata one button phone ekak wage black and white access karanna ban.patta addict wela inne phone ekata
black and white කරන්න නං ෆෝන් එකේම ඔප්ශන් ඇති බන්, ගොඩක් ඒවයෙ තියනවා.
Addict වෙලා තියන ඇප් ටික අයින් කරලා දැම්මනං හරි.
තව ඇඩික්ශන් නතර කරන්න මම කරන වැඩක් තියනවා, සපත්තු දාන්න මේස් එක දාද්දි මේස් එක ඇතුලට මොනවා හරි දෙයක් දානවා, රුපියලේ කාසියක් හරි මොනවා හරි ඇටයක් වගේ දෙයක්. දාන්නෙ ඇඩික්ශන් එක නතර කරගන්න ඕන නිසා කියලා හිතලා
අර දාන එකෙන් ලොකු කරදරයක් නැහැ, නමුත් නිතරම කකුලට දැනෙනවා එතකොට අර ඇඩික්ශන් එක නං කර කර ඉන්නෙ ඒක නතර කරන්න ඕන
පොඩි සෙල්ෆ් ඩිසිප්ලින් එකක් ඕන, දවස් 10ක් වගේ කරන්න ඕන.
Childish වගේ පේන්නෙ ඒ උනාට මට නං මේක සුපිරියට වැඩ කරනවා
කොහේ හරි සෙල්ෆ් ඩිවලොප්මන්ට් සෙශන් එකකදි මේක කියලා දුන්නෙ
මගේ පොඩි පොඩි ඔය වගේ දේවල් තිබුනා ඒව සම්පූර්නයෙන්ම හදා ගත්තා (පෑන් ක්ලිප් එක හපන එක, පෑන හපන එක, වැඩ කරද්දි ෆෝන් එක ඔබන එක, වගේ ගොඩක් ඒවා)