Is this TRUE LOVE?

after

Member
Sep 5, 2009
3,692
486
0
13419230_532060756919120_6552165614926344193_n.jpg

13427868_532060820252447_4750167206604291030_n.jpg


===ආදරයනම් මෙයමැයි===

( විනාඩියක් අරන් කියවලා පුලුවන් උදව්වක් කරන්න )

138 න් කොට්ටාවෙ ෆුඩ් සිටිය ළඟින් බැහැලා පාර පැනලා එද්දි සුසිකො එක ගාවදි මම මේ ආච්චිවයි සීයවයි දැක්කෙ...

සීයා ආච්චිගෙ අත තදින් අල්ලගෙන ඉන්නවා.. ආච්චි ඇවිදිද්දි වැටෙන්න යනවා.. කකුල් පටලැවෙනවා.. ඇඟ තදින් ගැහෙනවා දියෙන් ගොඩදාපු මාළුවෙක් වගේ...

කෑම කාලද දන්නෙ නැති හින්දා ළඟට ගිහින් කතා කළා...

+ සීයෙ කාල ද ඉන්නෙ...??

- ඔව් මහත්තයො අපි කෑවා... මේ කඩෙන් බත් එකක් දෙනවා අපිට හැමදාම කියලා සුසිකො එක පෙන්නුවා

+ හොඳයි... ආච්චිට මොකද සීයෙ වෙලා තියෙන්නෙ....??

- ස්නායු අමාරුවක් මහත්තයො.. මම තමයි බලාගන්නෙ... මෙයාගෙ අම්මටත් මේ ලෙඩේ තිබුණා..
මේ බලන්න අපි බැඳපු දවසෙ පොටෝ එක..
( සීයා අතේ නවාගෙන හිටපු සීයගෙයි ආච්චිගෙයි වෙඩින් පොටෝ එක දැකලා මට කඳුලු ආවා )

+ එතකොට බෙහෙත් එහෙම ගන්නවද...?

- ඔව් මහත්තයො කළුබෝවිලෙන් ගන්නව බෙහෙත්..

+ කීයක් විතර යනවද සීයෙ බෙහෙත් වලට..??

- මාසෙකට රුපියල් හත් අටසීයක් විතර යනවා..

+ ඒවට සල්ලි එතකොට..??

- මෙහෙම ලැබෙන දේවල් වලින් තමයි මහත්තයො බෙහෙත් ගන්නෙ..

+ සීයලා කොහෙද ඉන්නෙ..

- පාදුක්කෙ පුවක්පිටිය පාරෙ ඉන්නෙ මහත්තයො.. කාමර කෑල්ලක් අරන්.. ත්‍රීවිල් වල අයගෙන් ඇහුවොත් ඉන්න තැන පෙන්නයි...

+ සීයට එතකොට මොනවද කෙරෙන්න ඕනෙ.. බෙහෙත් වලට සල්ලි එහෙම ඕනෙද...?

- අනේ එපා මහත්තයො... මේ මනුස්සයව පෙන්නලා සල්ලි ගන්න කැමති නෑ මම.. බැරිම හින්දා තමයි මෙහෙම පාරෙ ඉන්නෙ...
මහත්තයට පුළුවන්නං මට ස්වයං රැකියාවක් කරන්න හදලා දෙන්න පින් සිද්දවෙයි.. සෙරප්පු හදනවා වගේ වැඩක්...

+ හරි සීයෙ මම මොකක් හරි කරන්නම්.. මම මේකෙ පොටෝ එකක් ගහගන්නද...

- හරි මහත්තයො..

+ එහෙනම් සීයා දැනට මේක තියා ගන්න.. මම ගිහින් එන්නම්..

- හොඳයි මහත්තයො.. බුදු සරණයි...

( අතේ තිබුණෙ රුපියල් 120 යි.. බස් එකට යන්න විස්සක් තියාගෙන ඉතුරු සීය දුන්නා කල්ප අයියව මතක් කරලා... )

මේ හැමදේම වෙනකන් ආච්චි සීයගෙ අතට වාරු වෙලා පාර දිහා බලාගෙන බර කල්පනාවක...

ජීවිතේ අවසන් වන තෙක් ඔබත් සමග මම එක්ව වාසය කරමියි.. දුක සැප බෙදා ගමියි කියලා විවාහ දවසෙ වෙන පොරොන්දුවට මේ තරම් දුක් බාධක මැද මේ දෙපළ කරන කරන සාධාරණේ මට තවමත් හිතාගන්න බෑ..

""මෙයාව පෙන්නලා මම සල්ලි හොයන්න කැමති නෑ මහත්තයෝ.."" කියලා කියපු වචන ටික තාමත් ඇහෙනවා..

පුළුවන් අය උදව්වක් කරන්න මේ දෙපළ ට..


FB
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හිගකන කෙනෙක්ට මං සතයක්වත් දෙන් නැ මචන්
    අතපය හොදට තියන හිගකන්නේ ඇයි?
    එත් මේ මනුස්සය මාරම මනුස්සයෙක් බන්
    හිග නොකා රස්සාවක් ඉල්ලන්නේ
    මාරම කෙනෙක් කවුරු හරි අනිවාර්යයෙන් පිහිට වෙයි
    ඔය වගේම දෙයක් දකිනවා හැමදාම පොළොන්නරු මහා රෝහලෙන්
    දෙන්නටම ඇස පෙන්නැ එත් හෙන ආදරෙන් කතා කර කර එන්න යනවා
    දකින්නත් අසයි
    හැමදාම වැඩ නවත්තලා ඒ දිහා ටිකක් බලන ඉන්නවා
    පොඩි කොල්ලගේ ඉදන් රුම් රිංගනකොට මේ වගේ දේවල් දකින්නත් අසයි බන්
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    හිගකන කෙනෙක්ට මං සතයක්වත් දෙන් නැ මචන්
    අතපය හොදට තියන හිගකන්නේ ඇයි?
    එත් මේ මනුස්සය මාරම මනුස්සයෙක් බන්
    හිග නොකා රස්සාවක් ඉල්ලන්නේ
    මාරම කෙනෙක් කවුරු හරි අනිවාර්යයෙන් පිහිට වෙයි
    ඔය වගේම දෙයක් දකිනවා හැමදාම පොළොන්නරු මහා රෝහලෙන්
    දෙන්නටම ඇස පෙන්නැ එත් හෙන ආදරෙන් කතා කර කර එන්න යනවා
    දකින්නත් අසයි
    හැමදාම වැඩ නවත්තලා ඒ දිහා ටිකක් බලන ඉන්නවා
    පොඩි කොල්ලගේ ඉදන් රුම් රිංගනකොට මේ වගේ දේවල් දකින්නත් අසයි බන්

    ubey mathaya mai math inne