ඕක උබලට හිතනවට වඩා පට්ට සංකීර්ණ ප්‍රශ්නයක් බන්, මට හිතෙන විදියට දැනට තියන ක්‍රමේ ටිකක් හරි සාධාරනයි දිස්ත්‍රික් කෝටා එකට ජනගහනය අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා අයිලන්ඩ් රෑන්ක් එක අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා
හැබැයි මෙරිට් අයින් කරලා ජනගහනය අනුව දිස්ත්‍රික් කෝටා දුන්නොතින් කාටත් සාධාරන අවස්තාවක් හම්බවෙනවා කැම්පස් යන්න ඒත් හැම කැම්පස් එකම එක සමාන විදියට හොද නැති නිසා එතන අසාධාරනයක් වෙනවා තමන්ගෙ දිස්ත්රික්කෙම තියන කැම්පස් එකකට යන්න උනොත්. මොකද දුර පලාත් වල අයට මොරටුවට වගේ එන්න බැරිවෙනවා එහෙම කරොත්
ඒක නිසා ලංකාවෙ හැම දිස්ත්රික්කෙටම ජනගහනෙ අනුව කෝටා එක දීලා (මෙරිට් අයින් කරලා), ඉන්න දිස්ත්‍රික්කෙ ගැන සලකන්නෙ නැතුව ලමයි ඉල්ලන ඕඩර් එකෙන් හැදෙන විදියට කැම්පස් එක සිලෙක්ට් කරා නම් හරි
එතකොට නිකන්ම අයිලන්ඩ් රෑනක් එක වැඩි එවුන් හොද කැම්පස් වලට අහුවෙනවා කොහේ දිස්ත්‍රික්කෙ උනත්
එතකොට මාජින් එකේ ඉන්න එවුන් මොරටුව අල්ලපු වැටේ උනත් දුර කැම්පස් එකකට අහුවෙනවා ඒක ගොඩක් සාධාරනයි මොකද කවුරුත් සිලෙක්ට් කරන්නෙ අයිලන්ඩ් රෑන්ක් එක අනුව නිසා
ඔය දුශ්කර පලාත් ගැන තියන සීන් එක ගැන ඕන නම් මගෙ කතාව කියන්නම්
මගෙ දිස්ත්‍රීක්කෙ මාතර, කරේ මැත්ස් ඒක නිසා ගොඩක් වෙලාවට අපිට ලංකාවෙ ලොකුම Z එක තියනවා කැම්පස් යන්න
මම ගියපු ඉස්කෝලෙ මැත්ස් අවුරුදු 17කට පස්සෙ මමයි මගේ යාලුවෙකුයි කරා (අපි දෙන්නම ෆස්ට් ශයි කැම්පස් ගිය මම කොලඹ කම්පියුටර් සයන්ස්, අනෙකා කොලඹ Industrial Statistics)
අපිට මැත්ස් උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ ඉස්කෝලෙ, ක්ලාස් විතරයි ගියේ (මාතර ක්ලාස් ගියා)
අපි කරන කාලෙ යුද්දෙ තිවුනා ඒක නිසා ඒ පැති වලින් ලමයි එනවා මාතර ක්ලාස් වලට අම්පාර මොණරාගල පැති වලිනුත් ලමයි එනවා අපි යන මාතර ක්ලාස් වලට
එහෙම එන අය අපි කම්පියුටර් සයන්ස් යන Z එකෙන් ඉන්ජිනියරින් යනවා ඒත් මම ඒ කාලෙ හිතුවෙ යුද්දෙ තියන පැති වල එවුන් එහෙම හරි කැම්පස් ගිහින් ගොඩයනවා නම් කමක් නැහැ කියලා
හැබැයි දැන් ඔය දුශ්කර කියන එක දිස්ත්රික්කෙන් මැනලැ වැඩක් නැහැ එහෙනම් ඉස්කෝලෙන් ඉස්කෝලෙට බලන්න ඕන (මොකද මම AL කරන කාලෙ අපිට මැත්ස් වලට තිබුනු පහසුකම් දුශ්කර වලටත් අන්තයි අඩුම තරමෙ ගුරුවරයෙක් හිටියෙත් නැහැ)