Is this true

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
hadai hadai aluthin campus :rofl: aluthin iscolayakwath hadanna puluwanda bn munta
පාලකයො කොරන්නේ සල්ලි මාටියා ගහන වැඩනේ බන්. මේ වගේ ආයොජන කරන්න බැරිකමක් නැ. මුන් කරන්නේ නැත්තේ උගත්තු බිහි උනොත් මුන්ට අනාගතයක් නැ.. හැමදාම සමුද්‍රිය පෙන්නල චන්ද කඩාගන්න සෙට් එකක් හදන්න තමා ට්‍රයි එක..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක :(
    හැම දිස්ත්‍රික්කේටම 1/25 ක් දෙන්නේ අහවල් එකකටද. කෝටා එක දෙන්නේ ජනගහනේ අනුව ඒත් කොළඹට ගම්පහට තමා වැඩියෙන් හම්බෙන්නේ කොහෙද අවාසි :eek: දිස්ත්‍රික් කෝටා එක අඩුකරල මෙරිට් උන් වැඩිකරාම හොඳම රිසල්ට් තියෙන උන් නේන්නං තේරෙන්නේ. :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැනටමත් එහෙම තමා බං ගන්නෙ. මතක විදිහට 60%ක්ද කොහෙද ලංකාවෙම සලකල හොඳම උන් සෙට් එක ගන්නව. ඉතුරු ටික යන්නෙ ජනගහනෙට සමානුපාතිකව. එහෙම ගිහිල්ලත් ඉතුරු වෙන සුලු ප්‍රමාණෙකට දුශ්කර යැයි කියන දිස්තික්ක වල උන්ව ගන්නව :yes: අරක 60%ක්ද කියල හරියට මතක නෑ :no:
    එහෙම අසාදාරනයි බන්. මේ කොල්ලට සල්ලි දීලා හරි යන්න යුනි එකක් තමන්ගේ පලාතේ තියෙන්න ඔනා. දැන් මූ සිලෙක්ට් නොවුනොත් මෙඩිකල් කොලේජ්, ඌ මොඩයෙක් කියලා කියන්න බැනේ.. ඊලග ඔප්ශන් එකක් ඌට තියෙන්න ඔනා තමන්ගේ පලාතේ. මේකත් හරියට සරනාගත ප්‍රශ්නේ වගේ තමා. මුලු ලන්කාවෙන්ම හොදම උන් කියලා සෙට් එකක් කොලඹට ගත්තම කොලඹ උන් යන්න දිහාවක් නැ. එහෙමනම් මූට අයිතිය තියෙන්න ඔනා මුගේ ඉසෙඩ් ස්කොර් එකෙන් නුවර වගේවත් ඉල්ලන්න. මොකද නුවර එකා මූට වඩා ඩුවෙන් ඉදලා නුවරින් කොලඹ කැම්පස් යනවනම් මරාගෙන කන්න හිතෙනවනේ අම්මපා.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    950
    113
    V
    දැනටමත් එහෙම තමා බං ගන්නෙ. මතක විදිහට 60%ක්ද කොහෙද ලංකාවෙම සලකල හොඳම උන් සෙට් එක ගන්නව. ඉතුරු ටික යන්නෙ ජනගහනෙට සමානුපාතිකව. එහෙම ගිහිල්ලත් ඉතුරු වෙන සුලු ප්‍රමාණෙකට දුශ්කර යැයි කියන දිස්තික්ක වල උන්ව ගන්නව :yes: අරක 60%ක්ද කියල හරියට මතක නෑ :no:

    40% from islandwide
    55% from district rank
    rest is for special enrollments ( army ,sports,foreign )
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    2016 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් දුන්න කඩඉම් ලකුණු වලට අනුව ගාල්ල (1.7738), මාතර (1.7681) කඩඉම් ලකුණු කොළඹට (1.7655) වඩා වැඩියි මෙඩිසින් වලින්. ඉන්ජිනීරින් වලදි මාතරයි (1.6333), යාපනෙයි (1.6157) වැඩියි කොළඹට වඩා (1.6154). බලනකොට දිස්ත්‍රික් පදනම වෙනත් දිස්ත්‍රික්ක වලටත් අහිතකර විදියට බලපාල තියෙනව ,කොළඹට විතරක් තියෙන ප්‍රශ්ණයක් විදියට අර්ථකථනය කරන්න එපා. මේක සංශෝධනය කරන්න කාලෙ හරි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැම දිස්ත්‍රික්කේටම 1/25 ක් දෙන්නේ අහවල් එකකටද. කෝටා එක දෙන්නේ ජනගහනේ අනුව ඒත් කොළඹට ගම්පහට තමා වැඩියෙන් හම්බෙන්නේ කොහෙද අවාසි :eek: දිස්ත්‍රික් කෝටා එක අඩුකරල මෙරිට් උන් වැඩිකරාම හොඳම රිසල්ට් තියෙන උන් නේන්නං තේරෙන්නේ. :baffled:
    ඔතන රිසල්ට් හොද කම නෙමෙයි බලපාන්නේ බන්. යුනිවසිටි බේස් වෙලා තියෙන්නේ කොලඹ උනාම කොලඹ එකාට අවාසියි. මොකද එකෙක්වත් යන්නේ නැනේ පොලොන්නරුවට කොලඹ ඉදන්. ඔක්කොම බලන්නේ කොලබට එන්න. එතකොට කොලඹ එකාට මුලු රටක් එක්කම ඇටැක් එකක් දෙන්න ඔනා තමන්ට පොට් එකක් වෙන් කරගන්න. අනිත් දිස්ත්‍රික්කවල උන්ට එහෙම ප්‍රෙශර් එකක් නැ. උන්ට දිස්ත්‍රික්කේ උන් එක්ක විතරයි ගේම තියෙන්නේ.. කොලඹ උන් මුලු රටේම සුපිරි මොල ටික එක්ක ගේම දෙන්න වෙනවා තමන්ට චාන්ස් එකක් ගන්න.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    2016 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් දුන්න කඩඉම් ලකුණු වලට අනුව ගාල්ල (1.7738), මාතර (1.7681) කඩඉම් ලකුණු කොළඹට (1.7655) වඩා වැඩියි මෙඩිසින් වලින්. ඉන්ජිනීරින් වලදි මාතරයි (1.6333), යාපනෙයි (1.6157) වැඩියි කොළඹට වඩා (1.6154). බලනකොට දිස්ත්‍රික් පදනම වෙනත් දිස්ත්‍රික්ක වලටත් අහිතකර විදියට බලපාල තියෙනව ,කොළඹට විතරක් තියෙන ප්‍රශ්ණයක් විදියට අර්ථකථනය කරන්න එපා. මේක සංශෝධනය කරන්න කාලෙ හරි.

    eka thama bn kiwwe Colombo witharak nemei kiyala :no:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    2016 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් දුන්න කඩඉම් ලකුණු වලට අනුව ගාල්ල (1.7738), මාතර (1.7681) කඩඉම් ලකුණු කොළඹට (1.7655) වඩා වැඩියි මෙඩිසින් වලින්. ඉන්ජිනීරින් වලදි මාතරයි (1.6333), යාපනෙයි (1.6157) වැඩියි කොළඹට වඩා (1.6154). බලනකොට දිස්ත්‍රික් පදනම වෙනත් දිස්ත්‍රික්ක වලටත් අහිතකර විදියට බලපාල තියෙනව ,කොළඹට විතරක් තියෙන ප්‍රශ්ණයක් විදියට අර්ථකථනය කරන්න එපා. මේක සංශෝධනය කරන්න කාලෙ හරි.
    එහෙම අවාසියක් ගාල්ල මාතර උන්ට වෙන්න ගියා මෙඩිකල් කොලේජ් ගාලේ මාතර තිබ්බා නම්. එතකොට ගාලේ උන්ට වෙන්නෙත් කොලඹ උන්ට වෙනදේම තමා. දැන් වෙන්නේ ගාල්ලේ උන් පට්ටා රිසල්ට් දැම්මොත් කොලඹ එකා A3 දැම්මත් වැඩක් නැ ගාල්ලේ එකා යුනි ඇවිල්ලා ඉවරයි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    eka thama bn kiwwe Colombo witharak nemei kiyala :no:
    නෑ බං අර ‍photo post එකේ තිබුනේ කොළඹින් ලියපු නිසා වුනා කියල ඒකයි. මම අනිත් පැති ගැන දැම්මේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    එහෙම අවාසියක් ගාල්ල මාතර උන්ට වෙන්න ගියා මෙඩිකල් කොලේජ් ගාලේ මාතර තිබ්බා නම්. එතකොට ගාලේ උන්ට වෙන්නෙත් කොලඹ උන්ට වෙනදේම තමා. දැන් වෙන්නේ ගාල්ලේ උන් පට්ටා රිසල්ට් දැම්මොත් කොලඹ එකා A3 දැම්මත් වැඩක් නැ ගාල්ලේ එකා යුනි ඇවිල්ලා ඉවරයි.

    ithin ban galle eka kohomath z eka wadiyne colombo ekata wada. e kiyanne uge results nuth wadi. aniwaryenma galle eka campus yanna one, anna ekai ban apith kiyanne wenna one kiyala. z eken wadima un cmpus ganna kiyala. meke dan wenne z eka kochcharak wadi unath wadak na, gallen ganna un ganna kotasa finish nam finishma thama
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.
    දැනුත් එහෙම තමයි වෙන්නේ, කැම්පස් එක හම්බ වෙන්නෙ island rank එකට සාපේක්ශව. ඒ කියන්නෙ district first උනත් වැඩක් නෑ island rank එක මදි නම්:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැනුත් එහෙම තමයි වෙන්නේ, කැම්පස් එක හම්බ වෙන්නෙ island rank එකට සාපේක්ශව. ඒ කියන්නෙ district first උනත් වැඩක් නෑ island rank එක මදි නම්:yes:
    ඔකට එකම විසඩුම වැඩි වැඩියෙන් යුනිවර්සිටි හදන එක මිසක ඔය කොටා ක්‍රමෙන් ලමයි හලලා දාන එක නෙමෙයි. හොදම ලකුනු ගත්තා කියලා හොදම දොස්තරලා බිහි වෙන්නේ නැනේ. සමහරවිට ඔය සිලෙක්ට් නොවුන උන් අතර ඉන්න පුලුවන් සුපිරි ගනයේ දොස්තරලා. අර ලමාබදුසූරිය වගේ අය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන රිසල්ට් හොද කම නෙමෙයි බලපාන්නේ බන්. යුනිවසිටි බේස් වෙලා තියෙන්නේ කොලඹ උනාම කොලඹ එකාට අවාසියි. මොකද එකෙක්වත් යන්නේ නැනේ පොලොන්නරුවට කොලඹ ඉදන්. ඔක්කොම බලන්නේ කොලබට එන්න. එතකොට කොලඹ එකාට මුලු රටක් එක්කම ඇටැක් එකක් දෙන්න ඔනා තමන්ට පොට් එකක් වෙන් කරගන්න. අනිත් දිස්ත්‍රික්කවල උන්ට එහෙම ප්‍රෙශර් එකක් නැ. උන්ට දිස්ත්‍රික්කේ උන් එක්ක විතරයි ගේම තියෙන්නේ.. කොලඹ උන් මුලු රටේම සුපිරි මොල ටික එක්ක ගේම දෙන්න වෙනවා තමන්ට චාන්ස් එකක් ගන්න.
    මේකනේ ගූගල් කැම්පස් එක කොළඹ තිබුනා කියල කොළඹ අයට විශේෂයක් කරන්න බෑ නේද මොකෝ ඒක කොළඹ අයගේ බදු සල්ලි වලින් නඩත්තු කරන කොළඹ අයට විතරක් හදපු එකක් නෙවේ නෙ. ලංකාවේ හැම තැනම කැම්පස් හදන්න බැරි නිසා ලේසියට නෙ ඔය තැන් කීපෙක හදල තියෙන්නේ. ඒ පළාතේ හිටිය කියල විශේෂ වරප්‍රසාද දෙන්න බෑ.

    දැනටත් මම හිතන්නේ දුෂ්කර දිස්ත්‍රික්ක වලින් අඩු රිසල්ට් වලට ඉන්ජිනිරින් වගේ තේරුනත් උන්ට මොරටුවට එන්න බෑ උන් යන්නේ පේරා හරි රුහුණ හරි. දිස්ත්‍රික් කෝටා එක අනුව මෙඩිකල් ඉන්ජිනිරින් තේරුනාට කැම්පස් එක දෙනකොට ප්‍රමුඛතාවය දෙන්නේ රෑන්ක් එකට. එතකොට කාටවත් අසාදාරනයක් නෑ මම හිතන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඕක උබලට හිතනවට වඩා පට්ට සංකීර්ණ ප්‍රශ්නයක් බන්, මට හිතෙන විදියට දැනට තියන ක්‍රමේ ටිකක් හරි සාධාරනයි දිස්ත්‍රික් කෝටා එකට ජනගහනය අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා අයිලන්ඩ් රෑන්ක් එක අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා

    හැබැයි මෙරිට් අයින් කරලා ජනගහනය අනුව දිස්ත්‍රික් කෝටා දුන්නොතින් කාටත් සාධාරන අවස්තාවක් හම්බවෙනවා කැම්පස් යන්න ඒත් හැම කැම්පස් එකම එක සමාන විදියට හොද නැති නිසා එතන අසාධාරනයක් වෙනවා තමන්ගෙ දිස්ත්‍රික්කෙම තියන කැම්පස් එකකට යන්න උනොත්. මොකද දුර පලාත් වල අයට මොරටුවට වගේ එන්න බැරිවෙනවා එහෙම කරොත්

    ඒක නිසා ලංකාවෙ හැම දිස්ත්‍රික්කෙටම ජනගහනෙ අනුව කෝටා එක දීලා (මෙරිට් අයින් කරලා), ඉන්න දිස්ත්‍රික්කෙ ගැන සලකන්නෙ නැතුව ලමයි ඉල්ලන ඕඩර් එකෙන් හැදෙන විදියට කැම්පස් එක සිලෙක්ට් කරා නම් හරි
    එතකොට නිකන්ම අයිලන්ඩ් රෑනක් එක වැඩි එවුන් හොද කැම්පස් වලට අහුවෙනවා කොහේ දිස්ත්‍රික්කෙ උනත්
    එතකොට මාජින් එකේ ඉන්න එවුන් මොරටුව අල්ලපු වැටේ උනත් දුර කැම්පස් එකකට අහුවෙනවා ඒක ගොඩක් සාධාරනයි මොකද කවුරුත් සිලෙක්ට් කරන්නෙ අයිලන්ඩ් රෑන්ක් එක අනුව නිසා

    ඔය දුශ්කර පලාත් ගැන තියන සීන් එක ගැන ඕන නම් මගෙ කතාව කියන්නම්

    මගෙ දිස්ත්‍රීක්කෙ මාතර, කරේ මැත්ස් ඒක නිසා ගොඩක් වෙලාවට අපිට ලංකාවෙ ලොකුම Z එක තියනවා කැම්පස් යන්න
    මම ගියපු ඉස්කෝලෙ මැත්ස් අවුරුදු 17කට පස්සෙ මමයි මගේ යාලුවෙකුයි කරා (අපි දෙන්නම ෆස්ට් ශයි කැම්පස් ගිය මම කොලඹ කම්පියුටර් සයන්ස්, අනෙකා කොලඹ Industrial Statistics)
    අපිට මැත්ස් උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ ඉස්කෝලෙ, ක්ලාස් විතරයි ගියේ (මාතර ක්ලාස් ගියා)

    අපි කරන කාලෙ යුද්දෙ තිවුනා ඒක නිසා ඒ පැති වලින් ලමයි එනවා මාතර ක්ලාස් වලට අම්පාර මොණරාගල පැති වලිනුත් ලමයි එනවා අපි යන මාතර ක්ලාස් වලට
    එහෙම එන අය අපි කම්පියුටර් සයන්ස් යන Z එකෙන් ඉන්ජිනියරින් යනවා ඒත් මම ඒ කාලෙ හිතුවෙ යුද්දෙ තියන පැති වල එවුන් එහෙම හරි කැම්පස් ගිහින් ගොඩයනවා නම් කමක් නැහැ කියලා
    හැබැයි දැන් ඔය දුශ්කර කියන එක දිස්ත්‍රික්කෙන් මැනලැ වැඩක් නැහැ එහෙනම් ඉස්කෝලෙන් ඉස්කෝලෙට බලන්න ඕන (මොකද මම AL කරන කාලෙ අපිට මැත්ස් වලට තිබුනු පහසුකම් දුශ්කර වලටත් අන්තයි අඩුම තරමෙ ගුරුවරයෙක් හිටියෙත් නැහැ)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රිසාල්ට් ආපු කාලෙට හැමදාම මේ ප්‍රශ්නේ මතු කරනවා. ට්ක කාලෙකට පස්සෙ ආයෙ අමතක වෙනවා. හැබැයි ටික වෙලාවක් කල්පනා කරල බැලුවම, මට නම් හිතෙන්නේ මේ ක්‍රමය සංශෝදනය කරන්න ගියොත් වෙන්නෙ, තවත් නැති ප්‍රශ්න එන එක:yes:

    අනික් සීන් එක තමයි, මේක කොළඹටම විතරක් බල පාන දෙයක් නෙමේ, ගිය අවුරුවල, engineering, medicine වල highest Z score තිබ්බෙ කොළඹින් නෙමේ. විශේශයෙන්ම engineering වල.:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මේකනේ ගූගල් කැම්පස් එක කොළඹ තිබුනා කියල කොළඹ අයට විශේෂයක් කරන්න බෑ නේද මොකෝ ඒක කොළඹ අයගේ බදු සල්ලි වලින් නඩත්තු කරන කොළඹ අයට විතරක් හදපු එකක් නෙවේ නෙ. ලංකාවේ හැම තැනම කැම්පස් හදන්න බැරි නිසා ලේසියට නෙ ඔය තැන් කීපෙක හදල තියෙන්නේ. ඒ පළාතේ හිටිය කියල විශේෂ වරප්‍රසාද දෙන්න බෑ.

    දැනටත් මම හිතන්නේ දුෂ්කර දිස්ත්‍රික්ක වලින් අඩු රිසල්ට් වලට ඉන්ජිනිරින් වගේ තේරුනත් උන්ට මොරටුවට එන්න බෑ උන් යන්නේ පේරා හරි රුහුණ හරි. දිස්ත්‍රික් කෝටා එක අනුව මෙඩිකල් ඉන්ජිනිරින් තේරුනාට කැම්පස් එක දෙනකොට ප්‍රමුඛතාවය දෙන්නේ රෑන්ක් එකට. එතකොට කාටවත් අසාදාරනයක් නෑ මම හිතන්නේ.

    නැහැ කෝසස් බොහොම ටිකයි තියෙන්නෙ අයිලන්ඩ් රෑන්ක් එකෙන් විතරක් ගන්න
    කොලඹ මෙඩිකල් එහෙමද කොහෙද

    අනෙක් සේරම මෙඩිකල් සහ ඉන්ජිනියරින් දිස්ත්‍රික් කෝටා මෙරිට් දෙකෙන්ම තමයි ගන්නෙ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකනේ ගූගල් කැම්පස් එක කොළඹ තිබුනා කියල කොළඹ අයට විශේෂයක් කරන්න බෑ නේද මොකෝ ඒක කොළඹ අයගේ බදු සල්ලි වලින් නඩත්තු කරන කොළඹ අයට විතරක් හදපු එකක් නෙවේ නෙ. ලංකාවේ හැම තැනම කැම්පස් හදන්න බැරි නිසා ලේසියට නෙ ඔය තැන් කීපෙක හදල තියෙන්නේ. ඒ පළාතේ හිටිය කියල විශේෂ වරප්‍රසාද දෙන්න බෑ.

    දැනටත් මම හිතන්නේ දුෂ්කර දිස්ත්‍රික්ක වලින් අඩු රිසල්ට් වලට ඉන්ජිනිරින් වගේ තේරුනත් උන්ට මොරටුවට එන්න බෑ උන් යන්නේ පේරා හරි රුහුණ හරි. දිස්ත්‍රික් කෝටා එක අනුව මෙඩිකල් ඉන්ජිනිරින් තේරුනාට කැම්පස් එක දෙනකොට ප්‍රමුඛතාවය දෙන්නේ රෑන්ක් එකට. එතකොට කාටවත් අසාදාරනයක් නෑ මම හිතන්නේ.

    මෙහෙමයි මම දකින විදියට මචන්. කොලඹ කැම්පස් එක තියෙන්න ඔනා කොලඹ උන්ට. පොලොන්නරුවේ එක තියෙන්න ඔනා පොලොන්නරු උන්ට. උන් පලාතක් කපාගෙන වෙන පලාටකට එනවනම් අර පලාතේ ඉන්න එකාට අසාදාරනයක් වෙනවමයි. කොලබ විශ්ව විද්යාලෙට නුවර එකාගේ බදු සල්ලි වියදම් කරනවනම් ඒකත් වැරදියි. පලාතේ දේවල් පලාත මැනේජ් කරගන්න ඔනා, ඒ වගේම එවල අයිතිය තියෙන්න ඔනත් පලාතේ උන්ට. පොලොන්නරුවේ විශ්වවිද්යාලයක් හැදුවනම්, ඌට කොලඇඹ එන්න ඔනා නැනේ. එතකොට කොලඹ එකාට ආයේ පොලොන්නරු එකා මොන රිසල්ට් එක දැම්මත් වැඩක් නැ. දැන් ක්‍රමේ හැටියට කොලබ හරි ගාල්ලේ හරි කොහේ හරි එකා මුලු රටේම උන් දාන රිසල්ට් එක අනුව තමන්ගේ ජිවිතේ තොරන සීන් එකක්නේ යන්නේ. මොකද විශ්වවිද්යාලෙට යන්න සුදුසුකම කියන්නේ ඉසෙඩ් ස්කොර් එක නෙමෙයිනේ. මේ අසාමාන්ය තදබදය නිසානේ ඔය ඉසෙඩ් ස්කොර් එකෙන් ගන්නේ. පලාතේ උන්ට පලාතේ යුනිවර්සිටි තිබ්බා නම් ගොඩක් වැඩි ප්‍රමානෙකට යුනිවර්සිටි යන්න තිබ්බා. ඒ වගේම ලමයින්ට මෙච්චර ස්ට්‍රෙස් එකකුත් නැ. සල්ලි වියදමත් අඩුයි.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔකට එකම විසඩුම වැඩි වැඩියෙන් යුනිවර්සිටි හදන එක මිසක ඔය කොටා ක්‍රමෙන් ලමයි හලලා දාන එක නෙමෙයි. හොදම ලකුනු ගත්තා කියලා හොදම දොස්තරලා බිහි වෙන්නේ නැනේ. සමහරවිට ඔය සිලෙක්ට් නොවුන උන් අතර ඉන්න පුලුවන් සුපිරි ගනයේ දොස්තරලා. අර ලමාබදුසූරිය වගේ අය.
    සුදුසුකම් තියෙන හැමෝටම ඇතිවෙන්න යුනි හැදෙන එක නම් කවදාවත් වෙයිද දැන්නේ නෑ මේ රටේ.:nerd: හැම දෙයක් ම සාපේක්ශයි බන්. ඉගෙන ගැනීම උනත්. උට ලැබෙන අවස්ථා, පහසුකම් අනුව තමයි ඉගෙන ගන්නේ. ඒ නිසා මට නම් හිතෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න ගියොත් තවත් අවුල් ජාලාවක පැටලෙයි කියන එක. මම කියන්නේ නෑ, මේක තමයි හොඳම කියලා, ඒත් වෙන විකල්ප නෑ:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම අසාදාරනයි බන්. මේ කොල්ලට සල්ලි දීලා හරි යන්න යුනි එකක් තමන්ගේ පලාතේ තියෙන්න ඔනා. දැන් මූ සිලෙක්ට් නොවුනොත් මෙඩිකල් කොලේජ්, ඌ මොඩයෙක් කියලා කියන්න බැනේ.. ඊලග ඔප්ශන් එකක් ඌට තියෙන්න ඔනා තමන්ගේ පලාතේ. මේකත් හරියට සරනාගත ප්‍රශ්නේ වගේ තමා. මුලු ලන්කාවෙන්ම හොදම උන් කියලා සෙට් එකක් කොලඹට ගත්තම කොලඹ උන් යන්න දිහාවක් නැ. එහෙමනම් මූට අයිතිය තියෙන්න ඔනා මුගේ ඉසෙඩ් ස්කොර් එකෙන් නුවර වගේවත් ඉල්ලන්න. මොකද නුවර එකා මූට වඩා ඩුවෙන් ඉදලා නුවරින් කොලඹ කැම්පස් යනවනම් මරාගෙන කන්න හිතෙනවනේ අම්මපා.

    එහෙම ගන්න තරම් ඉඩක් රජයේ විශ්විද්‍යාල වල නැති එකනෙ බං ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    දැනුත් එහෙම තමයි වෙන්නේ, කැම්පස් එක හම්බ වෙන්නෙ island rank එකට සාපේක්ශව. ඒ කියන්නෙ district first උනත් වැඩක් නෑ island rank එක මදි නම්:yes:

    එහෙම නැහැ
    උදාහරනයක් විදියට

    මොරටුවට ගන්න මෙරිට් ගාන 500 නම් සහ ඒ අවුරුද්දෙ 1000ක් ඉන්ජිනියරින් ගන්නවා නම්

    කොලඹ දිස්ත්‍රිකේන් අයිලන්ඩ් 600 ගන්න කෙනා සහ මාතර දිස්ත්‍රීක්කෙන් අයිලන්ඩ් 501 ගන්න කෙනා සැලකුවොත්
    මේ දෙන්නම දිස්ත්‍රික් කෝටා එකන් අහුවනවා ගොඩක් වෙලාවට

    එතකොට කැම්පස් එක සිලෙක්ට් වෙන්නෙ දිස්ත්‍රික්කෙ අනුව
    කොලඹ එකා මොරටු මාතර එකා රුහුණෙ