ISIS ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය
[FONT="]ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයට ශ්‍රී[/FONT] [FONT="]ලංකාවේ සිටින මුස්ලිම්වරුන් බැඳෙන්නට යන බවට මුලින්ම අනතුරු ඇඟෙව්වේ[/FONT] [FONT="]ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාවය. ඒ [/FONT]2013[FONT="] වර්ෂයේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් බෙදී යන තව්ෆික් කණ්ඩායම්[/FONT], [FONT="]ඉස්ලාම්[/FONT] [FONT="]ආගම අනුව කළු හමුදාවක් ගැන දැඩිව විශ්වාස කරන්නේය. ඉස්ලාම් ආගමට අනුව[/FONT] [FONT="]ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන අය බේරාගන්නට කළු හමුදාවක් එන බව[/FONT] [FONT="]තව්හිත්ලාගේ විශ්වාසයයි. ලෝකයට හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන කණ්ඩායම් ඉතිරි[/FONT] [FONT="]වන්නේ ඉරාකය[/FONT], [FONT="]සිරියාව වැනි රටවල බවද ඔවුන් තරයේ විශ්වාස කරන කාරණයකි. බොහෝ[/FONT] [FONT="]දෙනෙක් ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් ලෙස සිතා දිවි පිදීම පිණිස සිරියාවට යන්නට[/FONT] [FONT="]කැමැති මේ නිසාය.[/FONT]
[FONT="]මොසාඩ් ඔත්තු සේවාව අනතුරු හැඟවීම් කරන විටත් මෙරට මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සිරියාව බලා පිටත්ව ගොස් තිබිණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔවුන් විශ්වාස කරන පරිදි සිරියාවට යාමෙන් තම පරම්පරාවටම ස්වර්ගයට[/FONT] [FONT="]යාමට අවස්ථාවක් උදා වේ. මෙම තත්ත්වය නිසා ඔවුන්ගේ පවුල් පිටින්ම සිරියාවට[/FONT] [FONT="]යන්නට පෙලඹී සිටිති. මේ කාරණය ඔවුන් විස්තර කරන්නේ [/FONT]’[FONT="]හිජ්රත්[/FONT]’ [FONT="]යන වචනයෙනි.[/FONT] ‘[FONT="]හිජ්රත් කරනවා[/FONT]‘ [FONT="]කියන්නේ පරම්පරාවම රැගෙන යෑමටය. සිරියාවට යන අන්තවාදී[/FONT] [FONT="]පවුල් තම මෙහෙකාරියන් පවා රැගෙන යන අවස්ථා හමුවී තිබේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉෂාක් අහමඩ් මොහමඩ් මුසින්[/FONT]’ [FONT="]හෙවත් [/FONT]‘[FONT="]අබු හම්සා (ඉක්රිමා) සෙයිලානි[/FONT]’ 2013 [FONT="]වසරේ අගෝස්තු [/FONT]13 [FONT="]වැනිදා සිරියාවට ගිය තැනැත්තෙකි. ඔහු තවමත්[/FONT] [FONT="]අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයේ අධ්‍යාපන අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරන අතර[/FONT] [FONT="]එහි ලංකාව නියෝජනය කරන කණ්ඩායම් නායකයාය. ශ්‍රී ලංකාවෙන් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයට බැඳෙන ඕනෑම අයකුගේ නමේ අගට [/FONT]‘[FONT="]සෙයිලානි[/FONT]’ [FONT="]යන වචනය එක් කෙරේ. එය[/FONT] [FONT="]කරන්නේ එම තැනැත්තා ශ්‍රී ලංකාවේ බව කියන්නටය.[/FONT]
[FONT="]තමන් හා එක්වන පිරිමින්ගේ නම ඉදිරියට [/FONT]‘[FONT="]අබු[/FONT]’ [FONT="]යන නාමයද කාන්තාවන්ගේ නම[/FONT] [FONT="]ඉදිරියට [/FONT]‘[FONT="]උම්මු[/FONT]’ [FONT="]යන නාමයද ලබාදීම අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයේ සිරිතයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉෂාක් අහමඩ් සිය භාර්යාව හා ළමුන් පස්දෙනාත් සමග ඕමානයට ගොස්[/FONT] [FONT="]එතැනින් තුර්කිය හරහා සිරියාවට ගිය පුද්ගලයෙකි. සිරියාවේදී ඔහු[/FONT] [FONT="]අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයේ අධ්‍යාපන අංශයට බැඳුණි. ඒ කාලයේ මුස්ලිම්[/FONT] [FONT="]එයිඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අප්‍රිකානු[/FONT] [FONT="]කලාපය භාර ප්‍රධානියා[/FONT] [FONT="]වශයෙන් කටයුත් කළේද ඉෂාක් අහමඩ්ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉන් පසුව [/FONT]2015 [FONT="]ජනවාරියේදී ඉෂාක් අහමඩ්ගේ බාල සොහොයුරා වූ මොහමඩ්[/FONT] [FONT="]මුසින් සෆාස් නිලාම් සහ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද සිරියාවට ගියහ. ඒ ගමනේදී[/FONT] [FONT="]ඔවුහු සිය වයෝවෘද්ධ මව්පියන් දෙදෙනාද රැගෙන ගියහ. ඔවුන් එසේ කර ඇත්තේ[/FONT] [FONT="]හිජ්ත් කරන්නටය.[/FONT]
[FONT="]අයි.එස්.අයි.එස්. ත්රස්තයන් වෙනුවෙන් සටන් කරන්නට ගොසින් මරුමුවට[/FONT] [FONT="]පත්වූ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදියා වන්නේ නිලාම්ය. ඔහු [/FONT]2015[FONT="] ජුලි[/FONT] 11[FONT="] වැනිදා ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්විණි. මියයන විට[/FONT] [FONT="]නිලාම් දරුවන් අටදෙනෙකුගේ පියෙකි. හමුදා ප්‍රහාරයක් නිසා නිලාම්ගේ බිරිඳද[/FONT] [FONT="]සිරියාවේදී මියගියාය. එයින් පසුව නිලාම්ගේ දරුවන් අටදෙනා අනාථ වූහ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිලාම්ගේ බිරිඳගේ දෙවැනි සොහොයුරා වන තාකිර් අහමඩ් තාජුඩීන්[/FONT]’ [FONT="]සිරියාවට පැමිණ අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයට එක්වන්නේ [/FONT]‘[FONT="]අබු දුජාන්[/FONT] [FONT="]සෙයිලානි[/FONT]’ [FONT="]නමින්ය. ඔහුගේ අනෙක්[/FONT] [FONT="]සොහොයුරා වූ තාජුඩීන් මුහම්මද් තවුෂි සිය[/FONT] [FONT="]බිරිඳත් සමග සිරියාවට යන්නේ කොල්ලුපිටියේ පරිගණක අලෙවිසලද අත්හැර දමමිනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අයි.එස්. ග්රාමාරක්ෂකයකු වු තාකිර් අහමඩ් තාජුඩින් [/FONT]2017[FONT="] අගෝස්තු[/FONT] 31[FONT="]දා ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිලාම් හා තාජුඩින්ලා මරණයට පත්වන අවස්ථාව වන විට ඔවුන්ගේ පවුල්[/FONT] [FONT="]පහකට අයත් තිස්අට දෙනෙක් ඔවුන්ගේ ආගම වෙනුවෙන් මියැදෙන්නට පවුල් පිටින්ම[/FONT] ([FONT="]හිජ්ත්) ලංකාව අතහැර සිරියාවට ගොස් තිබුණේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දෙමටගොඩ මල්ලිකාරමය අසල තව්හිද් ජමාද් පල්ලිය ආරම්භ කරන්නේ[/FONT] [FONT="]සිරියාවේදී මරණයට පත්වූ තාජුඩින්ලාගේ පරම්පරාවය. දැනට මියගොස් සිටින[/FONT] [FONT="]තාජුඩින්ලාගේ පියා තව්හිත් ජමාද් පල්ලිය දෙමටගොඩ ස්ථාපිත කරන්නට මුල් වූ[/FONT] [FONT="]පුද්ගලයකු විය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලංකා තව්හිද්[/FONT], [FONT="]ජමාද් සමස්ත ලංකා තව්හිද් ජමාත්[/FONT], [FONT="]ජාතික තව්හිද්[/FONT] [FONT="]ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆී සෙයිලානි යනුවෙන් තව්හිද්[/FONT] [FONT="]සංවිධානය කැඩී වෙන්වී යන්නේ මොවුන්ගෙන් පසුවය.[/FONT]
[FONT="]මේ සියලු සිදුවීම් අතරේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ගැන සොයන්නට යුද[/FONT] [FONT="]හමුදා සන්නද්ධ බුද්ධි බළකාය යොදවා මෙහෙයුම් අරඹන්නේ හිටපු ආරක්ෂක ලේකම්[/FONT] [FONT="]ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙනි. ඒ සඳහා එවකට බුද්ධි අංශයේ අධ්යක්ෂව[/FONT] [FONT="]සිටි බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි යටතේ විශේෂ බුද්ධි මෙහෙයුමක් අැරඹිණි.[/FONT] [FONT="]ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවන මීළඟ තර්ජනය ගැන සොයන්නටය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔවුන්ට හැඟී ගියේ මෙය අනාගතයේදී ලංකාවේ හිස එසවීමට ඉඩ ඇති කොටි ඩයස්පෝරා ප්‍රශ්නයට වඩා බරපතළ දෙයක්ය යන්නයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි ඇතුළු නිලධාරීන් මේ කාරණය පෙන්වා දෙද්දී[/FONT] [FONT="]හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාව[/FONT], [FONT="]ඔස්ට්‍රේලියාව ඇතුළු රටවවලින් නවීණ[/FONT] [FONT="]තාක්ෂණික මෙවලම් හා පුහුණුවීම් ඇතුළු සහායද මෙම බුද්ධි විමර්ශන නිලධාරීන්ට[/FONT] [FONT="]ලබාදුන්නේය.[/FONT]
[FONT="]එම බුද්ධි මෙහෙයුමට අනුව ඉෂාක්ගේ නායකත්වයෙන් යුතු අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]තර්ජනය සොයන්නට අන්තවාදීන් අතරට රිංගන රහස්‍ය බුද්ධි මෙහෙයුම් ඇරඹුණු අතර[/FONT] [FONT="]කාලයක් යද්දී එය ඇමෙරිකාවත් පරයන තොරතුරු ජාලයකින් සමන්විත වූයේය.[/FONT]
[FONT="]ඉෂාක් හෙවත් අබු හම්සාගේ බෑණා මොහමඩ් අරුෂ්ය. හෙතෙම ඔස්ට්‍රේලියානු[/FONT] [FONT="]පුරවැසි භාවය ඇති පුද්ගලයෙකි. ඔහු සිරියාවේ අයි.එස්. රෝහලක භෞත චිකිත්සක[/FONT] [FONT="]ලෙස බැදෙන්නේ ඉෂාක්ගේ දුව සමග විවාහ වූ පසුවය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොහමඩ් සුහයිර් අරුෂ් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වන්නට යන්නේ[/FONT] [FONT="]ඔහු සමග ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරු ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති[/FONT] [FONT="]ජමිල් මොහමඩ් අබ්දුල් ලතිෆ් සමගය. ජමිල් මොහමඩ් තුර්කියට ගොස් අරුෂ් සමග[/FONT] [FONT="]සිරියාවට යන්නේ ආගම වෙනුවෙන් එහිදී ජීවිතය පුදන්නටය.[/FONT]
[FONT="]තේ කම්හල් හිමි හාජියාර් කෙනෙකුගේ සොයුරා වූ [/FONT]‘[FONT="]ජමිල්[/FONT]’ [FONT="]සිරියාවට ගොස්[/FONT] [FONT="]නැවත ලංකාවට ආවේය. ඔහු ආපසු එන්නේ අයි.එස්. සංවිධානය වෙනුවෙන් ලංකාවේදී[/FONT] [FONT="]මියැදෙන්නටය. පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ දෙහිවල ලොජ් එකකදී මරාගෙන[/FONT] [FONT="]මැරෙන බෝම්බය පුපුරා ගන්නේ ජමිල්ය.[/FONT]
[FONT="]නිලාම්ගේ මිතුරෙකු වූ ඉමාඩ් පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත[/FONT] [FONT="]විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් ප්‍රබල චරිතයකි. ඉමාඩ්ගේ මව නෙදර්ලන්ත[/FONT] [FONT="]තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කළ කාන්තාවකි. ඇයගේ දැනුවත්කමකින් තොරව[/FONT] [FONT="]ඔහු සිරියාවට ගිය බව කියතත්[/FONT], [FONT="]ඉමාඩ් සිරියාවට ගොස් දින තුනක් ගතවෙද්දී[/FONT] [FONT="]බිරිඳත් සමග යළි මෙරටට පැමිණෙන්නේත් ඉදිරි ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳෙන්නට මුලින්ම ගිය පිරිස් සමග සබඳකම්[/FONT] [FONT="]පැවැත්වූ ඉමාඩ් හා ජමිල් ලංකාවට පැමිණි පසු සහරාන්ලා එයට එක්වන තුරු[/FONT] [FONT="]අන්තවාදීන් සමග සබඳතා පැවැත්වූහ.[/FONT]
[FONT="]සහරාන් මව්ලවි [/FONT]2011[FONT="] පටන් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන[/FONT] [FONT="]ජාතික[/FONT] [FONT="]තවුහිද් ජමාත් සංවිධානය බිහිකර අන්තවාදී මත පතුවරමින් සිටියේය. හමුදා[/FONT] [FONT="]බුද්ධි අංශ ඒ වන විටත් සහරාන් පසුපස ගියේ සහරාන් අනාගත අභියෝගයක් බව දැනගත්[/FONT] [FONT="]නිසාය. සහරාන් මව්ලවි [/FONT]2017 [FONT="]මාර්තු [/FONT]10[FONT="]දා රවුෆ් මව්ලවි හට පහරදී[/FONT] [FONT="]කාත්තන්කුඩියෙන් පැනයන විටත්[/FONT], [FONT="]හතළිහක පනහක පමණ කණ්ඩායමක් සහරාන් සමග එක්ව[/FONT] [FONT="]සිටින බව බුද්ධි අංශ ඉලක්ක කරගෙන තිබිණි.[/FONT]
[FONT="]මේ අතර අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන්[/FONT] [FONT="]සිරියාවට ගිය ඉෂාක් අහමඩ්ගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ කණ්ඩායම් මෙහෙයවීමද[/FONT] [FONT="]අරඹා තිබුණේය. ඉෂාක් අහමඩ්ලාගේ ප්‍රචාරන කටයුතු සියල්ල සමාජ මාධ්‍ය ජාලා[/FONT] [FONT="]ඔස්සේ සිදුවෙද්දී යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. අභ්‍යන්තර ජාලයට තම[/FONT] [FONT="]ඔත්තුකරුවන් රිංග වූ අයුරින්ම අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]ජාලයටත් තම ඔත්තුකරුවන්[/FONT] [FONT="]රිංගවන්නේ දිගුකාලීන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.[/FONT]
[FONT="]මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවට හෝ ඉන්දියාවට නැති තොරතුරුවලින්[/FONT] [FONT="]පවා බුද්ධි නිලධාරීන් සන්නද්ධ වූහ.අයි එස් ත්රස්තයන් ක්‍රියාත්මක වන සෑම[/FONT] [FONT="]තත්පරයකම ඔවුන්ගේ ක්‍රියාකාරකම් තාක්ෂණික මෙවලම් හරහා අනාවරණය කරගන්නේ[/FONT] [FONT="]ඇමෙරිකාවටත් නැති තොරතුරු සමගය. ෙලාව ඕනැම තැනක එල්ල කරන ප්රහාරයන් ගැන[/FONT] [FONT="]බුද්ධි අංශ එසැනින් දැනගත්තේ අයි ත්රස්තයන් මරාගෙන මැරෙන ප්‍රහාර සජීවීව[/FONT] [FONT="]ඔවුන්ගේ කණ්ඩායම් අතර බෙදාහරින නිසාය. මේ සෑම තොරතුරක්ම හමුදා සන්නද්ධ[/FONT] [FONT="]බුද්ධි බළකාය හමුදා බුද්ධි අධ්යක්ෂවරයා මගින් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත[/FONT] [FONT="]ලබාදෙන්නට කටයුතු කළේය.[/FONT]
[FONT="]එම බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන් මෙහෙයවූ කණ්ඩායම් සඳහා වෙන වෙනම[/FONT] [FONT="]ලිපි ගොනු හැදුණේය. මේ වන විටත් අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]සංවිධානය වෙනුවෙන්[/FONT] [FONT="]ක්‍රියාත්මක කණ්ඩායම්වල ලංකාව සම්බන්ධයෙන් ප්‍රහාරක සැලසුමක් නොතිබිණි.[/FONT] [FONT="]බහුතරය උත්සාහ කළේ සිරියා[/FONT], [FONT="]ඉරාක භූමියට ගොස් මියැදෙන්නටය. මේ සිදුවීම් අතරේ[/FONT] [FONT="]අයි.එස්. ත්රස්තයන් ආසියානු කලාපයේ ක්‍රියාත්මක වීම නවත්වන්නට[/FONT] [FONT="]ඉන්දියාවත්[/FONT], [FONT="]ඇමෙරිකාවත්[/FONT] [FONT="]මෙරට බුද්ධි මෙහෙයුම්වලදී තොරතුරු හුවමාරු කරන්නට[/FONT] [FONT="]විය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉෂාක් අහමඩ් හෙවත් අබු හම්සා සෙයිලානිගේ නායකත්වයෙන් ලංකාව තුළ[/FONT] [FONT="]ක්‍රියාත්මක වන කණ්ඩායම්[/FONT], [FONT="]ලංකාව තුළ ප්‍රහාරයක් සඳහා සූදානම් වන්නේ ඔවුන්ගේ[/FONT] [FONT="]සංවිධානය දෙකඩ වී ගිය පසුය. සහරාන් සමග එක්ව තව්හිද් ජමාත් සංවිධානය සමග[/FONT] [FONT="]පෙරට එන කණ්ඩායම් ආගම වෙනුවෙන් මැරෙන බවට ප්‍රතිඥා දී පොරොන්දුවෙන්නේ[/FONT] [FONT="]මල්වානේදීය. [/FONT]2017[FONT="]දී සහරාන් වෙනමම කණ්ඩායමක් සමග හිස ඔසවන බවට හමුදා බුද්ධි[/FONT] [FONT="]අංශ ඒ වන විටත් තහවුරු කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිලය දක්වා එම තොරතුරු[/FONT] [FONT="]ලබාදී තිබුණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සහරාන්[/FONT] [FONT="]බුද්ධි මෙහෙයුම්වලින් බේරීම සඳහා ජංගම දුරකථන භාවිත කළේ[/FONT] [FONT="]නැත. ඔහු අවශ්‍ය තැනට ගොස් ගෙදරට කතා කරන තුරු කිසිවෙක් දැන සිටියේත් නැත.[/FONT]
[FONT="]සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් වන කණ්ඩායම් තම[/FONT] [FONT="]අරමුණු කරා යන්නට පුහුණු වන්නේ තනිවමය. ඔවුනොවුන් තනි තනිවම මරාගෙන[/FONT] [FONT="]මැරෙන්නට පුහුණුව ලබන අතරේ සුවිශේෂ පොත් දෙකක් තම කණ්ඩායම්වල[/FONT] [FONT="]පුහුණුකිරීම්වලට යොදාගත්තේය. බුද්ධි අංශ තොරතුරු අනුව එයින් එක් පොතක පිටු[/FONT] [FONT="]දෙදහසකි. අසු නොවන ආකාරයට දුරකථන භාවිතා කිරීම[/FONT], [FONT="]තොරතුරු නිරීක්ෂණය කරන[/FONT] [FONT="]ආකාරය ඇතුළු ඕනෑම උපක්‍රමයක් ගැන එහි සඳහන්ය. ෂේක්වරුන් ලියූ මෙකී පොත්[/FONT] [FONT="]අන්තර්ජාලය ඔස්සේ පරිහරණය කරමින් අන්තවාදී කණ්ඩායම් මරාගෙන මැරෙන ප්‍රහාර[/FONT] [FONT="]දක්වා සූදානම් කළෝය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ ආකාරයට සූදානම් වුණු අන්තවාදීන් එකසිය හතළිස් දෙනකු බුද්ධි අංශ[/FONT] [FONT="]නිලධාරීන් විසින් [/FONT]2017 [FONT="]වන විටත් හඳුනාගෙන තිබිණි. බුද්ධි මෙහෙයුම කෙතරම්[/FONT] [FONT="]සාර්ථකද යත් අන්තවාදී කණ්ඩායම් රැස්වන ආරක්ෂිත නිවෙස්වල සිදුකරන දෑ සජීවීව[/FONT] [FONT="]දැකබලා ගත හැකිව තිබිණ. ඒ ඇමෙරිකාවෙන් ලද තාක්ෂණික ආධාර නිසාය. එමගින් මෙරට[/FONT] [FONT="]බුද්ධි සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායම් එකරැස් වන තැන් වෙන වෙනම හෙළි[/FONT] [FONT="]කරගන්නට හමුදා බුද්ධි නිලධාරීන් සමත් වූහ.[/FONT]
[FONT="]අයි.එස්. සංවිධානයට එක්වී සිරියාවේ ලංකා නායකයාව සිටි අබු හම්සා[/FONT] ([FONT="]ඉෂාක්) වත් මෙල්ල කරන්නට හැකිවූයේ එම බුද්ධි මෙහෙයුමෙනි. සිය පවුලම සමග[/FONT] [FONT="]සිරියාවේදී මැරෙන්නට සිතා දෙමාපියන්වත් එරටට ගෙන්වාගත් ඉෂාක්ට යළිත්[/FONT] [FONT="]දෙමාපියන් මෙරටට එවීමට නොහැකිව ලතවන බව බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන්[/FONT] [FONT="]අතරට රිංගාගත් ඔත්තුකරුවන් එවකට හෙළිකර ගත්තේය. ඒ අනුව හමුදා බුද්ධි බළකාය[/FONT] [FONT="]ඇමෙරිකාවේ සහාය ගෙන ඉෂාක්ගේ දෙමාපියන් මෙරටට ගෙන්වා දීමට උත්සාහ කළේ[/FONT] [FONT="]බුද්ධි මෙහෙයුම ඉදිරියට ගෙන යන අනාගත සැලසුම මතය. ඇමෙරිකාවත් පසු බසිද්දී[/FONT] [FONT="]එම වයෝවෘද්ධ යුවළ තුර්කියට ගෙන්වාගෙන රහසිගත බුද්ධි මෙහෙයුමක් කරමින්[/FONT] [FONT="]ඔවුන්ව ලංකාවට ගෙන එන්නට සැලසුම් සකස් කෙරිණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තුර්කියේ ශ්‍රී ලංකා[/FONT] [FONT="]තානාපති කාර්යාලයට සිරියාවේ සිට එවූ ඉෂාක්ගේ දෙමාපියන්ට ආරක්ෂිතව මෙරටට[/FONT] [FONT="]එන්නට මගපෑදුණ මෙහෙයුම ගැන ඇමෙරිකන් ඔත්තු අංශත් විස්මයට පත්වූයේය. [/FONT]2015 [FONT="]ජනවාරි [/FONT]15[FONT="]දා ඉෂාක්ගේ සොහොයුරා වූ නිලාම් (අබු සුහයිර්) සමග සිරියාවට ගිය[/FONT] [FONT="]මෙම වයෝවෘද්ධ දෙමාපියන් [/FONT]2016[FONT="] ජනවාරි [/FONT]29[FONT="]දා මෙරටට පැමිණි බවට අග්‍රාමාත්‍ය[/FONT] [FONT="]රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදීත්[/FONT] [FONT="]කියැවුණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙරට හමුදා බුද්ධි අංශය සාර්ථක බුද්ධි මෙහෙයුමක් මගින් අයි.එස්.[/FONT] [FONT="]ජාලයට ඔවුන්ගේ සමාජ ජාල ඔස්සේ එම කණ්ඩායම් රිංගවන්නේය. රජය නුවර[/FONT], [FONT="]දිගන[/FONT] [FONT="]සිදුවීමේ පටන් ෆේස්බුක්[/FONT], [FONT="]වට්ස්ඇප් ඇතුළු සමාජජාලා අවහිර කළත් ඉස්ලාම්[/FONT] [FONT="]ත්රස්තයන් භාවිතා කළේ ටෙලිග්‍රෑම් ඇතුළු කිසිවෙකු නොසිතූ සමාජ ජාලාය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හමුදා බුද්ධි මෙහෙයුම අනුව මීළඟට තිබුණේ අන්තවාදීන් සියලු පුපුරන[/FONT] [FONT="]ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය[/FONT], [FONT="]අවි ආයුධ එක තැනකට රැස් කළ පසුව එකවර සියලු[/FONT] [FONT="]කණ්ඩායම් අත්අඩංගුවට ගෙන මෙරටින් අන්තවාදය තුරන් කිරීම පමණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එහෙත් වර්තමාන රජය ඒ මෙහෙයුමට එකඟ වූයේ නැත. එය සිදුවන්නේ බුද්ධි[/FONT] [FONT="]අංශ විසින් ආරක්ෂක කවුන්සිලය හමුවේ සියලු තොරතුරු ලබාදී තිබියදීය. මුස්ලිම්[/FONT] [FONT="]ඡන්ද[/FONT], [FONT="]මුස්ලිම් ජනමතය[/FONT], [FONT="]මුස්ලිම් දේශපාලනඥයන්[/FONT], [FONT="]මුස්ලිම් ප්‍රභූවරුන් ගැන[/FONT] [FONT="]පමණක් සිතා ජාතික ආරක්ෂාව පසෙක දැමූ වත්මන් රජය මීට වසර දෙකකට පෙර සියලු[/FONT] [FONT="]හමුදා බුද්ධි මෙහෙයුම් නවත්වන්නේ බුද්ධි නිලධාරීන් සීසීකඩ යවමිනි.[/FONT] [FONT="]අන්තවාදීන් [/FONT]147 [FONT="]දෙනකු එකවර අත්අඩංගුවට ගැනීමට බිය වූ පාලකයන් නීතියේ හිඩැස්[/FONT] [FONT="]ගැන කතා කරන්නට වූහ. නීති ප්‍රමාණවත් නොමැති බව රජය කියද්දී අන්තවාදී[/FONT] [FONT="]ත්රස්තයන් කොටුකරන්නට හැකි නීති කෙටුම්පතක් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින්[/FONT] [FONT="]ඉදිරිපත් කළද එයද ක්‍රියාත්මක වූයේ නැත.[/FONT]
[FONT="]හමුදා බුද්ධි අංශවල මෙහෙයුම් නතර වූ පසුව සහරාන් ඇතුළු අන්තවාදීහු[/FONT] [FONT="]තම ක්රියාකාරීත්වයන් යළි පණ ගැන්වූහ. ලංකාවේ ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමද[/FONT] [FONT="]එයට ඇතුළත්ව තිබිණි. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ඇතැමෙක් ඊට කැමැති වූයේ නැත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ඊබ්‍රාහිම් සාදික්[/FONT], [FONT="]සාදිත්ලා සහරාන්ගෙන්[/FONT] [FONT="]කැඩී යන්නේත් හදිසි ප්‍රහාරයකට සූදානම් වෙද්දීය. සිරියාවට ගොස් පැමිණි[/FONT] [FONT="]ඉමාඩ් මාතලේ ඔමෙර් ඇතුළු ප්‍රබලයින් කියන්නේ ඒ සඳහා තවම වෙලාව හොඳ නැති[/FONT] [FONT="]බවයි. ඔවුන් කියන්නේ ඒ සඳහා තවත් වසර දෙකක්වත් බලා සිටිය යුතු බවයි. නමුත්[/FONT] [FONT="]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ පුතුන් දෙදෙනාත්[/FONT], [FONT="]ජමිල් ඇතුළු පිරිසත් සහරාන් සමග[/FONT] [FONT="]පාස්කු ඉරිදා ප්‍රහාරයට සූදානම් වන්නේ ඉක්මන් ප්‍රහාරයකට අනෙක් කණ්ඩායම්[/FONT] [FONT="]අකමැතිව දෙකට බෙදෙද්දීය. දෙහිවලදී බෝම්බය පුපුරවාගත් ජමිල් සමග විසිපස්[/FONT] [FONT="]දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාර සඳහා එකතු වී තිබුණේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට එක්වූ සහරාන්ගේ කණ්ඩායම්වල තව්හිද්[/FONT] [FONT="]ජමාත් තමිල්නාඩු කණ්ඩායම්වලට සෘජු සහාය ලැබුණු බවට බුද්ධි අංශ තොරතුරු[/FONT] [FONT="]අනාවරණය කරන්නේ සාධකද සහිතවය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා වූ සහරාන් වැඩිපුරම ගොස් තිබුණේ[/FONT] [FONT="]ඉන්දියාවටය. චෙන්නායිවලට ගොස්[/FONT] [FONT="]එතැනින් කේරළය දක්වා ගිය සහරාන් එහිදී කුමක්[/FONT] [FONT="]කළාද යන්න ඉන්දියානු රෝ ඔත්තු සේවාව නොදැන සිටි බව කීම හාස්යයක්ය. හමුදා[/FONT] [FONT="]බුද්ධි අංශවලට අනුව මෙරට තුළ රෝ ඔත්තුකරුවන් දහස් ගණනක් සිටියදීත් සහරාන්[/FONT] [FONT="]ඉන්දියාවට ගිය ආකාරය රෝ ඔත්තු සේවයට හෙළි නොවීම විහිළුවකි.[/FONT]
[FONT="]සහරාන් පමණක් නොව මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාගේ[/FONT] [FONT="]පියාවන ඊබ්‍රාහිම් හාජ්ජියාර් වැඩිපුරම ගොස් ඇත්තේද දකුණු ඉන්දියාවටය.[/FONT] [FONT="]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ කුළුබඩු වැඩිපුරම ගෙන ගියේ ඉන්දියාවටය.[/FONT] [FONT="]ඉන්දියාවෙන් ගම්මිරිස් ගෙනවිත් ශ්‍රී ලංකා නමින් ප්‍රති අපනයනය කරන්නේත්[/FONT] [FONT="]ඊබ්‍රාහිම් හාජ්ජියාර්ය.[/FONT]
[FONT="]ඊබ්රාහිම්ගේ මරාගෙන මැරුණ එක් පුතකු ගිය වසරේ දෙපාරක්ම මියන්මාරයටත් ගොස් තිබිමද දැන් සැක පහළ වී ඇත.[/FONT]
[FONT="]තමිල්නාඩු[/FONT] [FONT="]මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය පාස්කු ඉරිදා ප්‍රහාරයට ලද[/FONT] [FONT="]බව හෙළි වෙද්දී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ගෝවාහි[/FONT] [FONT="]ක්‍රිස්තියානි ප්‍රජාව අමතා කළ මැතිවරණ ප්‍රකාශයද කතාබහට ලක්ව ඇත. පාස්කු[/FONT] [FONT="]ඉරිදා ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ගෝවා ඡන්දයට පෙරදින කළ මෙම ප්‍රකාශයෙන්[/FONT] [FONT="]කියා තිබුණේ කොංග්රස් පක්ෂය බලයට ආවොත් ඉන්දියාවටද අයි.එස්.අයි.එස්.[/FONT] [FONT="]තර්ජනයට මුහුණදෙන්නට සිදුවන වගය.[/FONT]
[FONT="]ඉන්දියාවේ මේ හැසිරීමත් පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ජමිල් නමැති[/FONT] [FONT="]දෙහිවලදී පුපුරුවා ගත් ත්‍රස්තයා ඉන්දියාවට අයත් ටාජ් සමුද්‍රා හෝටලයට[/FONT] [FONT="]ඉලක්කයක් ගැනීමට ගොස් එය අත්හැර දැමීමත් විමර්ශනවලදී සැක සංකා මතු වු[/FONT] [FONT="]කාරණාය.[/FONT]
[FONT="]චීන සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටලයට පමණක් මරාගෙන මැරෙන ප්‍රහාර[/FONT] [FONT="]දෙකක්ම එල්ල කිරීමත් කලාප බලවතුන්ගේ ගැටලුවක පෙර නිමිති පෙන්වා දී ඇත.[/FONT]
[FONT="]මේ සියලු කාරණා ඔස්සේ අත්අඩංගුවට ගන්නා සාමාජිකයන් අතර සිටින ප්‍රබල[/FONT] [FONT="]ක්‍රියාකාරීන් හා සැකකටයුතු කණ්ඩායම්[/FONT], [FONT="]එකම සිරමැදිරිවල තබාගෙන පරීක්ෂණ[/FONT] [FONT="]කිරීමෙන් අනාගතයේ තවත් අභියෝගයක් ඇතිවන බව බුද්ධි අංශවල මතයයි. විවිධ[/FONT] [FONT="]ප්‍රදේශවල රහසිගතව ක්‍රියාත්මක වූ කණ්ඩායම්වලට එකිනෙකාට හඳුනාගත හැකි[/FONT] [FONT="]අවස්ථාවක් මෙමගින් සැලසී ඇති බවට බුද්ධි අංශ අනතුරු හඟවන්නේය. මාකඳුරේ[/FONT] [FONT="]මධූෂ් පාතාල මෙහෙයුම්වල හිරගෙදරදී කණ්ඩායම් එක්රැස් කළ අයුරෙන් මුස්ලිම්[/FONT] [FONT="]අන්තවාදීන්ට එක්වීමට අවස්ථාවක් නොදීමට වගබලා ගත යුතු බව ආරක්ෂක අංශවල[/FONT] [FONT="]අදහසය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උපුටා ගැනීම,
[/FONT]
[FONT="]තිස්ස රවීන්ද්‍ර පෙරේරා
[/FONT]
[FONT="]අරුණ පුවත්පත.