ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි...


    ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි
    සිරියාවේ ISIS සංවිධානයේ සාමාජිකයකු විසින් සිය මවට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

    බි‍්‍රතාන්‍යය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ 20 හැවිරිදි අලි සක්ර් අල් කාසිම් විසින් සියගණනක් ජනතාව ඉදිරියේදී සිය මවට වෙඩි තබා මරා දමා ඇති බවයි.

    ISIS අගනුවර ලෙස සැලකෙන රක්කා නගරයේදී මෙය සිදුව ඇති අතර 40 හැවිරිදි ලෙනා නම් කාන්තාවක් ඇය සේවය කළ තැපැල් කාර්යාලය අසලදී මෙලෙස මරණ දඬුවමට පාත‍්‍රවී ඇත.

    ISIS සංවිධානයට ද්‍රෝහී වීම ඇයට එරෙහිව නැගුණු චෝදනාවයි. රක්කා නගරය අතහැර ISIS සංවිධානයෙන් පලාගොස් ජීවත්වීම සඳහා ලෙනා සිය පුතු වෙත ඉල්ලීමක් කර ඇති අතර තම මවගේ සැලසුම පිළිබඳව අල් කාසිම් විසින් සිය අණදෙන නිලධාරීන්ට වාර්තා කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

    ලෙනාට මරණ දඬුවම පැණවූ ත‍්‍රස්තවාදීන් එය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇයගේම පුතුට නියෝග කර තිබේ.

    ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සිරියාවේ හා ඉරාකයේ විශාල ප‍්‍රදේශයක් පාලනය කරමින් සිටින අතර ඔවුන්ගේ අණසකට නතු නොවෙන්නන් සාහසික ලෙස ඝාතනය කිරීම සාමාන්‍ය තත්වයක් වී ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    The idiot thinks that he'll go to heaven as per mighty allah's favor,
    But in reality he has reserved a vip box in hell by doing the 'Ananthariya Papakarma'

    The most amazing thing is when he realizes the reality in hell, that there's no fucking god called allah, he can't tell the truth to his co-terrorist friends even if he wanted to.. :D :D
     

    Similar threads