ISIS මැලේසියාවේදී කොටු
මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටියේ.
ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.
” ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා” යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා.
මෙම ත්‍රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.
2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබුණා.
ඔන්න පේනවනේ ඒ රටවල් වල අාණ්ඩුවල බුද්ධි අංශයේ වැඩ.ගහන්න කලින් ඔක්කොම මාට්ටු..අනික දැක්‍කද ඒ බුද්ධි අංශයේ අයගේ මූණුවත් ඒ රටේ මාධ්‍ය වලින් පෙන්නන්නෙ නැහැ..ඒකට මෙහෙ නම,ගම ඵක්ක පුළුවන්නම් ඉන්න ගෙදර අැඩ්රස් පවා දෙයි.රටකට කොන්ද පණ තියෙන අාණ්ඩුවක් තියෙන ඵකේ වැදගත්‍කම පේනවනේ.අපේ උන්ට ඉන්දියාවෙන් කියලත් මේක කරගන්න බැරි උනා..ඒකෙන් උනේ අහිංසක මිනිස්සු මැරුණ ඵක.
.

Last edited: