ISIS ලිංගික වහලියෝ
අයි. එස්. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගර හෝ ගම්වල කතෝලික කුර්දි හෝ යසිදි ජාතික පිරිමින්ට එක්‌කෝ මුස්‌ලිම් ආගමට හැරී ශාරියා නීතියට හිස නවාගෙන ජීවත් වෙන්නට හැකිය. නැතිනම් වෙඩි කා මිය යා හැකිය. එහෙත් අල්ලා ගන්නා කාන්තාවන්ට නම් ඇත්තේ එකම ඉරණමකි.
අයි. එස්. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගරවල සිටින කාන්තාවන් සහ ගැහැණු දරුවන් වයස් බේදයකින් තොරව ඔවුන්ගේ අත්අඩංගුවට ගැනෙයි. ඉන්පසුව ඒ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදු වෙන්නේ අයි. එස්. ත්‍රස්‌තවාදීන් සදහා ලිංගික වහලියන් ලෙස සේවය කරන්නටය.
මේ ලිංගික වහලියන් පිළිබද පුවත මුලින්ම අනාවරණය වූයේ උතුරු ඉරාකයේ සින්ජාර් නගරය අත්පත් කරගැනීමේදී අත්අඩංගුවට පත් වී ලිංගික වහලියන් ලෙස ඔවුන් යටතේ කල් ගෙවු කාන්තාවන් කිහිප දෙනෙකු ඔවුන්ගෙන් පලාවිත් ඒ පිළිබදව මාධ්‍යයට හෙළි කිරීමෙනි. මෙසේ ලිංගික වහලියන් ලෙස අත්අඩංගුවට ගන්නා ගැහැණු දරුවන් හා කාන්තාවන් අයි. එස්. ත්‍රස්‌තවාදීන් විසින් ඔවුන්ගේ වයස් කාණ්‌ඩය අනුව හා පෙනුම අනුව කණ්‌ඩායම් වලට බෙදනු ලබයි. ඉන්පසුව ඔවුන්ගෙන් කොටසක් මැදපෙරදිග රටවල ධනවතුන් වෙනුවෙන් ලිංගික වහලියන් ලෙස අලෙවි කරති. මේ ලිංගික වහලියන් ලෙස මේ යසිදි කාන්තාවන් හා කුර්දි කාන්තාවන් අලෙවි වෙන්නේ සවුදි අරාබියේ ප්‍රසිද්ධ වෙන්දේසිවලය. ලිංගික වහළියන් විකිණීමේදී සහ ඔවුන්ව මිලදී ගන්නා අය විසින් පිලිපැදිය යුතු ශාරියා නීතියට අනුකූල යෑයි කියන නීති මාලාවක්‌ද, ලිංගික වහලියන් විකිණීම සදහා වන මිල ගණන් ලැයිස්‌තුවක්‌ද අයි එස් ත්‍රස්‌තවාදීන් විසින් අත් පත්‍රිකාවක් ලෙස නිකුත් කොට ඇති බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරයි.
මේ වන විටත් මෙසේ අත්අඩංගුවේ රඳවාගෙන අයි. එස්. ත්‍රස්‌තවාදීන් විසින් නිරන්තරවම දූෂණයට ලක් කරන කාන්තාවන් හා ගැහැණු දරුවන් සංඛ්‍යාව පන්දහසක් පමණ වෙතැයි වාර්තා වෙයි.
අයි. එස්. ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ කාන්තාවන්ට සිදු වන්නේ බියකරු මරණයකට මුහුණ දෙන්නටය. ත්‍රස්‌තයන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ වරදට යසිදි කාන්තාවන් දහනව දෙනෙකු යකඩ කූඩුවක් තුළ දමා පණ පිටින් පිලිස්‌සූ වීඩියෝවක් අයි එස් ප්‍රචාරක ජාලය විසින්ම යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ඇතුළත් කොට තිබිණ. මේ අමානුෂික වධ හිංසාවලට ලක් වෙමින් නිතිපතා ත්‍රස්‌තවාදීන් අතින් දූෂණය වෙමින් ලිංගික වහලියන් ලෙස රදවාගෙන උන් යසිදි කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ග්‍රහණයෙන් පලා විත් තමන් ලැබූ බිහිසුණු අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකොට ඇත.
මේ එවන් කාන්තාවන් කිහිප දෙනෙකු මාධ්‍යයට හෙළි කළ ඔවුන්ගේ අත්දැකීම්ය.
2014 අගෝස්‌තු මාසයේදී උතුරු ඉරාකයේ සිනිජාර් නගරය අයි. එස්. ත්‍රස්‌තවාදීන් විසින් අත් පත් කරගනු ලැබිණ. එහිදී අයි එස් ත්‍රස්‌තවාදීන්ගේ අත්අඩංගුවට පත් කාන්තාවන් සංඛ්‍යාව පන් දහසක් පමණ වෙයි. "හැනන්" ද එයින් එක් කාන්තාවකි. "හැනන්" ඇයගේ සැබෑ නම නොවේ. ඇය යසිදි ජාතික කාන්තාවකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි. එස්. ත්‍රස්‌තයන්ගෙන් පැන ආ පසුව ඇය මාධ්‍යයට කීවේ මෙවැන්නකි. "එදා අගෝස්‌තු පහළොස් වෙනිදා. මම ගෙදර එනකොට ගෙදර අය නගර අත් ඇරලා යන්න බඩු පොදි බදිනවා. අයි. එස්. ත්‍රස්‌තවාදියො අපේ නගර කිට්‌ටුවටම ඇවිත් තිබුණා. අපි අපිට ගෙනියන්න පුළුවන් බඩු මුට්‌ටුත් අරන් නගරය අත් ඇරලා යන්න පිටත් වුණා. ඒත් වැඩක් වුණේ නෑ.. ත්‍රස්‌තවාදියෝ සිනිජාර් නගරයෙන් පිටවෙන පාරවල් වහලා දාලා තිබුණා. එයාලගෙ ට්‍රක් වලින්. අපි ගිය පාරේ ත්‍රස්‌තවාදියො විසි දෙනෙක් විතර හිටියා. උන් අතේ තුවක්‌කු තිබුණා. අපි එක්‌ක ගිය පිරිමි අයව එවෙලේම ඒ තුවක්‌කු වලින් වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්‌සේ උන් අපිව අල්ල ගත්තා.
"දැන් උඹලා යන්නෙ මොසුල් වලට" කියලා උන් කිව්වා. ඊට පස්‌සෙ අපේ කොණ්‌ඩවලින් ඇදගෙන අපිව උන්ගේ වාහන වලට ගෙනිච්චා.
අපිව ගෙනිහින් දැම්මේ ලොකු ක්‍රීඩා ශාලාවකට. සති දෙකකට පස්‌සෙ අපිව තවත් ශාලාවකට ගෙනිච්චා. එතන යසිදි ගෑනු උදවිය දෙසීයක් විතර හිටියා. ඒ තමයි වහල් වෙළෙදපොල. අයි. එස්. ත්‍රස්‌තවාදීන්ට එතැනට ඇවිත් තමන් කැමැති කෙල්ලක් මිලදී ගන්න පුළුවන්. අපිට ඒ අයගේ මූණ දිහා බලන්න තරම්වත් ධෛර්යයක් තිබුණෙ නෑ. අපි හිටියේ හොදටම බය වෙලා. ලිංගික වහලියක් විදිහට පාවිච්චි කරපු ගෑණු ළමයෙක් එතනට ඇවිත් එයාට සිද්ධ වෙච්ච හැම දේම අපිට කිව්වා. අපි තවත් බය වුණා. අපිව බය කරන්න උන් හැම තැනටම වෙඩි තිබ්බා. අපි අතරින් උන්ට කැමති කෙනෙක්‌ව බලහත්කාරෙන්ම අරන් ගියා. හැම තිස්‌සෙම අපි හිටියේ අඬ අඬා.. අපිට දිවි නසාගන්න ඕන වුණත් ඒකටවත් ක්‍රමයක් තිබුණේ නෑ.. එක ගෑණු ළමයෙකුට නම් සියදිවි නසා ගන්න පුළුවන් වුණා. එයා එයාගේ අතේ මැජික් කටුව කපා ගත්තා. එයාට උදව් කරන්නවත් එයාව බේරගන්නවත් අයි එස් ත්‍රස්‌තවාදියෝ අපිට ඉඩ දුන්නෙ නෑ.. උන් අපිව වෙන කාමරේකට දාලා දොර වැහුවා. අර ගෑනු ළමයා මැරිලා ගියා. "ඒකට කමක් නෑ. අපි මේ මිනිය කොහේට හරි විසි කරලා දාන්නං" කියලා අයි එස් ත්‍රස්‌තවාදියෝ කිව්වා.
"යසිදි කියන්නේ මිත්‍යාදෘෂ්ඨිකයෝ.. උන්ට ජීවත් වෙන්න අයිතියක් නෑ. උඹලාට ජීවත් වෙන්න ඕන නං මුස්‌ලිම් වෙයල්ලා" කියලා උන් අපිට කිව්වා.
හැනන් තමා අත්දුටු බිහිසුණු අත්දැකීම මාධ්‍යයට විස්‌තර කළේ එසේය.
"ෂාදී" ද සිනිජාර් නගරයෙන් අත් අඩංගුවට ගෙන ලිංගික වහලියක ලෙස රදවා ගත් තවත් යසිදි යුවතියකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි එස් ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් පැන එන්නට ඇයට හැකි වුණේ මාස පහක් තිස්‌සේ නිතිපතා දූෂණයට ලක් වී බරපතළ ලෙසින් කායික අපයෝජනයට ලක්‌වීමෙන් පසුවය.
"එතකොට උදේ එකොළහට විතර ඇති. අපි හිටියේ කෑම උය උයා. උන් අපේ නගරයට ඇවිත් අපිව අල්ලගත්තා. පිරිමි අයත් ගෑනු අයත් වෙන් කළා. පිරිමි අයව කොහේට අරන් ගියාද එයාලා ජීවතුන් අතරද නැද්ද කියලා අදටත් අපි දන්නෙ නෑ. ඊට පස්‌සෙ උන් අපි ලගට ආවා. උන් අපිට කිව්වා ඉස්‌ලාම් ආගමට හැරුණේ නැත්නම් අපේ බෙලි කපලා මරා දානවා කියලා. ඉන් පස්‌සේ උන් අපිව ඉස්‌කෝල ගොඩනැගිල්ලට ගෙනිච්චා. අපේ ළඟ තිබුණ සල්ලි, අපේ රත්තරන් බඩු හැම දේම කොල්ල කා ගත්තා.
මොසුල් නගරයේදී ෂේක්‌වරුයි එමීර් වරුයි අපිව බලන්න ආවා. ඒ ගොල්ලො ආවෙ අපිව මිලදී ගන්න. මාව මිලදී ගත්ත කෙනා මාව ටල් අෆාර් නගරයට අරගෙන ආවා. ඊට පස්‌සෙ බලහත් කාරයෙන් මාව කසාද බැදගත්තා. එදා රෑ මගේ අත් දෙකත් කකුල් දෙකත් ගැට ගහලා ඇස් දෙකත් රෙදි පටියකින් බැන්දා. ඊට පස්‌සේ මහ දරුණු විදිහට මාව දූෂණය කළා.
අයි. එස්. අයි. එස්. ත්‍රස්‌තවාදියෙක් පළවෙනි වතාවට මාව දූෂණය කරනකොට ඔහු මට කසයකින් හොදටෝම ගැහුවා. ඊට පස්‌සෙ මාව සෝදලා එයා එක්‌ක විවාහ වෙන්න කියලා බල කළා. ඒ ත්‍රස්‌තවාදියාගේ වයස අවුරුදු තිහක්. ඒත් ඒ වෙනකොටත් එයාට දරුවන් හතර දෙනෙක්‌ම හිටියා. මටත් කිව්වා එයා වෙනුවෙන් දරුවෙක් බිහි කරන්න කියලා.
ඒ ත්‍රස්‌තවාදියා කළේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම් සම්බන්ධ වැඩ.. ඒ ගොල්ලො එක එක නගරවල පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරපු තැන් මම දැක්‌කා. අහස් යානාවක සද්දෙ ඇහෙනකොට එයාලා මාව එළියට යවනවා. මාව දැක්‌කාම ඒ අහස් යානා බෝම්බ දාන්නේ නැති වේවි කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති. නසීමා තමන් විදි හිරිහැර මාධ්‍යව්දීන් වෙත විස්‌තර කළේaඑසේය.
මෙලෙසින් අයි. එස්. ත්‍රස්‌ත ග්‍රහණයෙන් පැන ආ කාන්තාවන් ප්‍රමාණය හාරසියයක් පමණ වන අතර මේ වන විටත් දිනපතා දරුණු ලෙසින් දූෂණය වෙමින් තවමත් අයි. එස්. ත්‍රස්‌තයින්ගේ අත්අඩංගුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව තුන්දහස් පන්සියේ සිට පන්දහසක් පමණ සංඛ්‍යාවක් වෙතැයි විදෙස් මාධ්‍යය පවසයි.
-නිම්මි මුදිතා හේරත්