ISIS සබඳතා පැවැත්වූ, මහින්දගේ සංවිධායක, කෝටිප&

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ISIS සබඳතා පැවැත්වූ, මහින්දගේ සංවිධායක, කෝටිප&

    අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.

    සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

    ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මොහු සතුව මොහුගේ ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිසිය සිය බාරයට ගෙන ඇත. මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    මොහු කාලයක සිට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
     

    Attachments

    • M.Z.M-Rzwaan-2019.05.16-2.jpg
      M.Z.M-Rzwaan-2019.05.16-2.jpg
      84.3 KB · Views: 47

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Thawa Oya wage Set ekak innawa Wattala, Welisara, Mabole, Hunupitiya, Gongithota, Enderamulla Pathi wala, Thama kisima Full search ekak kare na oya pathi .....


    Aranchi widiyata nam muge Prado eka padinna dila thiyenne Wattala OIC ta. matath yaluwek kiwwe, kattiya kalin munge nam ekka anith set ekage num ehema dila search karanna kiyala, karanne na ban... deshapalana haiyai ... salli balei :yes: