ISIS හැදුන්නේ මෙන්න මෙහෙමයි
ISIS කියන වචනය මේ දවස්වල නිතරම වගේ ඇහෙනවා. ISIS කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවෙන පිරිසක් කියල හැමෝම දන්නවා වුණත්, මේ කියන අකුරු හතරේ තේරුම දන්න අය අඩුයි. ඒ නිසා ඔන්න අපි අද කියන්න යන්නේ ISIS කියන්නේ මොකක්ද? කවුද? හැදුණේ කොහොමද කියන කතාව.
කියන්නේ Islamic State of Iraq and Syria කියන එක. ඒ කියන්නේ ඉරාක සහ සිරියා ඉස්ලාමීය ජනපදය. මේ අය ඉරාක සහ සිරියා ඉස්ලාමීය රාජ්‍ය විදිහටත් ඒ අයව හඳුන්වාගන්නවා. දැන් දැන් වෙත්දී මේ අය වැඩිපුරම පාවිච්චි කරන්නේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ කියන නම.
මුලින් ම SIS පිහිටවගත්තේ, ඇමරිකාව ඉරාකය ආක්‍රමණයෙන් පසුව ආරම්භ වුණු නව යුගයේදී. ඒ කියන්නේ 2003 දී විතර. දෙවන ගල්ෆ් උද්ධයෙන් සදාම් හුසේන් ට බලය අහිමි වීමත්, ඉරාක හමුදා විසුරුවා හැරීමත් එක්ක බිඳවැටුණු රාජ්‍ය ව්‍යුහයේ කුඩා කණ්ඩායම් ලෙස ජන රාශි ඇති වීම ආරම්භ වුණා. ඇමරිකානු හමුදාව ඉරාකය අත්පත් කරගෙන සිටි 2003-, 2011 කාලයේදී, මේ රාජ්‍ය ව්‍යුහයේ ඇතිවුණු රික්තකය පුරවන්න ප්‍රජාතන්ත්‍රවාදී ෂියා රෙජිමයක් පිහිටුවන්න අනුබල දුන්නා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ෂියා රෙජිමයේ පාලකයා වුනේ නුරී අල් මලික්.
ප්‍රජාතන්ත්‍රවාදී ෂියා රෙජිමය බලයට පත්වීම පිළිබඳව දැඩි ලෙස නො සතුටට පත්වුණු පිරිසකුත් හිටියා. ඒ තමයි ඉරාකයේ සාම්ප්‍රදායික පාලකයන් වුණු සුන්නි ප්‍රජාව. ඉරාක ජනගහනයෙන් 22%ක ප්‍රතිශතයක් වුණු සුන්නි අරාබි ප්‍රජාවේ හැම කෙනෙක් ම වගේ සහ 38% ක් වුණු කුර්දි සුන්නි ප්‍රජාවේ කොටසක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ෂියා රෙජිමය පිලිබඳ තදබල නො සතුටට පත්වුණා.
ඒ නිසා සුන්නි රජයක් පිහිටුවන්න ඔවුන් සංවිධානය වුණා.
රටේ තිබුණු දුර්වල රාජ්‍ය සහ ආරක්ෂක කපොලු නිසා 2004 වසරේදී අල්-ඛයිඩා ත්‍රස්තවාදීන්, ඉරාකයේ ඔවුන්ගේ ශාඛාවක් විවර්ත කළා. අලුතෙන් පිහිටුවාගත් ප්‍රජාතන්ත්‍රවාදී ෂියා රෙජිමය පිළිබඳ නො සතුටින් හිටි සුන්නි කොටස්වලට, ඔවුන්ගේ එකම ගැලවුම්කරු තමන් කියල ඒත්තු ගන්වන්නමේ ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා. ඉරාකිය ඉස්ලාමිය රාජ්‍යය බිහිකරන්න මේ පිරිස සංවිධානය වුණා.
මේ අය තමයි ISI. ඒ කියන්නේ, Islamic State of Iraq.
2001 දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීමත් සමඟ ම ඉරාකය තුළ තම බලය තහවුරු කරගන්න මේ පිරිස සමත් වුණා. එක අවුරුද්දකින් – දෙකකින් මේ අය පුදුම වේගෙන් වර්ධනය වුණා. විවිධ හේතු නිසා තම තමන් ගේ ආගමික සහ දේශපාලන කණ්ඩායම්වලින් කැඩුණු ෂියා පිරිසත් මේ යට ම එකට එකතු වුණා. මුලින් ම මේකට එකතු වුණු පිරිස අතරේ හිටපු බොහෝ දෙනෙක් ඇත්තෙන් ම සමාජ අසාධාරණයට ලක්වුණු අය.
සුන්නි සහ ෂියා ජනකොටස් දෙකේ ම මේ ISI ඇතුලේ ඉන්නවා.
මේ අතරේ තමයි මැද පෙරදිග දේශපාලන අර්බුද ඇතිවෙන්න පටන්ගත්තේ. විශේෂයෙන් ම එකම පාලකයෙක් දීර්ඝ කාලයක් බලයේ හිටපු ඊජිප්තුව- ලිබියාව – සිරියාව වගේ රටවල්වල.
මේ රටවල්වල පැවති රජයන් පෙරලා දමන්න සක්‍රියව එකතු වුණු පිරිසක් හිටියා. ඒ අය තමයි රාජ්‍ය විරෝධී සටන්කාමින් විදිහට හැඳින්වුණේ. රජයට එරෙහිව යන්න සංවිධානය වුනු මේ අය අතරේත් අර මුලින් කතා කළ ආගමික සහ දේශපාලන කණ්ඩායම්වලින් කැඩුණු පිරිස් හිටියා. ඒ අය එකට සංවිධානය වෙලා රාජ්‍ය බලය අල්ලන්න උත්සාහ කළා.
මේ කලබල ඇතිවුණු සමහර රටවල්වල පාලකයන්ට ඒ තරමට කැමති නැති සමහර බටහිර රටවල්, ප්‍රසිද්ධියේ වගේම අප්‍රසිද්ධියේත් මේ රාජ්‍ය විරෝධී සටන්කාමීන්ට උපකාර කළා. ප්‍රසිද්ධියේ ඒ අයව අගය කරන ගමන්, ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාව ඒ අයට දිනා දෙන්න මේ බලවත් රටවල් උත්සහ කළා. ඒ වගේම ලෝකෙට හොරෙන් මේ රාජ්‍ය විරෝධී සටන්කාමින් ට අවි ආයුධත් සැපයුවා. ලෝකෙට හොරෙන් වගේ කළත්, ඒ දේවල් ලෝකෙට ප්‍රසිද්ධ රහස්.
කොහොමින් කොහොම හරි මේ කලබල ඇතිවුණු රටවල් අතුරින් සමහරක බලය රාජ්‍ය විරෝධීන් අල්ලා ගත්තා. ඒ අයට ඕන පාලකයෝත් පත්කරගත්තා. හැබැයි එහෙම වුණා කියල නිශ්ශබ්ද වෙන්න මේ අයගේ සුදානමක් තිබුනේ නෑ. මේ සංවිධානය ඇතුලේ එක එක නායකයෝ මතුවෙන්න පටන්ගත්තා. ඒ හැමෝටම එක ම නායකයා බවට පත්වෙන්න වුවමනා වුණා. ඒ නිසා තමන් ම පත්කළ රජයන් ඇතුලේ තමන්ගේ කණ්ඩායම් එක්ක, මේ අය බලය අල්ලන්න උත්සාහ කළා.
මේ වෙත්දී මේ සංවිධානවල හිටපු සමහර සාමාජිකයෝ මේ සංවිධානවලින් ඉවත්වෙලා. හිටපු පාලකයා ඉවත්කරන්නම සංවිධානයට එකතුවුණු අය, ඒ අරමුණ ඉටුවිමත් එක්කම තමන්ගේ පුරුදු ජීවිතවලට ගියා. ඒ නිසා මේ එක එක නායකයන්ට තම තමන්ට පිරිස එකතු කරගන්න, ලෝකේ තියෙන සංවේදීම මාතෘකාවේ එල්ලෙන්න සිද්ධවුණා.
ඒ තමයි ආගම.
අවභෝදයෙන් තොර ශ්‍රද්ධාව භයානකයි කියනවනේ. ඒ කතාව අත්තක් ම බව ඔප්පු කරමින් මේ අය වටේ එකතු වුණේ, ඔලුවෙන් නෙමෙයි – හැඟීම්වලින් ආගම අදහන අය.
ඒ අය උත්සාහ කළා තමන්ගේ මනෝරාජික ආගමික භුමිය, මේ රටවල්වල මහා පොලොව මත ගොඩනගන්න.
හොඳින් නැත්නම් නරකින්.
මේ වෙත්දී මේ අය සතුව අවි ආයුධ තිබුණා. තමන් පත්කළ රජයන් නිසා යම් යම් ප්‍රමානවලට දේශපාලන බලයත් තිබුණා. බලය ලැබීමත් එක්ක සිදුවන අනිත් දේ මේ අයට වුණා. ඒ තමයි මොළය නැතිවීම.
මේ අතරේ ඉරාකයේ ඉන්න අල්-ඛයිඩා නායකයින් මේ සිදුවීම් ගැන හොඳ විමසිල්ලෙන් හිටියේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අල්-ඛයිඩා ත්‍රස්තවාදීන්, තමන්ගේ අලුත් ම කණ්ඩායම වුණු එක්ක සිවිල් යුද්ධයෙන් බිඳ වැටෙමින් තිබුණු අසල්වැසි රට වන සිරියාවට ඇතුළු වුණා.
තම තමන්ගේ අවශ්‍යතා ඉටු නො වීම මත, අසාධාරණයට ලක්වුණු බව හැඟුණු පිරිස් සහ, මේ එක එක නායකයන් වෙන වෙන ම තමන්ගේ සංවිධානයට එකතුකර ගත්තා. ඒ සිරියාව සහ ඉරාකය යන රටාවල් දෙකම, මේ මනෝරාජික ආගමික ශුද්ධ භුමිය බවට පත්කරනවා ය යන විශ්වාසය ඔවුන් තුල ඇති කරමින්..
මේ සඳහා ඉරාකයෙන් සිරියාවට ආ පිරිස – සිරියාවෙන් අලුතින් එකතු වූ පිරිසත් එකක්ක එකතුවෙල තමයි, ISIS හැදුණේ .
ඒ කියන්නේ Islamic State of Iraq and Syria.
Source:- http://gossipking.lk/2016/01/08/4643/