මැන්චෙස්ටර් ප්‍රහාරයට පැය 4කට පමණ පෙර අන්තර්ජාලයේ සටහන් පළ කල අයි එස් ත්‍රස්තයෝ
එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා‘ ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී සිදුවූ පිපිරීමෙන් මේ වන විට 19 අධික පිරිසක් මියගොස් 50 අධික පිරිසක් තුවාල ලබාදී තිබේ.
ජනප්‍රිය ගායිකාවක වන අරියානා ග්‍රෑන්ඩ් ගේ සංගීත ප්‍රසංගකයට මෙම බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්ත මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වේ.
මේ අතර මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරය අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් අන්තර්ජාලය ඔස්සේ සටහන් පළ කරමින් සැමරූ අයුරු විදෙස් මාධ්‍ය අණාවරනය කරයි
කෙසේ වෙතත් අයි එස් සංවිධානය හෝ අල් ඛයිඩා සංවිධානය නිළ වශයෙන් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නැත.
මින් එක් ට්විටර් ගිණුමක ප්‍රාහාරය එල්ල කිරීමට පැය 4කට පමණ පෙර සටහනක් යොදා තිබූ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි



