ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි එස් ත්‍රස්තවාදියා ගලේවෙල පදිංචිකරුවෙක්ද යන්න සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයාගේ තොරතුරු එක්රැස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.පසුගිය දා සිරියානු ගුවන් ප්‍රහාරයකින් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු මියගොස් ඇති බව සමාජ වෙබ් අඩවිවල සටහනක් තබා තිබුණා.ඔහු අයි එස් සටන්කාමීන්ට සම්බන්ධව කටයුතු කර ඇති බවයි එහි සටහන්ව තිබුණේ.පාකිස්තානයේ, ඉස්ලාමාබාද් ඉස්ලාමීය විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා ඇති අදාළ පුද්ගලයාට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාවක් ඇති බවද එහි සඳහන්.පසුගිය දෙසැම්බර් මාසයේදී මක්කම වන්දනාවේ යන බව පවසමින් විදෙස්ගතව ඇති ඔහු, අනතුරුව අයි එස් ත්‍රස්තවාදීන් සමග එක්ව ඇති බව සඳහන්.
(චන්දන පුස්සවෙල/ දේවිකා මධුෂානි) -