IT, Accontants ලට Australia PR නවත්වයි?

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ දෙවැනි ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.

    2020 අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය
    2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 110 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 90 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

    සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2300 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

    එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 92% ක කප්පාදුවකි.

    ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

    ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු
    Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

    එමෙන්ම ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අය - වැය තවමත් ප්‍රකාශයට පත් නොකළ නිසා 2020/21 නව මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික සැලැස්මේ මට්ටම් (Migration Planning levels) පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීමද තවත් හේතුවකි.

    ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් තීරණය කරනු ලබන්නේ නව මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙනි.

    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය ඔක්තෝබර් 06 වන දිනට කල් දැමිණි.

    ඒ අනුව 2020/21 වසර සඳහා සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් ඔක්තෝබර් 06 වන දිනෙන් පසුව නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ
    ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

    පසුගිය ජූලි මාසයේදී නිකුත් කළ ආරධනා පත්‍ර වටයේදී ද IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි.

    ඉංජිනේරු වෘත්තීන් සඳහා ද මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බව පෙනී යයි

    සංවාදයට
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mehemai mchn Australia wala inna unget job nati wena kota pitin minissu aran monawa karannada.dan oya 491 Visa aran migrate yanawa nam poddak hitala balanpn Adelaide wala IT walin giya ape aiya kenek eth jobs nati nisa miniha cleaning walata bassa habai eken minihata satis eth Lankawe pawule aya oya case eka danne na anit minissuta kiyanne australia wala software engineer kenek kiyala.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    Racism kiyanne un gahanna enne ne.eth kohe giyath godak welawata adu selakili tiyenne brown skin ekata.hotel ekakata giyath dora arinne ne.restaurent wala serve karanne ne ada gahanakan.oya wage scene
    ඕවා නවත්වන්ඩ බැ බන් අපේ උන් කොච්චර නැ කිව්වත් උන් brown skin උන්ව ගණන් ගන්නේ නැ
    රටකට යනවා නම් ගිහින් අපේ පාඩුවේ හිටියනම් හරි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන් නැතුව,
    ගොඩාක් සල්ලි තියනවා නම් ඉතින් සුද්දොත් සලකනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,383
    113
    ඕවා නවත්වන්ඩ බැ බන් අපේ උන් කොච්චර නැ කිව්වත් උන් brown skin උන්ව ගණන් ගන්නේ නැ
    රටකට යනවා නම් ගිහින් අපේ පාඩුවේ හිටියනම් හරි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන් නැතුව,
    ගොඩාක් සල්ලි තියනවා නම් ඉතින් සුද්දොත් සලකනවා
    Paduwe inna be ban.hema dekatama skin color eka balapanawa.
     

    Similar threads