එක්සත් අරාබි රාජ්‍යයේ රැකියා සොයාගත හැකි වෙබ් පිටු*
මේ සියල්ල මා විසින් පරීක්ශා කර බලා පලකරන ඒවා. ඒ නිසා මේ වෙබ් පිටු ප්‍රතිපලදායක බවට මම සහතික වෙනවා
1. https://www.hozpitality.com/
පාරිභෝගික සේවා සම්බන්ද රැකියා මුල් කරගත් වෙබ් පිටුවක් මේක. මේමගින් Hotels ,Retail ,Restaurant ,Travel Industry,Bars and Café ,Catering Companies ,Spa and Health Club,Airlines ,Cruises යනාදී රැකියා ඔබට සොයාගන්න පුලුවන්
2. https://www.bayt.com/en/uae/
මේ වෙබ් අඩවිය හරහා සියලුම ආකාරයේ රැකියා ඇබැර්තු වලට ඇප්ලයි කරන්න පුලුවන්
3. https://www.gulftalent.com/
ප්‍රදාන පෙලේ සියලුම සේවා සැපයුම් ආයතන (xerox, alshaya, nestle, G4S, al tayar, etc) මේ වෙබ් පිටුවේ සිය රැකියා ඇබෑර්තු පලකරනවා
4. https://www.indeed.ae/
මේ වෙබ් අඩවියේ ඔබට ජොබ් සර්ච් කිරීමට අමතරව රැකියා යෝජකයන්ට ඔබව සොයාගන්න පුලුවන් වෙන්න ඔබේ එකවුන්ට් එකක් / ප්‍රොෆයිල් එකක් හදාගන්නත් අවස්තාව දීලා තියෙනවා
5.https://www.linkedin.com/
මගෙනම් ප්‍රියතම වෙබ් පිටුව. ඔබ යම් විශයක ප්‍රවීන රැකියා නියුක්තිකයෙක්නම් ඔබේ ප්‍රොෆයිල් එක හොයාගෙන රැකියා යෝජකයන් ඔබට රැකියා යෝජනාවන් ගෙනේවි
6.https://dubai.dubizzle.com/
එක්සත් අරාබි එමිර් රාජ්යේ රැකියා විතරක් නොව භාවිතා කල වාහන සිට හැම දෙයක්ම විකුනන්න දැන්වීම් පලකරන සුප්‍රසිද්ද වෙබ් පිටුව. නමුත් ප්‍රවේසමෙන් තම තම නැන පමනින් වැඩ කටයුතු කරගන්න අවශ්යයි. උගුල් සහිත වෙබ් පිටුවක්
7.http://buzzon.khaleejtimes.com/ad-category/jobs-vacancies/
ඉතාම විශ්වාසවන්ත වගේම නිතරම අලුත් ජොබ් එකතුවන වෙබ් අඩවියක්
8.https://www.glassdoor.com/index.htm
අන්තර්ජාතික වෙබ් පිටුවක්. නමුත් එමීර් රාජ්ය තුල රැකියාද ඇතුලත්
9.https://www.efinancialcareers-gulf.com/
ඉහල වෘතිකයන්ට ඉහල වැටුප් තල සහිත රැකියා ලබාගන්න පුලුවන් වෙබ් සයිට් එකක්. ඔබට ප්‍රොෆයිල් එකක් සාදාගන්න වගේම් ඔබට රැකියා පිලිබද විස්තර නිතර ඊමේල් ලිපිනයට ලබාගන්නත් පුලුවන්
10.https://jobs.laimoon.com/uae
ඉතාම ඉහල ගුනාත්මක තත්වයේ රැකියා පලවන වෙබ් පිටුවක්. ඉහල වෘතිකයන්ට වඩාත්ම සුදුසුයි
ඔය මම දැම්මේ වෙබ් සයිට් 10ක් විතරයි. දැන් තේරෙනවා නේද සීවී ප්‍රින්ට් කරන් බෙද බෙදා හොරුන්ට ජොබ් මනි දීදී එක එකාට පූජා වට්ටි තියන්න ඕන නෑ අපිටම පුලුවන් ජොබ් හොයාගන්න..හැමදාම කියනවා වගේ ලංකාවේ හුගාක් අයට ජොබ් හම්බ වෙන්නේ නැත්තේ අයදුම් කරන ආකාරවල අඩුපාඩු නිසයි. නැතුව එක්සත් අරාබි එමිර් රාජ්යයේ රස්සා නැතිකමට නෙමේ
Thank you very much.really very important