ඔන්න ඉතාලි මාෆියාවේ හිටපු එක ගෝඩ්ෆාදර් කෙනෙක් ,
ඒ කියන්නෙ ලොක්කෙක්.
මේගොල්ලො සල්ලි හොයන්නෙ ගොඩාක් කප්පම් ඉල්ලලා.
අපරාධ ලොක්කෝ ගොඩාක් වෙලාවට ඔහොම හොයන සල්ලි ගැන
පොත් වල එහෙම සටහන් තියන්න සහායකයෙක් ,
ඒ කීවේ බුක්කීපර් කෙනෙක් තියා ගන්නවා.
මම කලින් කීව මාෆියා ලොක්කා මේ වැඩේට තෝරා ගත්තෙ බීරි පුද්ගලයෙක්ව.
ඒක සමහර මාෆියා ලොක්කො කරනවලු.
මොකද ඔහොම කොච්චර ලගින් කටයුතු කරත්
තමන්ගෙ රහස් කතා ඇහෙන්නෙ නෑනෙ.
පොලිස් කේස් වලදි කචල් අඩුයි.
සල්ලි ටික දුන්නම ඒවා ගණන් කරලා , පොතෙ ලියලා ,
සල්ලි තැන්පත් කරන තැන ඒවා ටික තැන්පත් කරන්න කියලා
බීරි මනුස්සයට එක පාරක් සංඥා ක්‍රමේට කියලා දුන්නම ආයෙ හැමතිස්සෙම කියන්න ඕනෙත් නෑනෙ.
ඔන්න දවසක් මාෆියා ලොක්කට දැන ගන්න ලැබුණා ,
අර කීව බීරී සහායකයා යුරෝ මිලියන දහයක මුදලක වංචාවක්
තමන්ට කරලා තියෙනවා කියලා .
මාෆියා ලොක්කා බීරි මිනිහව එවෙලම මරන්න තිබ්බා.
ඒත් ගාණ ලොකුයිනෙ. එකට මොකද උනේ කියලා හොයන්නත් ඕනෙනෙ.
මාෆියා ලොක්කා තමන්ගෙ තව සහයකයෙකුට එන්න කීවා.
මොකද ඒ මිනිහා සංඥා භාෂාව හොදට ප්‍රගුණ කරපු කෙනෙක්.
" අහපන් මුගෙන් මගෙ සල්ලි හැංගුවේ කොහෙද කියලා "
මාෆියා ලොක්කා අරූට කීවා.
ඒ මිනිහත් සංඥා ක්‍රමයට ඒක බීරි මිනිහගෙන් ඇහුවා.
බීරී මිනිහා සංඥා ක්‍රමයට කීවා තමන් ඒක ගැන කිසිදෙයක් දන්නේ නැති බව
" ඌ දන්නෙ නෑලු බොස් "
මාෆියා ලොක්කා පිස්තෝලෙ අතට ගත්තා
" කියපන් , මේ අහන අන්තිම වතාව , නැත්තම් ඌට වෙන්නෙ මැරුම් කන්න කියලා " මාෆියා ලොක්කා අණ කලා.
අරුත් ඒක බීරි මිනිහට කීවා.
ඒ පාර බීරි මිනිහා බය වෙලා තමන් ඒක කරපු බව අර මිනිහට සංඥා ක්‍රමයෙන් කියලා පිලිගත්තා.
" හරි හරි බොස්ට කියන්න මම ඒදෙ කරපු බව පිලි ගන්නවා .
මාව මරන්න එපා කියලා. සල්ලි තියෙන්නෙ කහ පාට සූට්කේස් එකක.
ඒක හන්ගලා තියෙන්නෙ මගෙ මස්සිනාගෙ ගෙදර පිටිපස්සේ වත්තේ තියෙන එකම ගහ ලග පොලවේ "
" මොකද්ද ඌ කියන්නේ " මාෆියා ලොක්කා අර මිනිහගෙන් ඇහුවා
" බොස්ට ඌව මරන්න තරම් හයියක් නෑලු "