iwan paulusha mp3 download

Mar 7, 2013
111
13
0
ඉවාන් පවුලූෂා



දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහඩිය ගැලුවට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ





Mp3 Download
CLICK HERE



මේ සිංදුවේ තේරුම ගැන ගීත විචාරයක් එහෙම එලකිරි එකේ පලවෙලා තියනවානම් පොඩ්ඩක් ඒ ලින්කුව දෙන්න මචෝ

:D:D:D:D:D:D:D
 
Last edited:
Mar 7, 2013
111
13
0
ලස්සන සිංදුවක්,එකාලේ නම් නිතරම ගියා,දැන් පෙන්නවත් නැ,saslitt අයියාට විචාරයක් දන්න කියමු 2+

මාත් කාගෙන් හරි විචාරයක් බලාපොරොත්තු වෙනවා
කට්ටිය දැන් බිසී ඇති:D