J.A. Milton Perera | ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සිංහල සංගීතයේ ශෝකාලාප හඬ කියල තමයි ඕං මට හිතෙන්නෙ. මතක නැත්තං මේ තමයි චලක චමුපති හා ප්‍රියංකර යන චරිත යුගලේ ආදරණීය පියා. විකියෙ හැටියට මිල්ටන් පෙරේර මහත්තය ඉපදිල තියෙන්නෙ 1929. මැරුන නං මට මතකයි. මට හයයි ඒ වෙද්දි. අහන්නෙපා උඹට කොහොමද ඕව මතක කියල. තාත්තා කිවුව වගේ මතකයක් තමයි තියෙන්නෙ. අපේ තාත්ත හොඳ මිල්ටන්, ජෝති රසිකයෙක්. මිල්ටන් මැරුනෙ 91 දි. හරි ඔව්.. මම 85 තමයි උපන්නෙ!
මෙයා ගැන අහල නැත්නං ඉතින් ඉඳල වැඩක් නැත.
මුලින්ම මිල්ටන් පෙරේරා පටන්ගත්තෙ තබ්ලා වාදකයෙක් විදියට. මිල්ටන් ගෙ තාත්තගෙ කාඩ් එක තමයි "තබ්ලා පොඩි අප්පුහාමි". බොහොම තනු හින්දි අනුසාරයෙන් සැකසුන අනුකාරක ගී කිවුවත් මිල්ටන් ඒවට දුන්න අලංකාරය නම් කියල නිම කරන්න බැරි තරම්. ඕව ගැන එක සැරයක් අපි බොහොම දරුණු මට්ට්මේ සංවාදයක් කර කර ඉන්නකොට, මට එකපාරට මෙන්න මෙහෙම හිතුනා.
මගේ පාඨක රැල සමහර විට දන්නව ඇති මේ මිල්ටන් ලගෙ ජෝති ලගෙ සින්දු වල හින්දි වර්ශන් ආවෙ 1950-1975 කියන කාලෙ. දන්නෙ නැත්තං දැන් දන්නවනෙ. ඒ ගීත වල මේන් වෝකල්ස් කලේ ඔය ජනප්‍රිය පොප් සෙට් එකේ හින්දි ගායකයො. කියන්න බලන්න කීප දෙනෙක්. ඔව්.. ඒක නොදැනගෙන ඉන්නෙ කොහොමද? හේමන්ත් කුමාර්, කිශෝර් කුමාර්, සුමන් කල්යාන්පුර්, ශංකර් ජයකිශන්, මොහොමඩ් රාෆි, මුකේශ් .. ඔය ඉන්නෙ රැලට. ඒ අය තමයි ඉතින් සින්දු කිවුවෙ. මම අහල තිබුන අර ඒවයෙ "අලංකාර" එහෙම නැත්තං "ඕනමන්ට්ස්" කෑලි තියෙන්නෙ. අර ආ.. ආ.. ලා..ලලලා ගාල නලවල දෙන්නෙ. ඒව කියන්න ඉන්දියාවෙ හෙන රාගධාරී ඔස්තාද් ල තමයි සෙට් කරන් තියෙන්නෙ. මොකද අර පොප් සෙට් එකට චඩා හොඳට ඒව ඒ අය කියන නිසා.
ඒත් අපේ රටේ... ජෝති, මිල්ටන් ඕව නිකන් හිටගෙන ගේමක් නැතුව ඇරල දානවනෙ. ඒකනෙ ටැලන්ට් එක කියන්නෙ. ජෝති, මිල්ටන් දෙපලම සංගීතෙ ඉගනගෙන නෑ.
මිල්ටන් පෙරේරා ගෙ හඩ ගොඩක් වෙලාවට සෙට් උනේ ජෝ අබේවික්‍රම මහත්තයගෙ බොඩිය එක්ක. සාරවිට චිත්‍රපටය මතක ඇති කියල හිතනවා කට්ටිය ගෙන් කීප දෙනෙක්ට හරි. ඒක මතක නැතත් අර ලක්ස ගනන් වස්තු ලැබී සින්දුව මතකද? ඒක කිවුවෙ මිල්ටන්, සීටී, හා ඇන්ටන් රොඩ්රිගු මහත්තුරු. මේ අනිත් දෙන්න ගැනත් ලියන්නයි ඉන්නෙ. ගොඩක් ඒව මට අමතක වෙලා ගිහිල්ල තියෙන්නෙ. බලමු.
ගාමිණි ෆොන්සේකත් බූට් එකක් කාරිය කෑවම, මිල්ටන් එක්ක නියමෙට මැච් උනා. ටෝනි රණසිංහට, විජය කුමාරතුංගට.. තව ඉන්නවා.. ඇයි ආනන්ද ජයරත්න!
සාරවිට කියන්නෙ මිල්ටන්ගෙ පීක් ටයිම් එකේ හිට් වෙච්ච එකක්. ගාමිණී ෆොන්සේකට ධීවරයෝ චිත්‍රපටයෙන්.. අගාධ සාගරයේ ඈත දියේ.. මතකද? කේ. ඒ .ඩබ්. පෙරේරා මහත්තයගෙ බයිසිකල් හොරා..අහන්න මගෙ හොඳ පුංචි පුතේ..
මතක නෑ මයෙ හිතේ නේද! මටත් හරියට අනිත් ඒව මතක නෑ නෙව !
මෙන්න දැන් ඔලුවෙ තියෙන මිල්ටන් පෙරේරාස් හිට්ස්!
ඇස රැඳුන රැඳුන තැන්වල
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ..
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ....
මේ ජීවනයේ..
ඔබේ ප්‍රේම නගරේ...
අමාපානියේ ...
සිකුරු ලියා....
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ...
නෙලන්න බැරි මල් අතුඅග මොටද පිපෙන්නේ...
නිදහස් කාහල නාදය රැව්දේ හෙළදිව අඹර පුරා...
ඔබ තරමට මා නැලවූ....
පෙම් අප්සරාවෝ....
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ...
සිරි සාර බුලත්...
සොබා අලංකාරේ මූනේ..
උම්බෑ කිය කියා...
සිහින දෙව්දුවේ..
දෙතුන් වතාවක්....
කල්යානියෙ ඔබ නෑසූ ...
කල්යාණියේ මංගලම්...
කියන්න කවුද ඔබ කියා...
මහ ගණ වනන්තරේ ...
මගේ නයනාවී...
දෙව් දුව පලා ගියාදෝ...
සඳේ අනන්ත රම්‍ය සිසිල් රැස් නිවී ගියා...
සුර ලෝකේ මං සක්කර දෙයියෝ...
සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා...
සන්සුන් රුවන් හද මන්දිරයේ ....
ඔබ වේවා වේවා පහන මගේ...
ඇති නේද.. තව මතකද කට්ටියට.. මට දැන් ඇති වගේ.. වෙලාව රෑ දෙකත් පහු! පහලින් ගහල යන්නකො.. මීඩියාෆයර් ලින්ක් තියේ නං එල!!
එහෙනං මේක ඉවර කරමු නේ.. මිල්ටන් ගෙ මට හිතෙන සුපර් ම ලව් සින්දුවෙන්.. කරුණාරත්න අබේසේකරගෙ පද වලට මිල්ටන් හා මල්ලිකා කහවිට...
මතකද මේකෙ වීඩියෝ එක! මට නං මතකයි.. අර මිල්ටන් පෙරේරා නිකන් කෝපි කඩේ වගේ එකක් ඇතුලෙ ඉඳගෙන කියන්නෙ. රූපවාහිනියෙ ගියා ඉස්සර.
අහන්න සඳ කිරණින් පැලට ඔබේ... J.A. Milton Perera And Mallika Kahawita – Sanda Kiranin Pelata Obe
සඳ කිරණින් පැලට ඔබේ එලිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා
කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
මහ නිලයක බලතල ගැන ගැන මගෙ සිත බිඳුනා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුනු මට ඔබෙ අත ලැබුණා
කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
සිටුවරු රජවරු කුලවතු අප දෙස බලලා
හිනැහේ අද අපහට උන් කුලමල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වැල් බැඳ මහමග බැස යමු අපි දෙදෙනා

Last edited: