Jack_ගහලා_ඉවරයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලබන 8 වන දා සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි

    COLOMBO (News 1st) – කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.

    පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කෙරෙනු ඇති.

    දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 මේ සඳහා තෝරා ගෙන ඇති බව ය.

    මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය වසර කිහිපයකට පෙර නවතා දැමිණි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    dan ithin office gihilla wedak ne.office yanna tibba ekama athal ekath ivarai.more depressed sinhalu
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කැමතිනම් යන්නත් අකමරති නම් නොයන්නත් පුලුවන් ඇති.